දයාරත්න ඇඹෝගම
‘ජනතාව ඉල්ලන්නේ උඹලා අපිට වහ හරි දීලා අස්වැන්න වැඩි කරලා දෙන්න කියලා නම් අපිට රජයක් විදියට ඒ තීන්දුවට යන්න වෙනවා.‘ යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යය පී.හැරිසන් මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩ සටහනේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති භාණ්ඩ බෙදා දීමේ උත්සව සභාව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා මෙසේද පැවසිය.
මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වකුගඩු රෝගය. වකුගඩු රෝගයට විසඳුමක් හැටියට කාබනික පොහොර වලට ජනතාව යොමු කරන්නත්, රසායනික පොහොර ක්‍රමක්‍රමයෙන් අඩුකරන්නත්, වල් නාශක හා විෂ අධික කෘමිනාශක භාවිතය ක්‍රමයෙන් අඩු කරලා දේශීය වී වර්ග වලට ප්‍රමුඛස්ථානය දීලා කටයුතු කරන්නත් රජයක් හැටියට අපි ප්‍රථිපත්තිමය තීන්දුවක් ගත්තා.
ඒ තීන්දුවේ ප්‍රතිඵලයක් තමයි පහුගිය දිනවල තිබුණ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපි ගමට ගියහම "අපිට වැඩක් නෑ කාබනික පොහොර. අපිට පරණ විදිහටම පොහොර දෙන්න. වකුගඩු දියවෙලා නෙමෙයි කුණු වෙලා ගියත් කමක් නෑ කියලා "ජනතාව ආණ්ඩුවට පණිවිඩයක් දුන්නා. ග්ලයිෆොසෙට් ගහපුවහම පැත්ත පළාතම ගිණි අඟුරු වෙලා යනවා. ඒ වල්නාශක නිසා මේ පළාතේ ලක්ෂයක් විතර වකුගඩු රෝගයට ගොදුරු වෙලා ඉන්නවා. හැබැයි මිනිස්සු ඒකට ප්‍රථිචාරය දුන්නා මේ ඡන්දයේදී අපිට ග්ලයිෆොසෙට් දීපල්ලා කියලා. හදවත් බොකු බඩවැල් කැවුතු දියවෙලා ගියත් කමක් නෑ, පොහොර හා වල් නාශක ගෙනල්ලා මේකට වත්කරපල්ලා, එහෙම වුණොත් තමයි අපි උඹලාට ඡන්දේ දෙන්නේ කියලා අපිට පාඩමක් ඉගැන්නුවා.
වකුගඩු රෝගයට අපේ දරුවෝ ගොදුරු වෙනවා, අපිත් මැරිලා යනවා කියන එකට උත්තරයක් සපයන්න ගියපුවහම කෘෂිකාර්මික දිස්ත්‍රික්ක වල ඔක්කොම අපිට පාඩමක් කියලා දුන්නා. එහෙම නම් අපි තීන්දු කෙරුවා ලබන යලේ ඉඳන් රුපියල් 500 ගානේ රසායනික පොහොර දෙන්න. ( උත්සව සභාවේ සිටි පිරිස අත්පොළ සන් දුන්හ.) මේක මම කිව්වම අප්පුඩි ගැහුවාට වැඩක් නෑ, මේකේ ප්‍රථිපලය භයානකයි. තාවකාලිකව පොඩි සතුටක් තියෙයි, කණගාටුයි කියන්න අනුරාධපුරයේ ලක්ෂයක් වකුගඩු රෝගයෙන් පෙළෙනවා.
ග්ලයිෆොසෙට් තහනම් කරලා තිබුණා. තේ වතුවල, රබර් වතු වල , පොල්වතු වල ඉන්න මිනිස්සු හඬක් නැගුවා, ඒ පැත්තෙන් අපිට පණිවිඩයක් දුන්නා අපිට ග්ලයිෆොසෙට් දෙන්නේ නැත්තන් උඹලාට ජන්දෙත් නෑ කියලා..අපි මැරුණට කමක් නෑ , භාගෙට මැරුණත් කමක් නෑ, ග්ලයිෆොසෙට් දෙන්න කිව්වා.ඒ ක්‍රමයට යන්න ආණ්ඩුව තීන්දු කෙරුවා.ඒකට අපි ප්‍රතිචාර දක්වන කොට, ජනතාව ආරක්ෂා කරන කොට බෙහෙත් හේත් ටික දෙනකොට, පාසල් දරුවන් වකුගඩු රෝගයෙන් මුදවා ගන්න හැම පාසලකටම ජල ෆිල්ටරයක් හයි කරලා දරුවන් තමයි අපේ අනාගතය කියලා රැක ගන්න හදන කොට රජය හැටියට, ජනතාව ඒකට සූදානම් නැත්නම් අපිට කරන්න දෙයක් නෑ,ජනතාව ඉල්ලන්නේ උඹලා අපිට වහ හරි දීලා ගොයමේ අස්වැන්න ටිකක් වැඩි කරලා දෙන්න කියලා නම් අපිට ඒ තීන්දුවට යන්න වෙනවා.‘ යැයි ද ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉල්ලුවා නම් දිය යුතුමයි...........මෙහෙම මෝඩයන් ජීවත් වීමෙන් පලක් නැහැ....තමන්ගේ බඩ ගෝස්තරේ ගැන විතරක් හිතන මේ වගේ අය ඉන්නකල් කොහොමද රටක් දියුණු වෙන්නේ..............
මන්ත්‍රීවරු/ ඇමතිවරු එහෙම නොවේ කියන්න ඕනේ. අපේ සාක්කු පිරෙනවානම් අනික් එවුන්ට හෙනගහලා ගියත් කමක් නැහැ කියලයි.
මේ අපේ බදුමුදල් වලින් "සැපවත් ජිවිත ගතකරන" මහජන නියෝජිතයන් කියන කතාද ? නැවතත් හිතන්න පාට කන්නාඩිවලින් මෙදෙස නොබලා මේ වගේ අයද අපගේ මහජන නියෝජිතයන් ?
මොන මෝඩ තීරණයක්ද මේ. ඡන්ද බලාගෙන වැරදි දේවල් කරන්න පුලුවන්ද?. ඊළගට ලෙඩ වෙන මිනිස්සුට බෙහෙත් කරන්න යන්නෙත් ජනතාවගේම මුදල් හා කාලය. අනාගත පරම්පරාව ඔබලාට සාප කරාවි. නුගත් මිනිස්සු පාර්ලිමේන්තුවට ඇරියම රටම විදවනවා.
මේ වගේ නායකයෝ තමයි ලංකාවේ ඉන්නේ. හැමදාම කරන්නේ ඡන්ද ගන්ඩ රට ජාතිය ඔක්කොම නැතිකරනවා.
නායකයෝ කියන්නේ ජනතාවට ඉදිරියෙන් ඉන්න ජනතාවට මග පෙන්වන්න පුළුවන් දූරදර්ශී බුද්ධිමතුන් විය යුතුයි. නැතිව ජනතාව කියන කියන දෙය කරන්නයී ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න නම් නායකයෝ මොකටද ජනතාවටම තීන්දූ තීරණ අරන් ක්‍රියාත්ම කරන්න පුළුවන්නේ. ඔය ග්ලයිපෝසෙට් කරන්න ඉස්සර වෙලා මේ ගැන තවදුරටත් හොයා බලන්න තිබුණානේ. මේක නිසාමද වකුගඩු රෝගය හැදෙන්නේ නැත්නම් වෙනත් හේතුන් තිබෙනවාද. ඒ වගේම ග්ලයිපෝසෙට් තහනමෙන් කෘෂි කර්මාන්තයට බලපාන ආකාරය රටේ ආර්ථිකයට බලපාන ආකාරය හා ග්ලයිපෝසෙට් තහනම් කලවිට ඒ සදහා ඇති විකල්ප හා ඒවයේ සාර්ථක භාවය වැනි කරනූ. එහෙම නැතිව එක එක්කෙනාව සතුටු කරන්න රටේ ජාතික වැදගත් කමකින් යුත් ප්‍රශ්ණ සම්බන්ධයෙන් තීන්දු තීරන ගත්තම අන්තීමට රටම අනාත වෙනවා.
ඔව් මහත්තයෝ මේ යන විදිහට වැඩිකල් නොගොස් අපිට ඔබලාගෙන්ම වහ ඉල්ලාගෙන කන්න වෙනවා. පවුලම එකතුවෙලා අන්දරේ මතක් කරමින් උඹේ කටෙත් වස මග කටෙත් වස කියමින් අපි කන්නම්. එතරමට ජීවන වියදම දරා ගන්න බැහැ.
බන්දුල ගුණවර්ධන මහතාගේ 2500 කතාව වගේ හැරිසන් මහතා ජාතියට වහ දෙන කතාවත්... කැලෑ පත්තර ගහන කියවන කට්ටියට හරි වටිනවා. අපි නම් දන්නවා නියම කතාව මොකක්ද කියලා.. හැරිසන් මහතා අදහස් කළේ මොකක්ද කියලා..?