IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’ගාලු ක්‍රීඩාගාරය තාවකාලිකව ඉදිකිරිමටයි එකල අවසර දුන්නේ’


 
 
මුදිතා දයානන්ද
       
ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ ක‍්‍රීඩාගාරය තාවකාලිකව ඉදිකිරිමට පමණයි එකල අවසර දුන්නේ යැයි  ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පැවසීය.


ගුණවර්ධන මහතා මෙසේ පැවසුයේ අද මහරගම ඇල්හේන පාරේ පිහිටි මහජන එක්සත් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේ ක‍්‍රිඩාගාරය අනවසර ඉදිකිරිමක් දැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.


යුනේස්කෝ සංවිධානය වසර තුනකට පමණ වතාවක් ලෝක උරුමයන් නම් කරනවා. ඒ අනුව ගාලූ කොටුවත් ලෝක උරුමයක් ලෙස නම් කළා. එහිදි ඔවුන් උපදෙස් දුන්නා එය පිටත සිට බලන්නෙකුට නැරඹිමට බාධාවන කිසිදු ඉදිකිරිමක් නොකරන ලෙසට. එනිසා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිඩාංගනයේ ක‍්‍රිඩාගාරය ඉදිකිරිමට අවසර ලැබී තිබුණේ තාවකාලික ඉදිකිරිමකටයි. එහි ස්ථිර ක‍්‍රීඩාගාරයක් නැතිවීම ගැටලූවක් නෙවෙයි. ජාත්‍යන්තර තරග වසර පුරා පැවැත්වෙන්නේ නැහැ. එවැනි තරග පැවැත්වෙන අවස්ථාවක තාවාකාලික ක‍්‍රීඩාගාරයක් සකස් කිරිම අමාරු දෙයක් නෙවෙයි. එවැනි ඉදිකිරිමකට යුනෙස්කෝවේද විරෝධයක් නැහැ.



අදහස් (2)

’ගාලු ක්‍රීඩාගාරය තාවකාලිකව ඉදිකිරිමටයි එකල අවසර දුන්නේ’

රවින් Thursday, 26 July 2018 11:49 AM

අනිකුත් බසින් මෙතුමා කියන්නේ පහුගිය දවස්වල කතා බහට ලක්වුණු ක්‍රීඩාංගනය නීති විරෝධී කියලානේද? ඔයටික පහුගිය දවස්වල කෑ මොර ගහපු ඔබගේම හිත මිත්‍රන්දිට කිවුවනම් වඩාත් හොඳයි.

:       0       2

සතයපාල Thursday, 26 July 2018 02:34 PM

තමන්ගේ නම ගහ ගන්න තියෙන උන්මාදය නිසා තැන නොතැන නොබලා කල අදූරදර්ශී අඥාණ වැඩ නිසා රටට කොපමන හානියක් හා පාඩුවක් කරලා තියනවද?

:       6       120

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site