රංජන් කස්තුරි
විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය කළේ වැරදි ප්‍රකාශයක්. අගමැතිතුමා ජනාධිපතිවරයා සමඟ කතාකර ඒ පිළිබඳව නිවැරදි තීන්දුවක් ගනිවී යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
එහිදී ජනමාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න හා ඒවාට ඇමැති රාජිත සේනාරත්න මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය - රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයක් පිළිබඳව මුළු රටේ අවධානය යොමුවී තිබෙනවා ඒත් ආණ්ඩුව නිශ්ශබ්දයි.
ඇමැති රාජිත සේනාරත්න - නිශ්ශබ්ද නැහැ. ඒ ගැන සොයා බලන්න අවශ්‍ය පරීක්ෂණ කරන්න ඕනෑ. තමුන් වහන්සේලාට හදිස්සි වුණාට මේවා කරන ක්‍රමවේදයක් තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීරණයක් ගනීවි කිවුවේ? තීරණයක් ගනීවි නොව තීරණයක් ගත යුතුයි
මේ කතාවට නිකම්ම ලිස්සල යන්න දෙන්න පුලුවන්ද? රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මේ කතාව කල හැකිද?
ඒක මතයක් පමණයි. වැරදී වුනත් නිවැරදී වුනත් තමන් කැමති මතයක් දරන්න ඕනැම අයෙකුට අයිතියක් තියෙනවා. ඒ මතය ක්‍රියාත්මක කිරීමේදි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරනවා නම් පමණයි ඔහුට හෝ ඇයට විරුද්ධව නීතීය ක්‍රියාත්මක කරන්න හැකි වෙන්නේ.