IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


කතරගම යන්න 26,000 ක් කුමනින් ඇතුළු වෙති

(අජිත්ලාල් ශාන්තඋදය සහ ප‍්‍රියනාත් චන්‍ද්‍රපාල)

උතුරු නැගෙනහිර පළාත්වල සිට කතරගම වන්දනාවේ එන හින්දු බැතිමතුන් 26,396 දෙනෙකු අද (07) සවස 03.00 වනවිට නැගෙනහිර පළාතේ  ඕකන්ද හිටි කුමන ජාතික උද්‍යානයෙන් ඇතුලු ඇති බව උද්‍යාන පාලක සිසිර කුමාර රත්නායක මහතා පැවසීය.

අද (07) බැතිමතුන් 1,984 දෙනෙකු කුමනින් ඇතුළු වී ඇති බවද ඔහු පැවසුවේය. 

යාපන අර්ධද්වීපය,නාගදීපය, මුලතිවු, ති‍්‍රකුණාමලය, වෙරුගල්, වාකරේ, වාගච්චේන, කල්කුඩා, මඩකලපුව, තොප්පිගල, කල්මුණේ, අම්පාර, අක්කරපත්තු ආදී ප‍්‍රදේශවල හින්දු බැතිමත්හු පාගමනින් පොතුවිල්, පානම හරහා  ඕකන්ද මුරුගන් දේවාලය වෙත පැමිණ  ඕකන්දේ කුමන ජාතික උද්‍යානයෙන් ඇතුළු වී මහ වනය මැදින් කතරගම බලා පාගමනින් එති. 

මෙවර පාද යාත‍්‍රාවේ එන බැතිමතුන් සදහා කුමන ජාතික උද්‍යානයේ ගේට්ටුව විවෘත කරනු ලැබුවේ පසුගිය ජූනි 27දාය.  විවෘත කළ දිනයේ 3705 දෙනෙක් ඉන් ඇතුළු වී තිබුණි. පසුගිය ජූලි 03දා 8273 දෙනෙක් ඇතුල්වී තිබු අතර එය මෑතකදි දත්ත සටහන් කිරීම ඇරඹූ පසු ඇතුළු වූ වැඩිම ප‍්‍රමාණය බවද කුමන ජාතික උද්‍යාන භාරකරු සිසිර කුමාර රත්නායක මහතා පැවසුවේය.

ඕකන්ද මුරුගන් දේවාලයේ පෙරහර මංගල්‍යයද මේ දිනවල පැවැත්වෙයි. උතුරු නැගෙනහිර සිට එන මෙම හින්දු බැතිමත්හු කතරගම දේවාලයේ පෙරහර මංගල්‍යට සභාවීමට මෙසේ පැමිණෙති.

කුමන ජාතික උද්‍යානයේ  ඇතුළුවන බැතිමතුන්ට බාගුරාව, මඩමෙතොට හෙවත් කුඩා තැබිලිත්ත යන ස්ථාන දෙක රාත‍්‍රී නැවතීමට පහසුකම් සපයා ඇති බවද ඔහු සදහන් කළේය. බැතිමතුන්  මඩමෙතොට හෙවත් කුඩා තැබිලිත්තෙන් පිටවී කුඹුකන් ඔයෙන් එගොඩ වී යාල ජාතික උද්‍යාන කලාප අංක දෙකට පිවිසෙන බව යාල ජාතික උද්‍යානයේ භාරකරු ඞී.පී. සියාසිංහ මහතා පැවසුවේය.
ගජබාව, පිළින්නාව හෙවත් ළිංතුන, පොත්තන, පරණ තොටුපළ සහ වරහන යන ස්ථාන යාල ජාතික උද්‍යානයේ කලාප අංක දෙකේ ගමන් කරන පාද යාත‍්‍රා බැතිමතුන්ට නැවැතීමේ පහසුකම් සලසා ඇති බව යාල ජාතික උද්‍යානයේ භාරකරු ඞී.පී. සියාසිංහ මහතා සදහන් කළේය. 

කතරගම බලා යාමට පැමිණි බැතිමතුන් අතරින් පහළොස් දහසක් පමණ මේ වනවිට යාල කලාප අංක එකේ කටගමුව පිවිසුමෙන් පිටව ගොස් අති බව කී ඞී.පී. සියාසිංහ මහතා දසදහසකට ආසන්න පිරිසක් කුමන සහ යාල ජාතික උද්‍යානවල මේවනව විට රැදී සිටිතැයි ද කීවේය.

ගිය වසරේ පාද යාත‍්‍රාවේ එන බැතිමතුන් ට කතරගම බලා පැමිණීමට දින 21ක් වනෝද්‍යාන විවෘතව තැබිණි. එහෙත් මෙවර එය දින 14ක් පමණක් බවත් හෙට (09)  සවස තුනෙන් පසු කුමන ජාතික උද්‍යානයෙන් කතරගම බලා පාගමනින් පැමිණීමට අවසර නොදෙන බවද උද්‍යාන භාරකරුවෝ පවසති.

කුමන සහ යාල ජාතික උද්‍යාන පාද යාත‍්‍රා මගීන් ගමන් ගන්නා මාර්ග වල තැනින් තැන ප්ලාස්ටික ජල ටැංක ස්ථාපිත කර යුද හමුදාව සහ යාපනය සහ මඩකලපුව කේනද්‍රකරගත් සිවතොණ්ඩාර් පදනමෙන් බව්සර් මගින් පානීය ජලය සපයනු ලබයි. පාද යාත‍්‍රා බැතිමතින් වෙනුවෙන් පිළින්නාව හෙවත් ළිංතුනේ වෛද්‍ය සායනයක් හත්වන වරටත් පැවැත්වෙයි. ඖෂධීය තේ සමග මෙය දන්සැල පැවැත්වෙන අතර නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ පී.ලතාහරන් මහතා සහ මස්කෙළියේ ඉඩම්හිමි වැවිලිකරුවෙකු වූ එම්. බාලේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් එය පවත්වති.



අදහස් (2)

කතරගම යන්න 26,000 ක් කුමනින් ඇතුළු වෙති

Krishantha Monday, 08 July 2019 04:12 AM

දැන් කෝකද හරි ? 1. උතුරු නැගෙනහිර පළාත්වල සිට කතරගම වන්දනාවේ එන හින්දු බැතිමතුන් 26,396 දෙනෙක් අද (07) සවස 03.00 වන විට නැගෙනහිර පළාතේ ඕකන්ද හිටි කුමන ජාතික උද්‍යානයෙන් ඇතුලු ඇති බව උද්‍යාන පාලක සිසිර කුමාර රත්නායක මහතා පැවසීය. 2. අද (07) බැතිමතුන් 1,984 දෙනෙක් කුමනින් ඇතුලූවී ඇති බවද ඔහු පැවසුවේය.

:       0       5

Udarath Monday, 08 July 2019 09:51 AM

කාලෙකින් කතරගම යන්න බැරිඋනා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 327 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 356 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1288 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site