IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘රවීන්ද්‍ර විජේගුණරත්න පැමිණි විගස ප්‍රශ්න කරන්න සූදානම්’

නිමන්ති රණසිංහ

 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ විදෙස් සංචාරය නිම කර මෙරටට පැමිණි පසු ඔහුගෙන් ප්‍රශ්න කිරිමට සූදානම් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ප්‍රකාශ කළේය.

පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු අනාවරණය කළේය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපතිවරයා මෙරට නියෝජනය කරමින් මෙක්සිකෝ රාජ්‍යය වෙත ගොස් ඇති බවත් ඔහු නැවත මෙරටට පැමිණි පසු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගන්නා බවට ද මෙහිදී වැඩිදුරටත් සඳහන් විය.

මෙම සිද්ධීයට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නේවි සම්පත් නොහොත් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි  ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග නිකුත් කළේය.



අදහස් (5)

‘රවීන්ද්‍ර විජේගුණරත්න පැමිණි විගස ප්‍රශ්න කරන්න සූදානම්’

පිටිගල මිලානෝ Wednesday, 12 September 2018 05:55 AM

මෙවැනි බරපතල අපරාධයක් සම්බන්ධව ප්‍රශ්න කිරීමට නම් කල යුත්තේ වහාම මෙරටට ගෙන්වීමයි............

:       128       123

kekille Wednesday, 12 September 2018 06:31 AM

ආපහු ආවොතින්නේ ප්‍රශ්න කරන්නේ.

:       0       23

Uditha - Abu Dhabi Wednesday, 12 September 2018 10:30 AM

අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ කියලා පොඩි කාලේ අපේ ආච්චි අම්ම මට ප්‍රස්ථා පිරුලක් කියලා දීලා තියෙනවා..

:       0       2

dias Wednesday, 12 September 2018 11:44 AM

දෙකේ පන්තියේ ළමයෙකුට වුණත් තේරෙනවා වර්තමාන රජය මේ සියල්ල සිදුකරන්නේ රාජපක්ෂවරුන්ගේ අනුදැනුම ඇතිව කියා... මේවා නිකම් මාධ්‍ය සංදර්ශන පමණයි.

:       0       2

lalith Wednesday, 12 September 2018 12:33 PM

මුහුණ බලාගෙන ලඟින් තියාගෙන අතගගා ප්‍රශ්න කරන්න ඕනෑම නම් එනකල්ම ඉන්න වෙනවා.... නැතිනම් ඔය ටෙලිෆෝන්, ස්කයිප් අරවා, මේවා තියෙන්නේ ප්‍රශ්න කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site