(දිල්රුක්ෂි ග්‍රේරු)
ඉන්ධන මිල ඉහළ දැමීමේ හෝ නොදැමීමේ අවසන් තීරණය ගනු ලබනුයේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා එක්ව යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෝ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ලාභ ලබන ආයතන ලෙස පවත්වාගෙන යා යුතුද නැතිනම් මහජනතාවට සේවා නොමැති බවත්, නමුත් එම තීරණය ආණ්ඩුවක් හැටියට ඉක්මනින්ම ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ දිනවල ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා කරන අතර මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයත් සාකච්ඡා කර ඇතැයි ද සඳහන් කළේය.
කෙසේ නමුදු මෙහි අවසන් තීරණය ගනු ලබන්නේ කැබිනට් මණ්ඩලය , ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්දුව හතරේ සීමාව අසලදීම ඉතාමත්ම දක්ෂලෙස "රනේ " විසින් රැක ගත්තා. දැන් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ නායකතැන වන " "පතෝල,වැටකොළු මුදලාලි " වන අතර ඔහුගේ සහයට "සුත්තර පුංචා" ලකුණු නොලබා තාමත් පිටියේ රැදී සිටිනවා.
ඉහල ගියොත් ජනපති, අගමැති. පහල ගියොත් මගේ කාර්යක්ෂමතාවය.
හැම තීරණයක්ම ගන්නේ ජනාධිපති සහ අගමැතිනම් මොකටද අපේ බදු මුදල් නාස්ති කරමින් මෙපමණ විශාල ඇමති සහ නියෝජ්‍ය ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නේ ? මේ ඇමති මණ්ඩලය ඉස්සර තිබුන වගේ 30 කට විතර අඩු කලානම් , විශාල මුදලක් ඉතුරුවෙනවා එකෙන් පුළුවන් තෙල් මිල තව රුපියලකින් හෝ අඩු කරන්න