(දයාරත්න ඇඹෝගම)
දෙමළ භාෂා ප්‍රවීණතා කඩඉම් පරීක්ෂණයට ඉදිරිපත් නොවිම නිසා දිවයිනේ පාසල්වල විදුහල්පතිවරු 4800 කට උසස්විම් අහිමිවි ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.
පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරු 800 කටත් දෙවැනි සහ තුන්වැනි ශ්‍රේණියේ විදුහල්පතිවරු 4000 කටත් මෙසේ සිය උසස්විම් අහිමිවි තිබේ.
මෙම විදුහල්පතිවරු දෙමළ ප්‍රවිණතා කඩඉම් පරික්ෂණයට ඉදිරිපත් නොවිම නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඔවුන්ගේ උසස්විම් 2008 වසරේ සිට අත් හිටුවා ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසිය.
දිවයිනේ පාසල්වල විදුහල්පතිවරු සඳහා දෙමළ භාෂාව පිළිබඳව පැය 100 ක පුහුණු පාඨමාලාවක් හැදැරිම සදහා අවස්ථාව ලබා දෙන ලෙස ජාතික එකාබද්ධ සහ භාෂා අමාත්‍යාංශය වෙතින් තම සංගමය ඉල්ලිමක් කළ බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මොනවද සැර්. අපි පොලිසියේ අවු 25ක් ඉක්මවු එකම නිලයේ ඉන්නවා 40000 පමණ එයාලගෙ වගේ පිකටින් නෑ වැඩ නොකර ඉන්නෙත් නෑ බදවාගත් තනතුරේන් පෙන්ෂන් යන්නෙත් කවදාවත් අපි පිකටින් නැහැ.