ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයේදී කළා යැයි කියන වරද උන්වහන්සේගේ පෞද්ගලික අරමුණක් මුදුන්පත් කර ගැනීමට නොව ශ්‍රී ලංකා ජන සමාජය කුරිරු යුද්ධයෙන් ගලවා ගැනීමට ප්‍රබල දායකත්වයක් ලබාදුන් හමුදා සාමාජිකයන් වෙනුවෙන් උන්වහන්සේ තුළ ජනිත වූ අසීමිත අනුකම්පාව නිසා ඇති වූවක් යැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව පවසයි.
එම සංඝ සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විවෘත ලිපියක් යොමු කරමින් ඒ බව පවසා ඇත.
සාහිත්‍යශූරී ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක හිමියන්ගේ අත්සනින් යවා ඇති එම ලිපියේ මෙසේ ද දැක්වේ.
ගරු ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට අයත් භික්‍ෂුනමක් වන බැවින් මෙම අවස්ථාවේ උන්වහන්සේ පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කිරීම අපගේ වගකීමකි. උන්වහන්සේ පිළිබඳ නඩු කටයුත්ත තවමත් අවසන් වී නැති බැවින් ඒ පිළිබඳව කිසිවක් අපි කතා නොකරමු. අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කිරීම පිණිස පහත සඳහන් කරුණු ඉදිරිපත් කිරීමට අප සංඝ සභාව විසින් තීරණය කරන ලදී.
ගරු ගලගොඩඅත්තේ ඥානසාර භික්‍ෂුනම හෝමාගම ගරු අධිකරණයේ කළා යැයි කියන වරද උන්වහන්සේගේ පෞද්ගලික අරමුණක් මුදුන් පත්කර ගැනීම අපේක්‍ෂාවෙන් සිදුකරන ලද්දක් නොවේ. ශ්‍රී ලංකා ජන සමාජය කුරිරු යුද්ධයෙන් ගලවා ගැනීමට ප්‍රබල දායකත්වයක් ලබාදුන් හමුදා බුද්ධි අංශවල සාමාජිකයන් වෙනුවෙන් උන්වහන්සේ තුළ ජනිත වූ අසීමිත අනුකම්පාව නිසා ඇති වූ සිදුවීමකි.
අතීතයේ පටන් ශ්‍රී ලාංකික භික්‍ෂුව හැමවිටම තම පෞද්ගලිකත්වයට වඩා රට වෙනුවෙන් හා පොදු ජනතාවගේ සුභසිද්ධිය මෙන්ම ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින, ඒ වෙනුවෙන් තම අදහස් නිර්භයව හා අවංකව ප්‍රකාශ කරන චරිතයක් වේ.
මහජනතාව හා රට වෙනුවෙන් කතා කරන බෞද්ධ භික්‍ෂූන්වහන්සේට සිරබත් කන්නට සිදු වුවහොත් එය සමස්ත භික්‍ෂු සමාජයටම අභියෝගයක් විය හැකිය.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව රට වෙනුවෙන් මෙන්ම සියලු ජාතීන් හා ආගමිකයන් වෙනුවෙන් පෙනී සිටින යුක්තිය, සත්‍ය හා සාධාරණය ඉහළින්ම අගයන සංඝ සභාවක් බව වැඩිදුරටත් දන්වා සිටීමට කැමැත්තෙමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා සාමාජිකයන් වෙනුවෙන් පමණක් උන්වහන්සේ තුළ ජනිත වූ අසීමිත අනුකම්පාව නේද ප්‍රශ්නය? අසීමිත අනුකම්පාව පහල විය යුත්තේ මුළු මහත් සත්ව සමුහය වෙනුවෙන් නේද? අනික කවුරු වෙනුවෙන් කලත් වරද නම් වරදමයි.
බුදු හාමුදුරුවෝ සඟ විනය සම්බන්ධව දේශනා කලේ නිකන් නොවේ .
බීලා වාහන එළවලා මිනිස්සු හැප්පුවෙත් ධර්ම ප්‍රචාරයේ යෙදෙන කොට නේද අපේ හාමුදුරුවනේ ?
සැබැවින්ම සත්‍යයකි, හිසනමා ගරු කරමු
හමුදාවෙ වුණත් ඔවුන් ඉන්නෙ මිනීමැරුම් චෝදනා උඩ. එහෙව් අයට නීතිය ක්‍රියාත්මක කරන්ඩ නොදී හැසිරීම හිමිනමකට නොගැලපේ. පොදු කාරණා උඩ හැමකෙනාම උසාවියේ නටන්ඩ ගියොත් කොහොම තියෙයිද?
"ගරු ගලගොඩඅත්තේ ඥානසාර භික්‍ෂුනම හෝමාගම ගරු අධිකරණයේ කළා යැයි කියන වරද උන්වහන්සේගේ පෞද්ගලික අරමුණක් මුදුන් පත්කර ගැනීම අපේක්‍ෂාවෙන් සිදුකරන ලද්දක් නොවේ." එතකොට අපේ හාමුදුරුවනේ අරමුණ පුද්ගලික නොවේ නම් මිනී මැරීමත් වරදක් නොවෙයිද.