(මනෝප‍්‍රිය ගුණසේකර)
සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන 24 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා තීරණය කළේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාගේ පෞද්ගලික හේතුවක් මත නඩු විභාගය කල් තබන්නැයි කළ ඉල්ලීමක් පිළිගනිමින් නඩුව විභාගයට ගැනීම ලබන 24 වැනිදා තෙක් කල් තැබීමට තීරණය කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නේය.
2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම් වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා ඇත.
ඒ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් නීතීඥ කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට පෙනී සිටින ජනාධිපති නීතීඥවරයාගේ පෞද්ගලික හේතුවක් මත මෙම නඩුවේ විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් නීතීඥවරයකුගේ පෞද්ගලික හේතුවක් මත මෙම නඩුවේ විභාගය වෙනත් දිනයකට කල් තැබීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයිද කෙසේ නමුත් මෙම නඩුව විභාගයට ගැනීමට දින නියම කරන්නැයි ද ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු පිළිගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරුයා මෙම නඩුව ලබන 24 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ රන් මාල සම්බන්ධ නඩුවක් කියලා. රට බේරාගත්ත, රටට විශාල සේවයක් කල මේ අයට ඇයි මේ තරම් කෙනහිලිකම් කරන්නේ... ?
ආයෙත් සර්පයා ගහල ඇති .... එහෙනම්
" නඩු විභාගය කල් තබන්නැයි කළ ඉල්ලීමක්" ලජ්ජා නැත්ද ? නයෙක් දෂ්ට කලාද? නීතීඥවරයාගේ පිට දාලහරි තව ටිකක් කල් ගත්ත නේද. මාධ්‍ය ඉස්සරහ හැමදාම ඔය රෝහිතලා කෑ ගහන්නේ අපි බය නැහැ, අපි බය නැහැ කියල නේද? අර රවීලා, මලික්ලා, කබීර්ලා වගේ කියපු ගමන් ඉස්සහරට ඇවිල්ල උත්තර දෙන්නකෝ....
මෙම නඩුව මෙතරම් කාලයක් ගතවීමත් රජය වගකිව යුතුයි. එම නිසා මෙය වංචාවෙන් තොරව ඉක්මණින් විසඳුමක් ලබා දීමට කටයුතු කරන්නේ නම් ඉතාමත් කාලොචිත වේ. මෙම මුදල් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ලබාදුන් මුදල් බව මුළු ලෝකවසින්ම දන්නා දෙයක් වන නමුත් මෙය ඔප්පු කිරීමට උසාවියට මෙතරම් කල් ගතවීම ප්‍රශ්නයකි.
රටේ බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍රවී ඇති, දඬුවම් අපේක්ෂා කෙරෙන, මෙවැනි නඩු යම් යම් නීතිඥයින්ගේ පුද්ගලික වුවමනාවන් මත කල් දැමීම අධිකරණය ගැන මහ ජනතාව තුල සැකයක් ඇතිකරවන විහිළු සහගත වැඩ බව හැඟේ. එකක් නොව, දේශපාලකයින්ට එරෙහි නඩු බොහොමයක් විභාග කිරීම් මෙලෙස ඇදී යෑම ගැන ජනතාව කතා කරන්නේ බලවත් කලකිරීමෙන් බව පෙනේ. රජය අපහසුතාවයට පත් කිරීමේ උත්සාහයක නියැලෙන බවටද ජනතාව තුල ආකල්ප ඇතිවෙමින් පවතින බව පෙනේ.
අනේ මෙයා අහිංසකයි. රත්තරන් මාල කඩා ගෙන දුවන දුම්රියෙන් පැනපු එක විතරයි කලේ.
මෙයා 8 පාස් නැති වුණාට මෙයා වරාය ඇමති වෙලත් හිටියා නේද?
නඩු ඇසීම ඉක්මන් කරන්න. හොරුන්ට දෙන අධිකරණ තීරණ දිහා ජනතාව බලාගෙන ඉන්නේ.