(ජුඩ් සමන්ත)

පුත්තලම - හලාවත මාර්ගයේ මුන්දලමේදී බස් රථයක් නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 18 දෙනකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.

අද(29) අලුයම සිදුවූ මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ නොච්චියාගම - රාජංගනය ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් බව පොලීසිය කියයි.

ඔවුහු අධ්‍යාපන චාරිකාවක් ගොස් ආපසු එමින් සිටින විට මෙම අනතුර සිදුවී ඇතැයි කියති.