(දයාරත්න ඇඹෝගම)

තන්තිරිමලේ රජ මහා විහාරස්ථානයේ පිං කැටයක් කඩා එහි තිබු රුපියල් 4000කට ආසන්න මුදලක් සොරකම් කළේ යැයි කියන සිද්ධියකට එම විහාරස්ථානය ඉදිරිපිට හමුදා කඳවුරේ සේවය කළ ලාන්ස් ක්‍රොප්රල්වරයෙකු මැදවච්චියේදි අත් අඩංගුවට ගත් බව තන්තිරිමලේ පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තන්තිරිමලේ විහාරස්ථානය ඉදිරිපිට යුද හමුදා කදුවුරේ සේවය කළ 40 හැවිරිදි ලාන්ස් ක්‍රෝප්රල් වරයෙකි.

තන්තිරිමලේ විහාරස්ථාන භුමියේ පිහිටි පුරා විද්‍යා ගොඩනැගිල්ලේ විදුරු වලින් සකස්කර තිබු පිංකැටය එම ස්ථානයෙන් අසල ලඳු කැලෑවකට රැගෙන ගොස් සැකකාර හමුදා සෙබළා එහි තිබු මුදල් සිලි මල්ලකට පුරාවා ගෙන නැවත පිංකැටය එම ස්ථානයට රැගෙන යද්දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියකු සිද්ධිය දැක සැකකරු අල්ලා ගැනීමට යද්දි ඔහු පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.