සටහන සහ ඡායාරූප - ක.ග කරුණාරත්න
මාදුරු ඔය ජාතික වනෝද්‍යාණයේ මහඔය ප්‍රදේශයේ සිදුකළ මහාපරිමාණ තේක්ක දැව ජාවාරමකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෝ 05 දෙනෙකු සමඟ රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා තේක්ක දැව කඳන් 200 කට අධික තොගයක් අද(09) අලුයම 1.00 ට පමණ අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු කියති.
දැව කඳන් ප්‍රවාහනය කිරීම සඳහා මොවුන් විසින් රැගෙන විත් තිබූ බව කියන ලොරියක් වනජීවී නිලධාරීන් එම ස්ථානය වටලන විට පලා ගොස් තිබේ.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අයත් මහඔය කොට්ටුගස්වල කොටසේ පිහිටි මෙම තේක්ක ගස් කපා ප්‍රවාහනය කිරීම සැකකරුවන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ ඉතාමත් රහසිගතව සිදුකොට ඇති බව විමර්ශනවලදී හෙළිවූ බව වනජීවී නිලධාරීහු කියති.
අත්අඩංගුවට පත් සැකකරුවන් මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද අනාවරණය වී ඇත.
මෙම දැව ජාවාරමට ඇතැම් වනජීවී නිලධාරීන්ගේ සහ ආරක්ෂාක අංශවල සහය ලැබී තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයිද ඒ පිළිබඳව සොයා බලන බවද විමර්ශන කටයුතු සිදුකරන වනජීවී නිලධාරීහු සඳහන් කළහ.



2025 දෙසැම්බර් මස 18
679
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 20 ක තේක්ක සමග 5 ක් අල්ලයි
Pradeep Liyanage Sunday, 10 December 2017 03:01 AM
දැව ජාවාරම් කරුවන් කවුරු වුනත්, කොහේ වුනත් අත්අඩංගුවට ගත යුතුය. වන විනාශයේ ප්‍රතිපල ඉතාමත් හොදින් අපි පසුගිය කාලයේ භුක්ති වින්දෙමු. මේ ලෙසටම විල්පත්තු රක්ෂිතයේ සිටින වන විනාශ කරුවන්වත් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකිවේවා!!