බිඟුන් මේනක ගමගේ
ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ සීමිත තරග විභාගයේ සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම විභාගයට පෙනී සිට ඉහළම ලකුණු ලැබූ අපේක්ෂකයෝ පිරිසක් පැවසූහ.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ ඉල්ලීමක් පරිදි ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ සීමිත තරග විභාගයේ සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටු වූ බව රාජ්‍ය සේවා කොමිසම දැන් වූ බවත් මෙය නීතිවිරෝධී බවත් එම අපේක්ෂක පිරිස පැවසූහ.
ලිඛිත පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබා සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබූවන්ගේ ලැයිස්තුව පසුගිය ජූලි 6 වැනි දා රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව එකී අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරනු ලැබුවේ රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලැබීමෙන් පසුව යැයි ඔවුහු කීහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 (ඇ) (1) ව්‍යවස්ථාව අනුව රාජ්‍ය සේවා කොමිසමේ තීන්දු අභියෝගයට ලක්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට නොහැකි යැයි ද එනිසා මෙසේ සම්මුඛ පරීක්ෂණ අත්හිටුවීමට කළ ඉල්ලීම ව්‍යවස්ථා විරෝධී යැයි ද ඔවුහු පැවසූහ.
ලංකා පරිපාලන සේවයේ පුරප්පාඩු 46ක් සීමිත ප්‍රවාහය ඔස්සේ සම්පූර්ණ කිරීම සදහා පසුගිය වසරේ ඔක්තෝබර් 8 හා 14 යන දෙදින මීට අදාළ ලිඛිත පරීක්ෂණය පැවැත් වුණු අතර එයින් ඉහළම ලකුණු ලබා සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබූවන්ගේ ලැයිස්තුවක් පසුගිය ජූලි 6 වැනිදා රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව එකී අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙරිණි.
ඉන්පසුව මෙම ලිඛිත පරීක්ෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු පැමිණිලි මත අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝගයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ ගැන රාජ්‍ය සේවා කොමිසමට දන්වා තිබිණි.
මේ අතර අදාළ ලිඛිත පරීක්ෂණයෙන් සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබූවන් පිරිසක් මෙසේ විමර්ශනයක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට බලයක් නැතැයි ද එය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලය අභියෝගයට ලක් කිරීමක් යැයි ද පවසමින් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට ලිඛිතව පැමිණිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරිපාලන සේවා සම්මුඛ පරීක්ෂණ අත්හිටුවීමට එරෙහිව අපේක්ෂකයෝ නඩු මගට