උඩුකබාය
ජනවාරි මාසයේ එක්තරා සැඳෑවක, මෝල් මාවත දෙසට දිවෙන ඩේවිස් පාර දිගේ ඇවිදගෙන ආ ජේත්තුකාර තරුණයෙක් චාරිං ක්රොස් වීදියට හැරුණේය. ඔහුගේ සිනිඳු හිසකේ දිලිසුණු අතර කොපුල්වල දෙපැත්තේ මනාව වැවූ රැවුළු විය. ඔහුගේ තුනී උඩුරැවුල පැන්සලකින් ඇන්දාක් මෙන් වූයේය.