IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


“තැඹිලි අජිත්” ජූලම්පිටියේදී අත්අඩංගුවට

(අනීෂා මානගේ)

දිවයින පුරා විවිධ ප්‍රදේශවල අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන අපරාධකරුවකු ටී.56 වර්ගයේ පතුරොම් යොදන මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, ජීවපතුරමක්, හෙරොයින්, සහ මන්නා පිහියක් සමඟ අද (11) මිද්දෙණිය ජූලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ලියාපදිංචි අපරාධකාරයකු වන 35 හැවිරිදි “තැඹිලි අජිත්” නම් අන්වර්ථ නාමයකින් ප්‍රසිද්ධ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

ඇඹිලිපිටිය, ගම්පහ, කහවත්ත, තංගල්ල, වලස්මුල්ල, වීරකැටිය, ඇතුළු දිවයින පුරා විවිධ ප්‍රදේශවල මිනීමැරීමට තැත්කිරීම්, ගෙවල් බිඳුම්, මංකොල්ලකෑම් ආදී අපරාධ 26 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා සැකකරුවකු වන බව පොලිසිය කියයි.

සැකකරු සමඟ ටී.56 වර්ගයේ පතුරොම් යොදන මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් , ටී.56 වර්ගයේ ජීව පතුරොමක්, අඟල් 18 ½ ක් දිග සහ අඟල් 2 ක් පළල තලය සහිත මන්නා පිහියක්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 1ක් සහ මිලිග්‍රෑම් 850ක්, මුදලින් රුපියල් පහළොස්දහස් නවසීයක් , ජංගම දුරකතනයක් පොලිස් බාරයට ගෙන තිබිණි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යන පොලිස් නිලධාරීන්ට සැකකරු සතුව තිබෙන මන්නා පිහියෙන් පහරදීමට කිහිප වාරයක්ම උත්සාහ කර ඇතැයිද එම අවස්ථාවන්හිදී සැකකරු පලාගොස් ඇතැයිද පොලිසිය කියයි.

 



අදහස් (0)

“තැඹිලි අජිත්” ජූලම්පිටියේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 647 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site