සුජිත් හේවාජුලිගේ
ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කොරියාවේ කිම් ජොන් උන් එකතු වුණා සේ ශ්‍රී ලංකාවේ ට්‍රම්ප් - කිම් ජොන්ලාත් ලබන දෙසැම්බරයේ එකතුවන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඒ විවාහයේ කපුකම තම කණ්ඩායම කරන බවද ඔහු කීය.
අබේවර්ධන මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසේ දී අද (14) උදේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දීය.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එහිදී මෙසේ ද පැවසීය.
‘අප ඊළඟ ජනාධිපතිවරණයට යන්න ඕනෑ මහින්ද අගමැති පුටුවේ ඉන්දවලයි. 2020 දී අපේම ආණ්ඩුවක් පිහිටුවා ගැනීම අපේ අරමුණයි. ඒ සඳහා සියලු ප්‍රගතශිලි බලවේග එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.’
ඡායාරූප - චතුර එස් කොඩිකාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බම්බුව තමයි
එකතුවෙයිද? එක්කෙනෙකුගේ බෙල්ල දියරෙද්දෙන් කපන්න නේද ඔය උත්සාහ කරන්නේ?
කාලෙකට පස්සේ ආයෙත් කළ එළි බැහැලා.ඕන්න ගල් පැලෙන බොරුයි, සුරංගනා කතායි කියන්න පටන් අරන්.16 කල්ලියත් එක්ක කොරල දාන්න තමයි හදන්නේ. මේ අයට මොකක් හරි කරන්න බැරි දෙයක් කියල විශ්වාසභංගය නිසා භංගවී ගිය මේ කට්ටියගේ කපටි සැලසුම් ක්‍රියාත්මක කරන්නයි මේ දඟලන්නේ.ඕවා ඔක්කොම පුස් වෙඩි විතරයි. මෙන්න මේ වෙලාවට තමයි " අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නහී " කියන කියමන මතක් වෙන්නේ.
ඔයාල යන්න අපි වෙනුවෙන් කතා කරන්න එපා. ඔයාල රටට කරන දෙයක්වත් කරපු දෙයක්වත් නැ. 16 දෙනා එලියට අවේ පුංචි ඡන්දෙ ප්‍රතිපල බලල නේද . ජනතාවගේ සල්ලි වලින් රට කරවනවා හැර ඔයාල ගෙදරින් ගෙනල්ල කරන දෙයක් නැහැ. අත අලියා පොහොට්ටුව ඔක්කොම එකයි . ජනතාවගේ සල්ලි සුරගන කනවා හැර වෙන කරන දෙයක් නැහැ. මම මෙහෙම කියන්නේ මම පිටරට ජීවත් වෙන හින්ද වෙන රටවල් කරන දේවල් පෙනෙන හින්ද. අවාසනාවට ලංකාවේ මිනිස්සු දන්නේ නැ තවම තණකොළ කනවා.
වැටුපක් නොගෙන තම මව්බිබ වෙනුවෙන් සේවය කරන ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සහ, ලෝක බලවතුන් ඉදිරියේ දන නොනමා තම රටේ අභිමානය ලොවටම පෙන්වූ කිම් ජෝන් අන්, යන වැදහත් මහත්වරුන්ට මේ කොහෙවත් ඉන්න අය ආදේශ කොට සංසන්දනය කර, ඒ වැදගතුන්ට අපහස නොකර ඉන්න ඇමති තුමෝ.
දවල් හීන දකිනවා. මේ අයට තවත් බලාපොරොත්තු තියෙනවා එහෙනම්.
යහපත් අයනම් එකතු වෙන එකක් නැහැ .
කව්රු එකතු උනත් අන්තිමට වරදින්නේ අපිට තමා...
ට්‍රම්ප් සහ කිම් මෙහේ නැහැ. ඒ වගේ අයත් නැහැ. බැසිල්,ජීඑල් වගේ පොහොටුවේ බලවත් අය කියන්නේ ඔය දෙපැත්තට කකුල් දෙක තියාගෙන ඉන්න අයට තැනක් නැහැ කියලයි. පක්ෂයේ බලවත් අය එසේ කියද්දී මේ කට්ටිය වෙනත් නොකළ හැකි ප්‍රායෝගික නොවන සිහින දකිනවා.
අයියෝ ඒ නියම මොලනේ
එකතු වුණා කියන්නකෝ පස්සේ දෙගොල්ලොම දෙපැත්තට බෙදිලා බැන ගනී අපි වගේ මෝඩයෝ ඉන්න රටක් තවත් නැතිව ඇති.