IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ගං වතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 9,962 ක් අවතැන්

(ඩයනා උදයංගනී)
 
දිවයිනේ දිස්ත‍්‍රික්ක 13 කට බල පා ඇති තද වැසි, ගං වතුර, නායයෑම් අවදානම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 9,962 කට අයත් 34,842 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
බදුල්ල, මොණරාගල, මඩකලපුව, අම්පාර, මහනුවර, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.
 
 මින් වැඩිම පීඩාවකට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජනතාව වන අතර එහි පවුල් 1,777කට අයත් 6,218 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය)  ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මේ අතරින් අවතැන් වූ පවුල් 4,904 කට අයත් 16,892 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 120 ක රදවා සිටින බව ද කොඩිප්පිලි මහතා සදහන් කළේය.
 
මෙම තත්ත්වය හේතුවෙන් නිවාස 49 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 1,017 කට අර්ධ හානි සිදුව ඇතැයිද ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කීවේය.

පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ඉදිරි අවදානම අවම කර ගැනීම සදහා විමසිලිමත්ව කටයුතු කරන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දීමක් කර තිබේ.

අම්පාර දිස්ත‍්‍රික්කයේ පවුල් 1,633 කට අයත් 5,690ක්
 
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පවුල් 1,272 කට අයත් 4,341ක්
 
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පවුල් 829 කට අයත් 3,362 ක්
 
මොණරාගල දිස්ත‍්‍රික්කයේ පවුල් 973කට අයත් 3,350 ක්
 
මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල් 1,043 කට අයත් 3,293 ක්
 
බදුල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 650 කට අයත් 2,565 ක්
 
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවුල් 776 කට අයත් 2,371ක් 
 
මාතලේ දිස්ත‍්‍රික්කයේ පවුල් 484 කට 1,592 ක් 
 
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පවුල් 311 කට අයත් 939 ක්
 
නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පවුල් 115 කට අයත් 389 ක්
 
මහනුවර දිස්ත‍්‍රික්කයේ පවුල් 93කට අයත් 347 ක් 
 
කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 6කට අයත් 25 ක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.

 

 



අදහස් (2)

ගං වතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 9,962 ක් අවතැන්

nimal Sunday, 22 December 2019 09:01 AM

දැන්නම් බයවෙන්න දෙයක් නැහැ.. හොඳ ආණ්ඩුවක් තියන නිසා.. හොඳ වන්දි, සහනධාර එහෙමත් ලැබෙයි නේද?

:       1       24

69 ලක්ෂයේ දේශප්‍රේමියෝ Tuesday, 24 December 2019 02:41 AM

පාලකයෝ නරක උනාම ස්වභාව ධර්මය කෘර වෙනවා කියන කතාව 2015 ජනවාරි 8 සිට 2019 ඔක්තෝම්බර් 16 දක්වා පමණක් වලංගු බව කරුණාවෙන් සලකන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 61 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1013 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site