(අමල් වික්‍රමරත්න)
 
දිවයින පුරා විවිධ ප්‍රදේශවල කාන්තාවන් 65 දෙනෙක් ඇතුළු විවිධ පුද්ගලයන් රාශියක් නොමඟ යවමින් රුපියල් කෝටි 10 කට අධික මුදලක් වංචා කළ විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය  පවසයි.
 
දේශපාලනඥයන්,පොලිස් නිලධාරින්,ව්‍යාපාරිකයන් ,විවිධ ප්‍රදේශවල ප්‍රභූ පුද්ගලයන් ඉතා ළගින් අසුරු කරමින් සුඛෝපභෝගී දිවියක් ගතකරමින් මෙම පුද්ගලයා ඉතා සුක්ෂම ආකාරයට මෙම වංචාව වසර ගණනාවක් කරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
 
දැනට අනාවරණය වී ඇති සිද්ධීන් අතර මෙම පුද්ගලයා කාන්තාවන් 65 දෙනෙකු විවිධ අන්දමින් මුලා කරමින් මුදල් වංචාකර ඇතිබව හෙළිවී ඇත. මෙම කාන්තාවන් අතර විවාහක කාන්තාවන් මෙන්ම අවිවාහක කාන්තාවන්ද සිටින බවත් ඔවුන් අතුරින් කාන්තාවන් 40 සමඟ තමන් අඹු සැමියන් ලෙස එක්වු බව මේ වනවිටත් අනාවරණය කර ඇතැයි පොලිසිය සදහන් කරයි.