(කේ බුද්ධික කුමාරසිරි )
රුපියල් බිලියන 150 කට ආසන්න වත්කමක් හිමි සමෘද්ධි බැංකු ජාලය මහ බැංකුව යටතට පවරා ගැනීමේ ප‍්‍රතිපත්තිය රජය වෙනස් නොකරන්නේ නම් අද සිට සතියකින් පසු රට පුරා විරෝධතා පැවැත්වීමට තම සංගමය තීරණය කර ඇතැයි සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන නිලධාරී සංගමයේ සභාපති බස්නාහිර පලාත් සභා මන්තී‍්‍ර ජගත් කුමාර මහතා පවසයි.
තංලංගම සමෘද්ධි උත්සව ශාලාවේදී අද (09) දින පැවැති මාධ්‍ය හමුවකදී එම මහතා මෙම කරුණු අනාවරණය කරන කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ජගත් කුමාර මහතා මෙසේද පැවසීය
’‘ අද වන විට ආණ්ඩුවට සමෘද්ධි අරමුදල මතක් වෙලා තියෙන්නේ වෙන මුකුත්ම හන්දා නොව ආණ්ඩුවේ පවත්වාගන යාමට අරමුදල් නැති නිසයි . ආණ්ඩුවට බැරි බැරි ගාය කියන මරනාසන්න රෝගය හැදිලයි තියෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තරයෙන් මුදල් හිගා කාලත් නොලැබුණු නිසා සමෘද්ධි අරමුදලට තට්ටු කරන්නයි මේ අර අදින්නේ මහ දවල් මහ බැංකුවට සුද්දේ දීපු ආණ්ඩුවක් සමෘද්ධි බැංකුව වගේ ආයතනයකට මොනවා නොකර ඉදීවිද මේ සමෘද්ධි බැංකුවේ තියෙන්නේ ආණ්ඩුවේ සල්ලිම නොවේ දුප්පත් මිනින්සුන් ඉතා අමාරුවෙන් එකතු කරපු මුදල් තමා වැඩි වශයෙන්ම මේ බැංකුවේ තියෙන්නේ ආණ්ඩුව මහ බැංකුවට දීපු වැඬේ හැටියට වෙහෙර ගිල්ල එකාට අග්ගලාව මහ වැඩක්දැයි අපේ මිනිස්සු ප‍්‍රශ්න කරනවා. එදා මහ බැංකුව කොල්ල කෑවට වඩා වැඩි වේගයකින් සමෘද්ධි බැංකුව කොල්ල කරන්න ආණ්ඩුව දැන් සූදානම් වෙන බවයි අපිට පේන්නේ’’
’‘ මේ වන විට සමෘද්ධි බැංකුවේ පමණක් රුපියල් බිලියන 145 කට වැඩි මුදලකුත් සමෘද්ධි නිවාස අරමුදලෙහි සමාජ ආරක්ෂණ අරමුදලෙහි සහ සුබ සාධන අරමුදලෙහි රුපියල් විලියන 50 කට වැඩි මුදලක් තියෙනවා ආණ්ඩුව මේ වෙලාවේ සමෘද්ධිට ආදරය පෙන්නලා මේ මුදල් ටිකෙන් පණ අඳින ආණ්ඩුවට ඔක්සිජන් දෙන්නයි මේ හදන්නේ මේ මුදල් අහිමි උනොත් ලක්ෂ දහයකට වැඩි දුගී දුප්පත් ජනතාවට තමන්ගේ අනාගතය පිළිබදව බියක් ඇති වේවි එදා සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරපු කාලයට වඩා මේ ආණ්ඩුව ආවට පස්සේ රටේ දුප්පතුන් ප‍්‍රමාණය ඉහළ ගිහින් තියෙනවා .දැන් වැඩි වැඩියෙන් තවත් සමෘද්ධි සහනාධාර දිය යුතු කාළයක් උදා වෙලා තියෙන්නේ ඒවා නොකර ආණ්ඩුව සමෘද්ධි අරමුදලට තට්ටු කරන්නයි දැන් සූදානම් වෙන්නේ’’
’‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්ත අර්ධ රාජාණ්ඩු හෝ ඒකාධිපති රාජ්‍යන් හැර ලෝකයේ කිසිම රාජ්‍යක්, මෙවැනි විශාල අරමුදල් හෝ බැංකු , මහා බැංකු පාලනයකින් තොරව පවත්වාගෙන යන්නේ නැහැ. ඒවායින් රටක මුදල් පාලනය ගිලිහි යන අතර, විශාල අක්‍රමිකතා සිදුවීමටද ඉඩ පවතිනවා. මුදල් පාලනය සම්පුර්ණයෙන්ම රටක මහා බැංකුව සතු කාර්යභාරයක් බව මේ අය නොදන්නා හැඩයි . දැනගත්තද ඔවුන් තමන්ගේ හොර වැඩ සඳහා වෙනත් තර්ක ගෙන එමින් වැඩ වර්ජන කිරීමට සැරසෙන බව පෙනේ. එවැනි වැඩ වර්ජන වහාම නැවැත්විය යුතු අතර, වැඩ වර්ජන මගින් රජයක් බිය ගන්වා ඉල්ලීම් දිනා ගැනීමට ඉඩ දිය නොහැකියි. ඔවුන් වර්ජනය කළහොත් වහාම සේවයෙන් ඉවත් කොට අලුතෙන් බඳවා ගනිඉමට රජය ක්‍රියා කල යුතුය,
මම නොදන්නා නිසා අහන්නේ. ඇත්තටම ප්‍රදේශයේ කුඹුරක්වත් වැඩ කරන්නේ නැත්නම් ගෙවතු වගාත් නැත්නම් ඇලවේලි සුද්ධ කිරීමකුත් නැත්නම් කෘ.ප. නිලධාරින් කරන්නේ මොනවද? ඔවුන් ඉන්නේ උද්ඝෝෂණ වලට විතරද?