IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වම්බටු පෙත්ත

කෙටිකතාව

ඉතින් මොරම්පුර් හි මගේ ව්‍යාපාරික කටයුතු මුළුමනින් ම කඩා වැටීම හේතු කොට ගෙන මා මේ වන විට සිටින්නෙ ආර්ථික ආගාධයේ පතුලටම වැටිලාය.අපේ පවුලේ අයට තාමත් එසේ නොවුණාට වැඩිකල් යා නොදීම හාමතේ ඉන්නට සිදු වනු නිසැක ය. මගේ පසුම්බියේ තව ඉතිරි ව ඇත්තේ පයිසා පනහක් පමණි.

ආටා පොඩ්ඩක් හරි නැද්ද? මම බිරිඳගෙන් විමසීමි. තියෙනවා ඕ පිළිතුරු දුන්නා ය. යාන්තම් චපාති හතරකට සෑහෙන තරමට
මම සාක්කුවේ තිබූ අන්තිම ඇනා අටේ කාසිය අතට ගතිමි. 'ගිහිල්ල වම්බටු ටිකක් ගෙන්න එය ඇය අත පත් කරමින් මම කීමි. රසට වම්බටු වෑංජනයක් උයන්න. අපි චපාතිකමු ඒවත් එක්ක.
දවාල නම් කොහොම හරි පිරිමහා ගත්තෑකි ' මගේ යහපත් ස්ත්‍රිය කනගාටුවෙන් එවිට කීවාය. ඒත් හැන්දෑවට මොකද කරන්නෙ?'

ඒ ගැන කරදර වෙන්න එපා සීදේවී, උඩ ඉන්න ඇත්තො අපි ගැන බලා ගනීවි.
එවිට මගේ දෑස එක්වර ම නතර වුයේ අප විවාපත් අලුත අග්‍රාහි තාජ්මහල් වෙත ගිය විනෝද ගමනේ දී අපේ ආදරයේ සිහිවටනයක් ලෙස මා ඇයට තිළිණ කළ වීදුරු මංජුසාවක ඇතුළත් කැර තිබෙන තාජ් මන්දිරයේ අනුරුවයි. එය දැන් අපේ සාලයේ සයිබෝට්ටුව මත තබා තිබේ. ආදරය විසින් නිමවනු ලබන දෑ ගැන
කිසිවකුටත් ඉඳුරාම කිව නොහැකි ය. රුපියල් දහයක් වටනා ඒ ත්‍යාගය ඇයට දුන් විට ඇගේ දෑස් දිදුලේ ය.

මොකුත් ම නැත්නම් මේ තාජ්මහල හරිම අපුරුයි' මම දෑස් එහි අලවා ගෙන ම කීමි. 'විකුණන්න ඉන් ලේ සියල්ල ඉවතට ඇද ගත්තාක් මෙන් ඇගේ මුහුණ සුදුමැලි විය. කනගාටුවෙන් සහ තරහින් වෙව්ලන හඬින් ඇය කීවේ ' මට ඔයා ඒක විකුණනව බලා ඉන්න බෑ. ඒක මගේ විවාහ සතුටේ සංකේතය' කියා ය.

හරි හරි මම එක විකුණන්නෙ නෑ. මම ඇගේ වික්ෂිප්තිය සංහිඳුවනු වස් නිවුණු සරින් කීමි. වෙනින් මොනව හරි විකුණනවා. උඩ ඉන්න ඇත්තො අපට වෙනින් මොකක් හරි මගක් පෙන්නාවි. දැන් ඉතිං ඉස්සෙල්ලාම ගිහිං වම්බටු අරන් එන්ටකෝ. මට හොඳටම බඩගිනියි.
වම්බටු මිල දී ගෙන ආ මගේ බිරිඳ කුස්සි පිහියෙන් ඒවා කපන්නට වූවා ය. පළමු වම්බටු කරල දෙකට කැපූ ඈ පිහිය හඬ නගා බිම දැමුවාය.

ඒයි ඇගේ හඬ මා සොයා ආයේය.

බලන්න' ඕ වම්බටු අඩ මා වෙත පෑවා ය. මේකෙ මොනව හරි ලියල තියෙනවානේ.'

මම ඒ දෙස විපරමින් බැලීමි. තෙත් ගතියෙන් යුත් වම්බටු පෙත්තේ ඇට මුතු ඇමිණු සේ තිබූ අතර Allah යනුවෙන් ලියා තිබිණි.

අනේ දෙයියනේ මම නළලත පහරා ගනිමින් කීමි. ඒ මුස්ලිම් අයගේ දෙවියන් වහන්සේ එසමයේ මා පදිංචිව සිටි පූර්බියන් නිවාස සංකීර්ණයේ හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන වර්ගවලට අයත් ප්‍රජාව සම අයිතිවාසිකම් භුක්ති විඳමින් සාමයෙන් දිවි ගෙවූයේය. ආරංචිය ඇසූ ඒ මිනිස්සු සිය නිවාසවලින් නික්ම මගේ නිවස්නයට ඇදී ආහ. හින්දුහු සහ ක්‍රිස්තියානිහු දැඩි සේ විවේචනාත්මක වුහ. ඔවුහු මේප්‍රකට සාධකය පිළිගැනීම ප්‍රතික්ෂෙප කළෝ ය. එහෙත් මුස්ලිම්මු සිය විශ්වාසයේ තදින්ම එල්බ ගෙන සිටියෝ ය. හජ් වන්දනාවේ අත්දැකීම් ඇති මියැන් අච්චාන් එය වෙත ප්‍රථම භක්ත්‍යාදර පුජාව කළේය.

මම තාජ් මහලේ අනුරුව බහා තිබුණු වීදුරු කුටීරයෙන් එය ඉවතට ගෙන පසෙක තබා කාටත් පැහැදිලිව දැක ගත හැකි වන පරිදි වම්බටු කැබැල්ල එහි තැන්පත් කළෙමි. ඒ එක්කම වාගේ මුස්ලිම්මු එය ඉදිරිපිට බිම කොළ පැහැති ඇතිරිල්ලක් අතුළහ. දුම්කොළ වෙළෙන්දා වන මුනී මියැන් ශුද්ධ කුරාණ පාඨ සජ්ඣායනා කරන්නට වන්නේ ය.

නොබෝ වේලාවකින් වම්බටු පෙත්තේ කතන්දරය නගරයට ද පැතිර ගියේ ය. අපේ ගමට අල්ලපු ගම් සියල්ලේමත් නුදුරින් පිහිටි ගම්වලත් මිනිස්සු සුනංගු නොවී එය දැක බලා ගන්නට මගේ නිවස වටා රොද බඳිමින් සිටියෝය.

මේ ගැන මොකුත් හිතෙන්නෙ නැද්ද? අල්ලාගේ ලාංචනාව ඇවිල්ල තියෙන්නෙ මිත්‍යා දෘෂ්ටිකයකුගේ ගෙදරට නේ! ඇතැමෙක් කීහ.

වැටෙන පුද පඬුරු ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. පළමු දින පහළොව තුළ රුපියල් එක්දහස් පන්සියයක් ඉක්මවන මුදලක් එක් රැස් වු අතර ඉන් තුන්සියයක් හස් අදිමින් පැය විසි හතර පුරා ම එය මුර කළ කරන් ෂා පූජක තැනට දෙනු ලැබී ය.

දෙසතියකින් මිනිසුන්ගේ ආගමික උද්‍යෝගය හීන වී ගිය අතර වන්දනාමානයට පැමිණියේ ඉඳහිට එකෙක් දෙන්නෙක් පමණි. එක් රැයෙක කරන් ෂා තුමා හෂිස්වලින් මත් ව දැඩි නින්දේ සිටි අවස්ථාවක කුතුහලාත්මකව බිරිඳ ඇහැරවා වම්බටු කෑල්ල සහිත මංජුසාවේ පිධානය විවෘත කැර ඇයට එය දක්වා දැන් එහි දකින්නට ඇත්තේ කුමක්දැ'යි විමසීමි.

'අල්ලා ඕ තෙපළා ය.

මම එය මදක් එහා මෙහා කළෙමි. එවිට ඊ මත ආලෝකය පතිත වන කෝණය වෙනස් වීය.

දැන් මොකක්ද කියැවෙන්නෙ?

"ඔම්. ඒ ඔම් ඕ විමතියෙන් එහෙත් නිශ්චිත ව කීවාය.

මහ රැයේම මම පණ්ඩිත රාම් දයාල්ගේ නිවෙස වෙතගොස් දොරට තට්ටු කළෙමි. කාරණය ඔහුට විස්තර කැර දුන් මම ඔහු මගේ නිවෙස වෙත කැඳවා ගෙන ආමි. අරේ ඇත්තමයි. ඒ තියෙන්නෙ ඉංග්‍රීසි ඒ යු අකුරු, ඒකෙන් කියැවෙන්නේ ඕං තමයි. එය පිරික්සු හේ හඬ නගා කීය. මේකුං අපිව රැවැට්ටුවා පහු ගිය සති දෙකේ ම
පණ්ඩිතගේ කෑ ගෑමෙන් කරන් ෂා විභ්‍රාන්තියෙන් මිදි ගැස්සී අවදි විය. මෙතැන සිදු වෙමින් පවතින්නේ කුමක්දැ'යි වටහා ගන්නට ඔහුට තවත් වේලාවක් ගත විය. ඔහුට කළ හැකි වූයේ අබබ්බ ලෙසින් අප දෙස බලා හිඳී ම පමණක්මය. පණ්ඩිතතෙමේ පහරක් දී ඔහු නැගිටු වීය. ඔහුගේ පස්සට තවත් පහරක් දුන් පණ්ඩිත උඹලා අපේ ධර්මයට නිගරු කළා. ඕං කියා පැහැදිලි ව පේන්න තිබෙද්දීත් ඒ තියෙන්නෙ අල්ලා කියා අපේ ධර්මයට නිගරු කළා. අපහාස කළා.' කියමින් ඔහු මගේ නිවෙසින් පලවා හළේ ය.

ඇත්තට ම එහි ඇත්තේ AU ය යන පුවත ලැව් ගින්නක් සේ වහා පැතිර ගියේ ය. වම්බටු කැබැල්ල ඉදිරිපිට ස්ත්‍රෝත්‍ර සජ්ඣායනය ඇරැඹිණි. ජනයා පැමිණ ශ්ලෝකයක් හෝ පාඨයක් හෝ කියා සම්මාදමක් දුන්නෝය. ඒවායින් පණ්ඩිතගේ කොටහ මම ඒ ඒ අවස්ථාවල ම ඔහුට දනිමි. ඔහු බොහෝ මහන්සියෙන් ශ්ලෝක ගායනයේ යෙදුනු අතර වැටෙන දෙයකින් වැඩිපුර ඔහුගේ පැත්තට ඇද ගන්නට නිතර සූදානමින් සිටියේ ය. එහෙත් ඔහු මුළා කරන්නට මම සමත් වීමි. වම්බටු කැබැල්ලට මගේ හිමිකම අත්හැර දමන්නට මට නොහැකිය.

වම්බටු හරස්කඩ හොඳින් දැක බලා ගනු සඳහා මහා නගරයේ සිට යෝගීන් ද සාධුන් ද මගේ නිවසට වැල නොකැඩි එන්නට පටන්ගෙන ගත වූයේ නොබෝ දිනකි. Allah ගේ තැන AU විසින් අභිභවනු ලැබීම වේගයෙන් සිදු වූ අතර එය අදහන්නටත් අසීරු අරුමයක්ම විය.

AU ඇර ආයේ මොකක්ද එහෙනං?" ඕ නිදිමතේ ම නොමනාපයෙන් කොඳුළාය.

මම වම්බටු කැබැල්ලේ කෝණය වෙනස් කළෙමි. ඕ මා දෙස වික්ෂිප්තියෙන් බලා දබරැඟිල්ල මුවේ රුවා ගත්තීය. රාම දෙවියනේ කුරුසයක්නේ. ක්‍රිස්තියානි කුරුසයක්'

මම මුව පියා දෙතොල් මත දබරැගිල්ල තබා පෙන්විමි. සද්ද කරන්න එපා හෙට එළිවෙනකම්. මම උදෙන්ම ගිහිල්ල කතෝලික පල්ලියෙ පියතුමා ව කැන්දන් එන්නම්. එතකම් ඉන්න

ඊළඟ උදෑසන පල්ලියේ පියතුමා තවත් ක්‍රිස්තියානි බැතිමතුන් එකොළොස් දෙනෙකුන් ද කැටුව මගේ නිවස වෙත ආවෙිය. වීදුරු මංජුසාවේ තිබූ වම්බටු කැබැල්ල දුටු ඔවුහු භක්තියෙන් ආලෝලනය වූවෝ ළය මත කුරුසි සටහන් කැර ගනිමින් ගීතිකා ගායනය ඇරඹුහ. ඉන්පසු ගොතන ලද ශිරකවලින් හිස් වසාගත් ලස්සන ගවොමින් සැරැසුණු පියකරු ක්‍රිස්තියානි යුවතියෝ සිය කෙණ්ඩාවල සහ උඩිපතුල්වල මනරම් පැහැ විදාරණය කරමින් මගේ නෙත් සැනැහූහ. ඔවුහු වම්බටු කෑල්ල මත සටහන් වැ තිබූ ක්‍රිස්තුන්ගේ කුරුසයේ හාස්කම දැක ධර්ම සංවේගයට පත් වූහ.

නාගරිකයන් අතර මේ හේතුවෙන් කලහ පැන නැංගේ ය. එහි ඇත්තේ ඕම් ය' යි හින්දුන් කියනවිට 'අල්ලා ය' යි මුස්ලිම්හු කීහ. ඔය දෙකම නොවේ. එහි ඇත්තේ කුරුසය' යි එවිට ක්‍රිස්තියානිහු කීහ. මේ නිසා උද්ගත වූ ආරාවුල් ගල් ගසා ගන්නා, පිහියෙන් ඇන ගන්නා තරමට දුර දිග ගිය අතර ඇතැම් ඒවා මාරාන්තික විය. සාන්තපූර් හි හින්දුන් දෙදෙනකු ද මිස්ර් මොහොල්ලාවේ මුස්ලිම්මු දෙදෙනෙක් ද මරා දමන ලද්දෝ ය. නගර මධ්‍යයේ මහ දවාලේ ක්‍රිස්තියානි මිෂනාරියකු ඝාතනය විය. ඇඳිරි නීතිය පනවන ලද්දේය.

මා සිටින්නෙ අනතුරුදායක අඩියකයය යන්න එවිට මට වැටහිණි. මා අත්අඩංගුවට ගන්නට ඉඩ ඇති බව මට පෙනී ගියේ ය. පසු දින උදේ ඒ ගැන පුර්වාපේක්ෂා ප්‍රකට වු අතර මම සියලු අපරාධ වලට මුල් වූ වම්බටු කැබැල්ල කානුවට විසි කොට. මා සත්තක සියල්ල පොදි ගසා ගෙන රාත්‍රිය පහත් වන්නට පෙර මෙතැනින් වහංගු වී යා යුතු බව බිරිඳට කීමි. එවිට වෙනත් නගරයක වෙනත් ව්‍යාපාරික කටයුත්තක් මට ඇරැඹිය හැකි වනු ඇත.

ඉතින් එදා රාත්‍රියේ බොම්බායට යා හැකි දුම්රිය මට අල්ලා ගත හැකි වු අතර මම එ නුවර පදිංචියට ගියෙමි. වම්බටු කෑල්ලේ අනුහසින් එක්රැස් කැර ගත් මුදලින් මා ටැක්සියක් මිල දී ගත් අතර එයින් නගරය පුරා එහා මෙහා වේගයෙන් යමින් මුදල් උපයමින් මගේ යහපත් බිරින්දෑ සමග සන්තෝෂමත් දිවියක් ගත කරමි. මෙය අසා සිටි යහපත් මිතුරනි. දැන් මා මේ සුදානම් වන්නේ මේ කතාව අවසන් කරන්නට ය.

මේ කතාව කියා අවසන් වීමෙන් පසු මගේ වීදුරුවේ වූ අවසන් වඩිය ද එක හුස්මට ගිල දැමීමි. එවිට වීදුරුව ඔසොවන්නට පෙර තිබුණු තැන ශේෂ වී ඇති තෙත් සලකුණ මගේ නෙත ගැටිණි. බලන්න මොහමද්බායි, මම මගේ සහායගාමී ටැක්සි රියැදුරුට එය පෙන්වීමි. ඒක මොනවාගේ ද පේන්නෙ? ඕම් ? අල්ලා ?

මොහ මොහොමද්බායි වහා සලකුණ දෙස නෙත් යෙමි ය. අනතුරුව හේ ප්‍රබෝධවත් ලෙසින් මගේ පිටට තට්ටු කළේය.

සහෝදරයා අමතක කරන්නෙපා මේ බොම්බේ බව. මෙහේ අපට ඕං නෑ. අල්ලා ම්හ්. කුරුසෙත් එහෙමයි. රුපියල් විතරයි. ඔව්. රුපියල් විතරයි. ඒව තමා අපව ඇදන් යන්නෙ. මුළු ලෝකෙම ඇදන් යන්නෙ. දෙවියන්වත් ඇදන් යන්නේ.

එහි තැනට කිසි අදාළකමක් නොමැති සදොස් දැයක් ලියැවේ තිබුණා සේ, ඔහු එක් වරක් අත්ල ඒ හරහා ගෙන ගොස් මකා දැමී ය. ඉන්පසු හේ 'පිටව යමු ' යි සන් කරමින් මගේ පිටට තට්ටු කොට පෙරමුණ ගත්තේය.

(පාකිස්තානයේ ලාහෝර් ප්‍රාන්තයේ උපන් ක්‍රිශන් චන්දර් ( Krishan Chandar )ප්‍රකට ලේඛකයෙකි.ඔහුගේ ජනප්‍රිය කෙටිකතාවක් වන The Brinjal Cut-out කෙටිකතාවෙන් මෙය උපුටා ගන්නා ලදී.)

පරිවර්තනය එස්. නන්දලාල්



අදහස් (1)

වම්බටු පෙත්ත

lionel Saturday, 21 June 2025 10:33 AM

කාලෝචිතයි...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site