එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කැම්බල් පිටියේ රැලියට පැමිණියේය.
වැඩිකල් යන්න කළින් එජාපයට හිමි තැන අරන් දෙනවා - රවී කරුණානායක
2015 ජනවාරි 08 වැනිදා පැවැති මැතිවරණයෙන් පසුව එජාපයට හිමි තැන ලැබුණේ නැති බවට අප පිළිගත්තා. වැඩි කල් යන්න කළින් අපි ඒ තැන පක්ෂයට ලබදෙනවා“යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. කොළඹ කැම්බල් පිටියේදී දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියේදී රවී කරුණානායක මහතා මේ බව පැවසීය.
“ජේ ආර් ජවර්ධන ජනාධිපතිවරයා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඇමෙරිකාවට දෙන්න හදද්දි මිනිස්සු විරුද්ධ වුණා. එදා කිව්වේ ‘තෙල් ටැංකි ඇමෙරිකාවට දෙන්න එපා ඉන්දියාවට දෙන්න කියලා‘.
“දැන් ඉන්දියාවට දෙන්න හදනකොට ඒකටත් එපා කියනවා...එහෙනම් මොකද්ද කරන්න කියන්නේ“
“තෙල් ටැංකි දිරන්න යනකොට අවුරුදු 20 කට බදු දෙන්න කටයුතු සිදුවෙද්දී ඒකටත් මිනිස්සු විරුද්ධ වෙනවා.“ යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
රංජිත් මද්දුම බණ්ඩාරගෙන් යෝජනා හයක්
අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා මැයි දින යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ කරමින් යෝජනා හයක් ඉදිරිපත් කළේය.
“අවුරුදු 20ක් පමණ වු පසුගිය කාල වකවානුවේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පාක්ෂිකයින්ට සහන ලබාදෙන ලෙසත් මින් ඉදිරියට එසේ නොවීමට වගබලා ගත යුතු බවට පළමු යෝජනාව ඉදිරිපත් කරමින් මා රජයට යෝජනා කරනවා“
“අපේ රටේ උපාධිධාරීන් රටේ සංවර්ධනයට දායක කරගනිමින් රැකියා විරහිතභාවය නැති කර රැකියා දස ලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස දෙවැනි යෝජනාවෙන් මා රජයෙන් ඉල්ලනවා.“
“පාසල් අධ්‍යාපනයට තාක්ෂණය යොදාගනිමින් ඵලදායී අධ්‍යාපන ක්‍රමයක් සකසන ලෙසත් වසර 13ක පාසල් කාලය අනිවාර්ය කරන ලෙසත් තෙවැනි යෝජනාව ඉදිරිපත් කරමින් අප රජයෙන් ඉල්ලා සිටිනවා“
“රටේ ජනතාවට 50% ක් වූ කාන්තාව රටේ ශ්‍රම බලකායට දායක කරගන්නා ලෙසත් කාන්තාවට දේශපාලනය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත් අප යෝජනා කරනවා“
“රටේ සෑම අයකුටම නිවසක් හෝ ඉඩමක් සින්නක්කරව ලබාදිය යුතු බවත් වතුකරේ ජනතාවගේ නිවාස ගැටලුව විසඳන ලෙසත් අප ඉල්ලා සිටිනවා“
“ජාති, ආගම්, කුල, උස්-පහත්, දේශපාලන බේදයකින් තොරව සමානාත්භාවයෙන් රටේ වැසියන්ගේ ආදායම වර්ධනය කිරීමට හා ශ්‍රී ලංකාව සාමකාමී නිදහස් රටක් කිරීමට රජය ගන්නා පියවරට සමස්ත ජනතාවගේ ස්තූතිය පළ කීරීමට හයවන යෝජනාව මා ඉදිරිපත් කරනවා“
එජාප මැයි දින පෙළපාලිය මරදානෙන් ඇරඹෙයි
එජාප මැයි දින පෙළපාලිය මීට ටික වේලාවකට පෙර මරදානෙන් ආරම්භ විය. ඒ පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් ඇතුළු නායකයන්ගේ ප්‍රධානත්වයෙනි.පෙළපාළියේ ගමනාන්තය කැම්බල් පිටියයි.
කැම්බල් පිටියේ දී එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය පැවැත්වීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාණ්ඩාගාර හෝරාව රකින නිසාම පක්ෂයේ සාමාන්‍ය අයට යන එන මං නැතිවුනා.
තෙල් ටැංකි එක එක රටවලට දෙන්න රජයක් හෝ මුදල් ඇමති හෝ රට අවශ්‍ය නැහැ. ඕවා නිලධාරින්ටත් කරන්න තිබුණා.
ඇත්තටම ගෝල්ෆේස් පිට්ටනියට පුදුම සෙනඟක් නේද අවේ. අලියා ළඟදීම නැවත වරක් විශ්‍රාම ගනියි වගේ....
ඔයාගේ රනිල් ඉන්නකං හිමි තැන හම්බවේවි... බලාගෙන ඉන්න තවත්....ජනාධිපතිවරයාට තමන්ගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බැරි ඔබලාට ඡන්දයක් දිනන්න පුළුවන්ද?
"වැඩිකල් යන්න කළින් එජාපයට හිමි තැන අරන් දෙනවා"... රවී මහත්තයා එ්කනම් කරලා දේවි... ඔය යන විදිහට බොහොම ඉක්මණින්..