IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රේල් ක්‍රමයටත් ඉල්ලයි

(විනීතා එම් ගමගේ)

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් විසින් ජනතාව ඉදිරියේ තබා ඇති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන දෘෂ්‍යාබාධිත ජනතාවගේ පහසුව සඳහා බ්‍රේල් ක‍්‍රමයට මුද්‍රණය කර හෝ සංයුක්ත තැටියක් වශයෙන් ඔවුන්වෙත ලබා දීමට වැඩ පිළිවෙළක් සකස් කරන්නැයි පැෆරල් සංවිධානය සියලූ අපේක්ෂකයන් හා පක්ෂවලින් ඉල්ලීමක් කරයි.

දෘෂ්‍යාබාධිත ජනතාව දෙලක්ෂයකට ආසන්න පිරිසක් ටෙරට වෙසෙන බැවින් හා එම පිරිස ජනාධිපතිවරණයේ දී සැළකිය යුතු ඡන්ද ප‍්‍රමාණයක් වන බැවින් ඔවුන්ට ඒ ඒ අපේක්ෂකයන් ගේ අනාගත සැළසුම් හා ප‍්‍රතිපත්ති දැන ගැනීමට අයිතියක් ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

ඔවුන් වෙනුවෙන් තම ප‍්‍රතිපත්ති ගැන කියනවාට වඩා ක‍්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වන්නට අවස්ථාවක් වන බැවින් මේ පිළිබඳව ක‍්‍රියාත්මක වන්නැයි ඉල්ලා සිටින බව ද හෙට්ටිආරච්චි මහතා කීය.

දෘෂ්‍යාබාධිත පුරවැසියන්ගේ සංගම් කිහිපයක් පැෆරල් සංවිධානය සමඟ කළ සාකච්ඡාවකදී මේ පිළිබදව අදහස් දැක්වූ බවත් මේ වනතුරු කිසිදු අපේක්ෂයෙක් ද්‍රෘෂ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් තම ප‍්‍රතිපත්ති දැන ගැනීමට ක‍්‍රමයක් සකස් කර නැතැයි ඔවුන් පැවසූ බව ද හෙතෙම කියා සිටියේය.

 



අදහස් (3)

ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රේල් ක්‍රමයටත් ඉල්ලයි

Mahee Wednesday, 30 October 2019 02:56 PM

ඒ මොනවටද? ඇස් පෙනෙන අය ඕවා කියවනවයි කියලා හිතනවද? කොහොමත් කැපුවත් ලේ අර පාට මේ පාට කට්ටිය ඕක කියවන්නෙම නෑ. කියෙව්වට තේරෙන්නෙත් නෑ. තේරිලා ඇති වැඩකුත් නෑ. බොරු බව දන්නවනේ. ඉතින් ඇස් පෙනෙනවා නොපෙනෙනවා කියලා වෙනසක් නෑ.

:       3       2

Rufus Randeniya Thursday, 31 October 2019 02:17 AM

එවැනි සුළු පිරිසකට ප්‍රතිපත්ති ප්‍රකාශය වාචිකව කියා දිය හැකි නොවේද?

:       8       0

sharm warn Thursday, 31 October 2019 03:49 AM

කමක් නැහැ.. එයාලටත් පොඩි විනෝදයක් එපැයිද...? අපි ඇහින් දැකලා මල පනින එව්වට මේ අහිංසකයන් කියවපුවා මතක් කරලා හිනාවෙලා ඉන්නේ නැතෙයි.. ලක්ෂ 2ක් නෙමේ හා දෙන්නෙක් උන්නත් බ්‍රේල් පිටපතක් හදන එක හොඳ වැඩක්... මොකද එයාලත් මේ සමාජයේම කොටසක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 671 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site