සුජිත් හේවාජුලිගේ
පොලිසියෙන් රථවාහන වැරදිවලට නිකුත් කෙරෙන දඩ කොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගෙවන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
තැපැල් වර්ජනය නිසා ජනතාවට දඩ කොළ තැපැල් කාර්යාලවලට ගෙවීම නොහැකි වී ඇතැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට වඩා ලේසි නැද්ද රාලහාමිගේ අතටම දුන්නම....
ඔන්ලයින් ගෙවන්න ක්‍රමයක් ක්‍රියාත්මක කලානම් කාටත් ලේසියි නේද? ලෝකේ අද හැම රටකම මේ ක්‍රම ක්‍රියාත්මක වෙනවා. අදාළ පොලිසි ගානේ රස්තියාදු වෙන්න ඕනැ නැහැ. දඩ මුදල් ටිකක් ඉහළ දමා මේ ක්‍රමය සාදන්න යන පිරිවැය සොයාගන්න. මාස දෙකක් ඇතුලත කරන්න පුළුවන්නේ. විදුලි බිල්පත්, ජාල බිල්පත්, බදු මුදල්, මේ සියල්ලම මෙහෙම ගෙවන්න පුළුවන් නම්, කාගේත් කාලය ඉතිරියි. පහසුයි, ගමන් ගාස්තු ඉතුරු වෙනවා පමණක් නොව වාහන තදබදයද ටිකක් අඩු විය හැකියි. හැම දේටම එක එක තැන්වලට යන්න වුනාම පාරට එකතුවන වාහනත් වැඩිවෙනවා. එ්ක අඩුකරන්නත් හොඳ ක්‍රමයක් මේ ඔන්ලයින් ඉලෙක්ට්‍රොනික් බිල්පත් ගෙවීම ක්‍රම සහ වෙළඳාම.
ඔන්ලයින් ගෙවීමේ ක්‍රමය නිසා දූෂණ, පගා ගැසීම් පවා අඩු වෙන්න පුළුවන්.
ස්පොට් ෆයින් නම්, එතැනදිම රාළහාමිට දීලා රිසිට් එකක් ගන්න, එහෙම නැතිනම් ඕනෑම පොලිසියකට හෝ ඉන්ටර්නෙට් හරහා ගෙවන්න ක්‍රමයක් හදන්න පොලිසියට බැරිද..?
රථ වාහන සමහර පොලිස්නිලධාරීන් (පොලිස් නිලධාරීන් ලෙස ඔවුන් හැදින්වුවොත් එය හොඳ අවංක නිලධාරීන්ට කරනා නිගාවකි) දඩ කොලයට මුවාවී ඉතා සුක්ෂම අයුරින් මුදල් ගරනවා. මේ විදිහට ගියොත් වැඩිකල් නොගොස් පොලිසිය අර සතාගේ තත්වෙට වැටෙනවා. සුළු පිරිසක් ජයටම කරගෙන යන මේ ජාවාරම අපේ අති දක්ෂ රහස් පොලිස් නිලධාරී මහත්වරුන්ට බාරදී මේ උවදුර නවතා දමන මෙන් පොලිස්පති තුමාගෙන් රටවාසීන් වෙනුවෙන් මෙසේ ඉල්ලා සිටිමු. මේ රෝගය අධිවේගී මාර්ග සඳහාද බෝවීමට පටන්ගෙන ඇත. අනතුරකදී වාහන හිමිකරුට අනෙකුත් ගෙවීම් වලට අමතරව වාහනයකට රු.2500 /= ක් පොලීසියට ගෙවීමට සිදුවෙන අවස්ථාද ඇත. කරුණාකර මේ ගැනද අවධානය යොමුවන්නේ නම් මැනවි...
ඇත්තටම මීට වඩා කාර්යක්ෂම ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙන්න බැරිද? පෝලිමේ ඉඳලා ගෙවීම එපා කරවන්නේ නැතුව ලේසියෙන් ගෙවන්න ක්‍රම කීපයක් හඳුන්වලා දෙන්න.. තැපැල් කාර්යාල වලට.. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගේම අන්තර්ජාල බැංකු පහසුකම්වලින් කෙලින්ම පොලිසියේ ගිණුමට ගෙවන්න වගේ දේවල් හඳුන්වලා දෙන්න. ගෙවන්න පහසු වුනාම පොලිසියට ජරාව දෙන්නේ නැතුව දඩ කොලේ අරන් ගෙවන්න පෙලඹෙයි. වතුර බිල්, ලයිට් බිල්, ටෙලිෆෝන් බිල් වගේ ඉක්මණින් ගෙවාගන්න ක්‍රම හඳුන්වා දෙන්න.. ප්‍රමාද වුනාම තැපැල් කන්තෝරුව ගෙවීම් බාර ගන්නේ නැහැ... ඊට පස්සේ උසාවි... පරක්කු වුනොත් ගෙවන්න වෙන මුදල වැඩි කරන්න.. එතකොට වැඩි ගානක් ගෙවන්න වෙන නිසා මිනිස්සු ඉක්මණින් ගෙවයි සහ වැරදි අඩු කරගන්න බලයි.. නැත්තම් වැරදි කරලා වැඩියෙන් ආණ්ඩුවට ගෙවයි... එතකොට ආණ්ඩුවට හොඳයි.
කරුණාකර ලංකාවෙත් අර පිටරට තිබෙනවා වගේ දඩකොලය තැපෑලෙන් හෝ කුරියර් සර්විස් එකක් මගින් ගෙදරට එන ක්‍රමය ඇතිකරන්න. එතකොට මේ රස්තියාදුව නැති වෙන අතර, පොලිස් නිලධාරීන් පගාව ගැනීම නිසා රජයට අහිමිවන විශාල මුදලක් පරිස්සම් කරගත හැක. දඩකොල ලියන්නට පොලිස් නිලධාරීන් ගතකරන කාලය රථවාහන තදබදය අඩු කිරීමට රථවාහන පාලනය කිරීම වැනි ඵලදායක දෙයකට යොදවන්න පුළුවන්.. ජනතාවට පහසුවක් ඇතිවෙන නිසා විශාල මහජන ප්‍රසාදයක් රජයට ලැබේවි!!! ලංකාවේ පරිගණක තාක්ෂණය සහ ජංගම දුරකථන වැනි පහසුකම් දියුණු මෙවැනි සමයක ඉතා පහසුවෙන් මෙවැනි දෙයක් ස්ථාපිත කරන්න පුළුවන්. ඩිජිටල් ඇමතිට කරනවා නම් ඔන්න වැඩක්...
වඩා ලෙහෙසියි රාලහාමිටම දඩය ගෙවන එක ලයිෂන් එකත් එවලේම ලැබෙනවා ඩිස්කවුන්ට් එකකුත් ලැබෙනවා.