(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසම මගින් එම පළාතේ පාසල්වල විදුහල්පතිවරුන් 100කට අධික පිරිසක් හිටි හැටියේම නීති විරෝධී ලෙස හා දේශපාලන අවශ්‍යතාවන් මත ස්ථාන මාරු කිරීමට එරෙහිව තම සංගමය දැඩි විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ අද (14) අනුරාධපුර නගරයේ පැවති මාධ්‍ය හමුවකදිය.
ප්‍රනාන්දු මහතා මෙසේද පැවසිය.
“පිළිගත් නීතිරීති හා අණ පනත් උල්ලංඝනය කරමින් දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා කර ඇති මෙම ස්ථාන මාරුවලට එරෙහිව මාරුවීම් ලැබු සියලුම විදුහල්පතිවරු එම ස්ථාන මාරු ප්‍රතික්ෂේප කරමින් අභියාචනා ඉදිරිපත් කර තියෙනවා.
සාමාන්‍ය ක්‍රමවේදය අනුව පළාත් අධ්‍යාපන ලේකම් .පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා ගුරු සංගම්වලින් සැදුම්ලත් කමිටුවකින් මෙම මාරුවීම් කළ යුතුයි.
එසේම 01 ඒ /බි .පාසල් සදහා විදුහල්පති තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් පත්කරලා.ඉහළ ශ්‍රේණි සහිත විදුහල්පතිවරු ඇතැම් කුඩා පාසල්වලටද ඇතැම් අය නියෝජ්‍ය විදුහල්පතිවරු ලෙසද පත්කරලා. සේවා කාලය වසර තුනකටත් අඩු අයද මෙසේ මාරු කරලා.මෙය සම්පුර්ණයෙන්ම නීති විරෝධීයි.
ඊට එරෙහිව ඔවුන්ට මානව හිමිකම කොමිසමට යාමට පුළුවන්.කෙසේ වෙතත් මෙම මාරුවීම් වහාම අත්හිටුවා විධිමත් පරිදි එම ස්ථාන මාරු කරන ලෙසට අප සංගමය කොමිසමෙන් ඉල්ලා සිටියා. එසේ නොවුනහොත් ඊට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට කටයුතු කරනවා“
2025 දෙසැම්බර් මස 18
652
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
319
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උ’මැද විදුහල්පතිවරු 100ක් හිටිහැටියේ මාරු
daham Tuesday, 14 November 2017 01:06 PM
මුළු රටම අවුල් එකේ අධ්‍යාපනේ විතරක් බේරෙයිද?