(එෆ්.අස්ලම්)
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා නොදුන් සිංහල දේශපාලන නායකයින්ට දෙමළ ජනතාවගේ ජාතික නායකයින් බවට පත්විය නොහැකි බවත්, දෙමළ ජනතාව පිළිගත් එකම ජාතික නායකයා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බවත් හිටපු උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයින්කරනේසන් මහතා පවසයි.
සිංහල දෙමළ ජනතාවගේ එකම ජාතික නායකයා එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ බවට අධ්‍යාපන රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අයින්කරනේසන් මහතා මේ බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි අයින්කරනේසන් මහතා මෙලෙසද සදහන් කර සිටියේය.
අප අතර දේශපාලන පක්ෂ රැසක් තියෙනවා.ඒ පක්ෂවල නායකයින් රැසක් සිටිනවා.නමුත් පක්ෂ නායකයින්ට ජාතික නායකයින් කියල කියන්න බැහැ.නිදහසින් පසු ඩී.එස්.සේනානායකගේ පටන් රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන දක්වාම බොහෝ නායකයින් හිටියා.ඒ අතරින් කවුරුන් හෝ නායකයෙකු දෙමළ ජනතාවගේ වාර්ගික අර්බුදයට විසදුම් දී තිබුණි නම් ඔහුට දෙමළ ජනතාවගේ ජාතික වීරයා බවට පත්වන්නට තිබුනා.
දෙමළ ජනතාව ගත්කල එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් තමයි ඔවුන්ගේ ජාතික නායකයා.පක්ෂවල නායකයින් තමන් මූලිකත්වය ගැනිමේ ආශාවෙන් පසුවෙනවා.එහෙත් ප්‍රභාකරන් එහෙම හිතුවෙ නැහැ.එහෙම හිතුවනම් උතුරු නැගෙනහිර පළමු මහ ඇමතිවෙන්නෙත් ප්‍රභාකරන්.ඒ නිසා තමයි ඔහු සිටි කාලයේදීත් නොමැති කාලයේදීත් දෙමළ ජනතාවගේ ජාතික වීරයා බවට පත්ව සිටින්නේ යැයිද අයින්කරනේසන් මහතා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න සංහිඳියාව, මේ අය අත් අඩංගුවට ගන්න තරම් එකෙක් නැද්ද ?
මෙයා මොනවා කිවුවත් දෙමල ජනතාවට ඉතිහාසයේ හොඳම විසදුම දුන්නේ මහින්ද රාජපක්ෂ .යුද්දේ අවසන් කරපු එක . ලංකාව කරන්න පුළුවන් හොඳම දේ කළා . දැන් ප්‍රශ්නේ තියෙන්නේ යුද්දේ කාලේ යුද්දේ කරගෙන යන්න ඩයස්පොරාවයි විදේශ රටවලුයි දීපු සහයෝගෙයි උදවු උපකාරයි දැන් දෙමළ ජනතාවට දෙන්නේ නැති එකයි .
එයා මැරිල නිසා මේ කතාව වැදගත් නැහැ. මැරිච්ච මිනිහෙක් ගැන කතා කලාට අත්අඩංගුවට ගන්න පුළුවන්ද ?
ඉන්දියාවේදී ඔය කතාව කිව්වා නම් හිරේ ..... ඒකට අපේ ලංකාවේ
මේ අහිංසක මිනිසුන්ව උසි ගන්වලා ඡන්ද ගොඩ වැඩිකරගන්න හදන අයෙක්...... 2009 කලින් හැංගිලා ඉදලා දැන් හෙන වීරයා වෙලා. ඇත්තෙන්ම මෙයා " ජාතින් අතර විරසකයක් ඇතිකිරීමට" උත්සහ කරන බැවින් මෙයාව අල්ලා ඇතුලට දැමිය නොහැකිද ??
එහෙනම් උබලට අත්වෙන්නේ මරණය පමණයි
කලබලවෙන්න එපා මෙයාගේ වචන එන තැන හැමෝම දන්වා
මෙතන ප්‍රශ්නය ජාතික නායකයාගේ නොවේ, ව්‍යවස්ථාවෙන් රටේ ජාතිකත්වය දෙකට බෙදා ඇතිකමයි. ලංකාව, ඇමරිකාව සහ ඉන්දියාව වගේ ලොකු භූමියක් තියෙන රටක් නොවන බැවින් රටකට එක ජාතිකත්වයක්, භාෂාවකින් ඇතිකරොත් හොඳයි. කැනඩාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල් වලට සංක්‍රමණය වීමේදී අනිවාර්යෙන් ඉංග්‍රීසි බස අවශ්‍යවේ. කොරියාවට යන්න කොරියා භාෂාව අවශ්‍යවේ. ජපානයට යන්න ජපන් භාෂාව අවශ්‍යවේ. ඉන්දියාවට ඕනේ ඕනේ විදියට ලංකාව අස්ථාවර කරන්න භාෂා දෙකක් කර ගස්සවලා ලංකාවට ගැලවුමක් නැතිවී ඇත. දමිල ජාතිකයන්ට දකුණු ඉන්දියාව සමග වෙළඳ කටයුතු වලින් සාර්ථකත්වයක් ඇතැයි සිතමි, නමුත් එම සාර්ථකත්වය ලංකාව අස්ථාවර කිරීමට දේශපාලනයම වශයෙන් බලයට පැමිණ කටයුතු කිරීමෙන් වැලකුනොත් හොඳයි. ලංකාවට එක ජාතික, රාජ්‍ය, පරිපාලන භාෂාවක් තිබුනොත් හොඳයි. ලංකාවේ උතුරු නැගෙනහිර කියන්නේ දකුණු ඉන්දියාවට නොවේ. සල්ලි හම්බ කරගෙන කලා බීල සතුටින් ජිවත් වුවත්, සල්ලි හම්බකරගෙන රටේ සංස්කෘතියට අවැඩක් කිරීම සුදුසු නැත.
ඔව් අපි දැක්කා ඒ නායකයා අන්තිමට හිටපු හැටි සහ අන්තිමට හම්බවේච්ච හැටි.
ඔබලාව පිළිගන්න ප්‍රභාකරන් හරි හිටියා සිංහල අපිට කවුරුත් නැහැ, අපේ දුක දන්නේ දෙවියෝ විතරයි, මේ දවස් වලනම් අපි වෙනුවෙන් කියල කට්ටිය බලය ගන්න පොරකනවා බලය ගත්තට පස්සේ ඒ අය වෙනුවෙනුවෙන් පමණයි
යම් හෙයකින් ප්‍රභාකරන්ට ඊලම පිහිටුවාගැනීමට හැකි වූවානම් එය සිංගප්පුරුවටත් වඩා දියුණු කිරීමට ඔහුට හැකියාව තිබුනා. හේතුව අපේ මෙන් බලයට ධනයට කෑදර පක්ෂ දෙකක් නොමැති වීමයි
කමල් .. අහිංසක දමිල ළමයින්ට අධ්‍යාපනය නොදී තුවක්කුව හුරුකරලා ඔහුගේ ළමයින්ට අධ්‍යාපනය දීල තිබෙන්නේ එංගලන්තයෙන් . ඔහු ජීවත් වෙලා තිබෙන්නේ ඉතාම සුකෝපභෝගී විදියටයි . ඒවගේම සංවිධානය හා ඒ සතුව තිබුණු වත්කම ඔහු වෙත තබා ගැනීමේ බල අරගලය මත තමයි එම සංවිධානයේ දෙවෙනි පෙලේ නායකයන් ඝාතනය කරන්න පවා ඔහු පෙළඹුනේ ..ඔහුගේ මිලේච්ච බව දැනගන්න තමිලිනීගේ කෘතිය කියවන්න. එනිසා කුමන ජාතියක හෝ වේවා මෙහෙව් පුද්ගලයන්ට සම්මාන පිරිනමන්න එපා .
ප්‍රභාකරන් ත්‍රස්තවාදී මාර්ගයේ ගමන් නොගෙන දෙමල ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්න මහන්සි ගත්තා නම් ඔහු දෙමල ජනයාගේ නායකයා වෙනවා පමණක් නොව අදටත් ජීවත් වෙනවා.
ඡන්දෙට බරටම සුදානම් වෙනවා වගේ මෙයත්. හරි අපුරු නායකයෙක්නේ.
ඔයාටත් ඕනෙද පැටියෝ?