(සුජිත් හේවාජුලිගේ)
බොදුබල සේනා සංවිධානයේ සාමාජිකයෝ පිරිසක් අද (14) මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු හමුවූහ.
සිරදඬුවම් නියමව සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විශේෂ පොදු සමාවක් ගැනීම සඳහා මැදිහත් වන්නැයි ඉල්ලීමට ඔවුන් මහනායක හිමිවරු මෙසේ හමුවූ බව බොදුබල සේනා සංවිධානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළියේ සිටිය යුතු අය ඇතුලේ. ඇතුලේ සිටිය යුතු අය එළියේ. ඕක තමයි ලංකාවේ දේශපාලනය සහ නීතිය. ලංකාවේ ජීවත් වෙනවා නම් මේ ගැනත් දැනගෙන සිටිය යුතු වෙනවා. ඔබ වහන්සේට ආගම ජාතිය ගැන දැනෙන තරම දේශපාලුවන්ට දැනන්නේ නැහැ.
පුදුම රටක් මේක. ලංකාවේ නීතියක් නෑ, නීතිය බල්ලට ගිහිල්ල කියපු උදවිය, නීතිය ක්‍රියාත්මක වෙනකොටත් කගහනවා රටේ නීතියක් නෑ කියල. රටේ පොදු නීතිය කඩපු කෙනෙක් දඬුවම් ලබනකොට ඔහුගේ ඇඳුම හෝ නිල ඇඳුම දිහා බලලයි මේ උදවිය යුක්තිය, යුක්තිය තීරණය කරන්නේ.
ඥානසාර ස්වාමීන් වහන්සේ සැබෑවටම සටන් කළේ රට ජාතිය ආගම වෙනුවෙන් නම් ගරු අධිකරණ තින්දුවට හිස නමා නියමිත කාලය සිරගතව සිටීම අති ගෞරවාන්විතයි. එය රට ජාතිය ආගම වෙනුවෙන් කෙරෙන ඉහළම ගෞරවයයි. ඒ වගේම සාඩම්බරයක්. මේ විදිහට සමාව අයැදීම තුළින් සිදු වන්නෙ ඥානසාර ස්වාමීන් වහන්සේ මෙතෙක් ගොඩනඟා ගෙන සිටි පෞරුෂය සිඳී යාමයි.
පුජ්‍ය පක්ෂය සමාජ කුලකවල ඉදිරියෙන්ම සිටින පිරිසකි. එසේම ලෞකික ජිවිතයෙන් ඈත්ව ආධ්‍යාත්මික නිවීමක් සඳහා පිළිවෙත් රකින කොටසක්. රට, ජාතිය, ආගම වෙනුවෙන් කියමින් අන් මත දරන්නන් අපහසුවට පත්කිරීම වැරදිය. ගරු අධිකරණය දඩුවම් නියම කලේ රටේ සාමාන්‍ය නිතිය ඉක්මවාගිය නිසාය. සමාව යදින්නේ වරදක් කල බව පිළිගන්න බැවිනි.