(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය ඉදිරි සති දෙක ඇතුළත කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
පක්‍ෂ ප්‍රති සංවිධානයේදී එක්සත් ජාතික පක්‍ෂ නිලධාරී මණ්ඩලයේ කැපී පෙනෙන වෙනසක් කිරීමට නියමිත අතර පක්‍ෂ මහලේකම් ධූරය සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමටත් නියෝජ්‍ය මහලේකම් ධූරය සඳහා අළුත්ම මුහුණක් ඉදිරිපත් කිරීමටත් තීරණය වී තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් පණිවිඩය තේරුම් ගෙන 2020 මැතිවරණ එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි පසුබිම සකස් කිරීම සඳහා මෙම ප්‍රතිසංවිධානය කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා නිර්දේශ ලබා ගැනීමට පක්ෂනායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතාගේ නියමයෙන් පත් කෙරුණු කමිටු තුනේ අදහස්ද මෙම පුර්ණ ප්‍රතිසංවිධානයේදී සලකා බැලීමට නියමිතය.
එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ,ආරක්ෂකරාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු තුන පත් කෙරුණු අතර මෙම කමිටු වල නිර්දේශ මෙන්ම පක්ෂයේ බිම් මට්ටමේ අදහස් පිළිබඳව සැලකීම යොමුකර නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ.
පළාත් පාලන මැතිවරණය නිමා විමත් සමඟ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කිරීමට තීරණය වී තිබුණද පසුගිය දින වල මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුවූ නොසන්සුන්කාරී තත්වය නිසා එම කටයුතු පමා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මහා ලේකම් වුනත් ජනාධිපතිවරණයකදී රනිල්ව මර්කෙට් කරන්න ඉතාම අමාරුයි.... එක එතුමත් දන්නවා එජාපෙ පහුගිය ජනාධිපතිවරණ දෙකටම ඉදිරිපත් කලේ පොදු අපේක්ෂකයෙක් , එම නිසා දැන් ඉඳන්ම 2020 ජනාධිපතිවරණය සදහා සුදුස්සෙක් තෝරාගෙන සුදානම් වෙන එක නුවනට හුරුය .
මේක වැරැදි තීරණයක්... යූ.එන්.පී. එක තවත් වලපල්ලට යන වැඩක්. රනිල්ගේ යාළුවොයි, ගෝලයොයි මේ පක්ෂය විනාශ කළා. තවත් කරන්නේ ඒකමයි. අකිල මේකට හරියන්නේ නැහැ. අවුරුදු 25ක් නායකයා වෙලා ඉඳලා තනි පක්ෂයක් ලෙස බලයන එන්නට නොහැකි වීම දුර්වලකමක් නොවෙයිද? අකිල ලේකම් කළේ රනිල්ගේ ගෝලයකු නායකයකු කිරීම අරබයායි. මැරෙනකම් ඔබතුමාට අපි ගරු කරනවා. දෙයියන්ගේ නාමයෙන් එජාපයෙන් ඉවත් වෙන්න. අපිට එජාපය ඕනේ...
මෙයාට මහලේකම්කම ලැබුණු ගමන් රට පටස් ගාලා දියුණු වේවි. හැබැයි මෙයාට තිබෙන්නේ නිදිමත ලුක් එකක්...
අද රනිල්ට පක්ෂය තුල ඉන්න විශ්වාසවන්ත හා හිතවත්ම සාමාජිකයා අකිල නිසා එයාව මහ ලේකම් ධුරයට පත්කරගෙන තම බලය තහවුරු කරගෙන පක්ෂය තුළ දිගටම නායකත්වයේ ඉන්න හදන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් විදියට තමයි මේක හඳුන්වන්න වෙන්නේ.
මෙගා කුලියාපිටියේ දුප්පත් ගම්මානවලට ඡන්දෙන් පස්සේ ආවේ නැහැ. අපේ පිටිසර ගම්මානෙට කබල් බස් එකක්වත් දමලා නැහැ. ඒත් ඡන්දෙ දවසට බස් එකක් දුවනවා.
අපි එජාපයේ මිනිස්සු. ඒත් කිව යුතුයි මේ මිනිස්සු එජාපය විනාශ කළා. දෙයියන්ගේ නාමෙන් මේ පක්ෂය විනාශ කරන්න එපා. එජාප එකට නැවත ජනතා ආකර්ෂණය ඇතිකර දිනවීමට සජිත් නායකයා විය යුතුයි.අකිල රනිල්ගේ හොඳම ගෝලයා... තමන්ට පාලනය කළ හැකි අය තනතුරුවලට දාලා මැරෙනකම් ඉන්නයි ප්ලෑන් එක. හැමදාමත් කළේ මිනිස්සු වටේ යවලා ප්‍රබල වෙනසක් කරලා, පාරම්බාලා නායකත්වයේ ඉන්න එකනේ. අපිට පුදුමේ තමන්ට බැරි බව දැනගෙනත් කාගෙන ඉන්න එකයි.
තනතුරුත් එක ජාතියේ කට්ටියටයි. අයියෝ සල්ලි...!!!
එජාප මූලස්ථානය වන සිරිකොත් වඩාත් ක්‍රියාකාරි තැනක් විය යුතුය.
ජාතික සංවිධායකවයා බොහෝ වේලාවට එහි සිටිය යුතුයි. ඔහු මූලික මට්ටමේ දේශපාලකයින් පක්ෂයට කැඳවා කතා කළ යුතුයි.
ඇම්බැට්ටයෙක් දාල අලුතෙන් පත්වෙන කෙනාව පස්සෙන් ඉඳන් පාලනය කරන්න වගේ යන්නේ.
ඔව් ඉතින් රටට ජනතාවට හෙන ගැසුවත් කමක් නැහැ තනතුරු ලබාගෙන ඔවුන්ට පමණක් සැපසේ ජීවත් වෙන්න ලැබුනම මදැයි