(ගයාන් සූරියආරච්චි)
රෝගාතුරවී සිටින ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්තට ප්‍රතිකාර කිරීම පිණිස ඔහුගේ සංගීතයෙන් සහ ගායනයෙන් ජනප්‍රියත්වයට පත්වූ ‘ඔබ මා හදින් සැගවී නොයන්’, ‘ඔබ හා ගෙවූ අතීතේ’ යන ගීත දෙක වැඩිම මුදලකට විකිණීමට බලාපොරොත්තු වන බව ප්‍රින්ස්ගේ නැගණිය ශිරෝනි ප්‍රියංගිකා ප්‍රනාන්දු පැවැසුවාය.
මේවන විට ප්‍රින්ස් වෙනුවෙන් විශාල මුදලක් වැය කර ඇති අතර ඉඩකඩම්, දේපළ පවා විකුණා තිබේ. ප්‍රින්ස්ගේ ජීවිතය කෙසේ හෝ ගොඩගැනීම පිණිස මෙම තීරණය ගත්බව ඇය පැවැසුවාය. මේ ඇය තවදුරටත් දැක්වූ අදහසයි.
‘‘අයියා අසනීප වෙලා ආර්ථික වශයෙන් අපි කඩාවැටිලා ඉන්න අවස්ථාවක අයියාගේ ඉතා ජනප්‍රිය ගීත ප්‍රසිද්ධ වේදිකාවේ මුදලට ගායනා කරන ප්‍රසිද්ධ ගායකයන් ගැන මට දැනගන්න ලැබුණා. මා ඒ ගැන කනගාටු වෙනවා. අයියගේ ප්‍රතිකාර සඳහා නොමිලයේ ගී ගැයූ ගායක ගායිකාවෝ රැසක් සිටියදී එකම දුරකථන ඇමතුමක්වත් නොදුන් වචනයකින් වත් උදවු නොකළ කීප දෙනෙක් අයියාට සුවය පතා උපහාර පිණිස යැයි පවසමින් ප්‍රසංග වේදකාවල ගීත ගයනවා. ඒ ගීත ගයමින් විශාල මුදලක් උපයනවා යැයි ද ශිරන්ති ප්‍රියංගිකා පැවසුවාය.
“අයියයි මමයි පුංචිකාලේ ඉඳලා සංගීතය ඉගෙන ගත්තේ. මට අවුරුදු 10 ක් 11 පමණ වෙනකොට රාග 10 ක් පමණ වාදනය කිරීමේ හැකියාව තිබුණා.“
“අයියගේ ජිවිතය නැවත ගොඩගැනීම පිනිස ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවීමට මේවන විට මා තීරණය කර තියෙනවා“ යයි ප්‍රින්ස්ගේ නැගණිය ශිරෝනි ප්‍රියංගිකා ප්‍රනාන්දු පැවැසුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඕව විහින් හදාගත්ත ලෙඩනේ, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන නව පරපුරේ ස්ටර්ලට මේව හොඳ පාඩම්
මම ප්‍රින්ස් අඳුනන්නේ කුඩා කාලයේ සිට... මගේ ගම ඇල්පිටියේ කුරුඳු ගහ. වැඩි දෙනෙක් මගේ ප්‍රතිචාර වලට විරුද්ධ වුණාට ඇත්ත තිත්තය. 90 දශකයේ ප්‍රින්ස් තමන්ගේ දක්ෂතාවයෙන් රුපියල් කොටි කිහිපයක් ධනය උපයා ගත්ත නමුත් පසුව ඇති වුණ මානසික අවපීඩන (ඩිප්රේෂන්) තත්වයේදී මනෝ වෛද්‍ය උපදෙස් ගන්නේ නැතුව මතට යොමු වුණා. වෛද්‍යවරු මෙයාව කිහිප සැරයක්ම ගොඩ දැම්ම..., කිව්ව මත්ද්‍රව්‍ය පානය නවත්වන්න කියා..., වැඩිම වුණොත් සතියක් දෙකක් නැවැත්තුවා. අාපසු පුරුදු විදියට වැඩේ පටන් ගත්තා. මතට යොමු වුණොත් ගායකයන්ට ගැලවුමක් නැත.
ගිණුම් අංකය සඳහන් කරනවා නම් හැමෝටම කියල ආධාර මුදලක් එකතු කර ගන්න පුළුවන් නේද?
අපේ ම්නිස්සු කවද්ද ඉගෙන ගන්නේ? අනිත් මිනිස්සු විනිශ්චය නොකර ඉන්න. කාටවත් ඕන විදියට මේ ලෝකේ හැමදෙයක්ම වෙන්න ඕනද?
අනේ කවුද කියන්නේ ඔහු මත්පැන් බිව්වයි කියල? එක වැරදියි. හරියට දැනගෙන අදහස් දක්වන්න.
සිල්වා , ඔබ හා ම එකගනොවෙමි. ශ්‍රිලන්කික අප අනුන්ගේ දුකේදී පිහිට වන ජාතියක්.ඔහු මත්පැන් හෝ වෙන යම් දෙයක් බී රෝගාතුර වුනත් ජාතියක් වශයෙන් අපි කම්පා වෙමු. පුළුවන් දානපතියෙක් හෝ ඉදිරිපත්වී මේ ජීවිතය බේරාගැනීමට උදවු කල මැනවි. ප්‍රින්ස් ඔබට තෙරුවන් සරණයි!
එහෙනම් දන්නා කෙනෙක් කියනවද ...ප්‍රින්ස්ට හැදිලා තිබෙන ලෙඩේ මොකක්ද? එ්කට හේතුව මොකක්ද කියලා..,. අනුන්ට ලෙඩක්, දුකක් වුනහම පිහිට වෙන එක මනුස්සකම.. නමුත් දොස්තරලා එපා කියද්දීත් දැන දැනම හිතාමතාම ලෙඩ හදා ගන්න මිනිස්සු ගැන කුමක් කියන්නද කියල මටනම් හිතා ගන්න බැහැ...