නිමල කොඩිතුවක්කු
නියෝජ්‍ය කතානායක ධූරයෙන් තමා ඉල්ලා අස්වීම පිළිබඳව 16 කන්ඩායමේ අනුමැතිය හිමි වු බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යලි දැනුම් දුන් බවත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය.
තම කණ්ඩායමේ පිරිස ඇමතිධූර අතහැර විපක්ෂය සමඟ කටයුතු කරද්දි හෘද සාක්ෂියට එකඟව තවදුරටත් එම ධූරයේ කටයුතු කළ නොහැකි බවද ඔහු කියා සිටියේය.
බොරුල්ල පිහිටි ඒ මහතාගේ නිවසේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
නියෝජ්ය කතානායක ධූරයෙන් තමන් ඉවත් වන බවට වන ලිපිය පසුගිය අප්‍රේල් 18 වනදා ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් ඒ පිළිබඳ තීරණයක් නොගැනීම හේතුවෙන් ඊයේ (23) රාත්‍රීයේ මෙම තීරණය ජනාධිපතිවරයා හමුවේ යලි දැනුම් දුන් බවත් සුමතිපාල මහතා කීය.
එමෙන්ම නියෝජය කතානායක ධූරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරනු ලබන ඕනෑම අයකුට 16 කන්ඩායම සහය පල කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට හෘද සාක්ෂියක් කිකලෙකවත් තිබුණි ද?, ක්‍රිකට් බ්‍රෝඩ් එකේ දී හෝ
ඔබගේ නොදන්නාකම් ඔත්නින්ම පෙනෙනවා දෙපාරක් කීවේ මොන බම්බුවකටද එකපාරක් පත්තරේ දැම්මානම් ඉවරනේ. හැබැයි මම අස්වන බව සිරිසේන මහතාට දැන්වීම පත්තරේ දැම්ම එක කරුණා කරලා කියවන්න කියලත් පත්තරේ දාන්න ඕනේ. හරීද?
අපොය් සියලු දූර වලින් අයින් වීම රටට කරන ලොකු සේවයක් .
අපොය් සියලු දූර වලින් අයින් වීම රටට කරන ලොකු සේවයක් .
අම්මපා.. හරිම අහිංසක , (අ) වංක බොබිල... නේද ???දැන් කොහොම මේ හාදය බඩගොස්තරේ හොයා ගන්නේ...?