(දාපනේ ජයන්ත නානායක්කාර)
මාතර ඌරුබොක්ක පට්ටිගල ප්‍රදේශයේදී අද (31) දහවල් විසි දෙහැවිරිදි සහ දහඅට හැවිරිදි සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමකින් පසුව වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට පිහියකින් ඇන බරපතල තුවාල සිදු කර ඇතැයි ඌරුබොක්ක පොලිසිය කියයි
නිවසේ තිබූ ගෑස් සිලින්ඩරයක් බාල සහෝදරයා විසින් හොරකම් කළේ යැයි ඔහුන් දෙදෙනා අතරබහින්බස්වීමක් අද උදේ නිවස ඉදිරිපිට දී සිදුවී ඇත.
එහිදී වැඩිමහල් සහෝදරයා විසින් බාල සහොදරයා වන නිසල් සංජන( 18) ට උල් පිහියකින් ඇන ඇති අතර එම පිහිය පිට කොන්ද ප්‍රදේශයේ හිර වීම නිසා රොගියා ඌරුබොක්ක ප්‍රදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඇඹිලිපිටිය දිසත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
තුවාල ලැබූ පුද්ගලයා මීට පෙර වි හොරකමක් සහ ජංගම දුරකථන හොරකම් සම්බන්ධයෙන් නඩු පවතින පුද්ගලයෙකු බවපොලිසිය සඳහන් කරයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඌරුබොක්ක පොලීසියේ අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සුළු කොට තකන්න නරකයි, ලොකු අනතුරක් තියෙනවා ලංකාවේ,
සිංහල ජාතිය වදවෙලා යන කාලෙක ඉතුරුවෙලා ඉන්න එවුනුත් ගහ මරා ගනිල්ලා. ඉක්මනින්ම අපිට මේ ලෝකෙන්ම අයින්වෙලා යන්න පුළුවන් වෙයි.
සාරධර්ම නැතිවි යන යුගයක් පවතින රටක් දැන් මේරට...