IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුහල්පතිවරයකු ඉල්ලා මහ ඇමති කාර්යාලයට කඩා වදිති

(පාලිත ආරියවංශ)
මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල අධ්‍යාපන කලාපයට අයත් ඉගිනියාගල ඩී. එස් .සේනානායක විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියෝ පිරිසක් ඌව පළාත් සභාවට අද(24) හිටි හැටියේ කඩා වැදුණහ.

අද ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ මහජන දිනය වන බැවින් ඉගිනියාගල සිට කි. මී. 150 ක් පමණ දුර ගෙවා කුලියට ගත් බස් රථයිකන් ඔවුන් බදුල්ලට පැමිණ තිබේ.

එම අවස්ථාවේ එහි රැඳී සිටි ප්‍රධාන අමාත්‍යවරයා  මේ පිරිසට ප්‍රමුඛතාවය දී ඔවුන්ගේ ගැටලුවලට සවන් දුන්නේය.  
එම විද්‍යාලයේ වසරකට වැඩි කාලයක සිට විදුහල්පතිවරයෙකු නොමැතිකමින් විදුහල පරිහානියට පත්ව තිබෙන බව දෙමාපියෝ පැවසුහ .

මේ ගැටලුව මීට පෙර යොමු කළ අවස්ථාවේ දී ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් මත 2017 ජනවාරි මස සිට විදුහල්පතිවරයෙකු පත් කළත් මේ දක්වා ඔහු වැඩ බාරගෙන නැතැයි ඔවුහු අවධාරණය කළහ. වෙනත් විදුහල්පතිවරයෙක් නොමැති නම්  ප්‍රථමික අංශයේ  අංශ ප්‍රධානී ගුරුවරයා විදුහල්පති ලෙස පත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ .



අදහස් (0)

විදුහල්පතිවරයකු ඉල්ලා මහ ඇමති කාර්යාලයට කඩා වදිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site