ජුඩ් සමන්ත
පුත්තලම - ආණමඩුව මාර්ගයේ කොට්ටුකච්චිය - විහාරගම ප්‍රදේශයේ දී සිදුවී ඇති අනතුරකින් පා පැදිකරුවෙකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ කොට්ටුකච්චිය - උස්බිම් ජනපදයේ පදිංචිව සිටි අබේසිංහ හේරත් මුදියන්සේලාගේ තරංග කුමාර (35) නම් අයෙකි.
අනතුරට පත්ව ඇති පාපැදිය ආණමඩුව දෙස සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබී ඇත.
ඉදිරියෙන් පැමිණ ඇති කිසියම් වාහනයක පාපැදිය ගැටී ඇති නමුත් එම වාහනය නොනවත්වා පලා ගොස් ඇත.
අනතුර හේතුවෙන් තුවාල ලබා සිටි පා පැදිකරුව එම අවස්ථාවේදීම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති බවත් රෝහල දක්වා රැගෙන යමින් සිටින විට ඔහු මිය ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd