නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය. මයින හමක් සේ හඬ තලමින් ඉහළ පහළ යන ඇගේ පපුව තුළ සිරව ගත් හැඬුමක් ඉක්කාවක් සේ කඩින්කඩ පිටව ගියේය.
නියර දිගේ ආ කිසිවෙක් වක්කඩ ළඟ නැවතී එය පාදන්නට විය. පිරි ඉතිරි ගිය ලියැද්දේ දිය බසින හඬ තව හෝරාවකටත් නවතිනු ඇතැයි රණවීරට සිතුණි.
ඇයට කඳවුරේ සොහොයුරන් තමා ගල් ගසා එළවා දමන්නට සෑදූ දින සිහි විය. රණවීර තමා බේරාගත්තේ මාක්ස්, ලෙනින් හෝ එංගල්ස් මෙන් යැයි ඇත්තෙන්ම ඇයට සිතුණි. එදා සිට ඔහු ඇගේ වීරයා විය.
ඔහු කඩිසරව ඔබ මොබ යන විට, නළල මත වැටුණු කොණ්ඩය පසුපසට කරමින් සභාවක් අමතන විට පුළුල් සිනාවෙන් මුව සරසා ගනිමින් සහෝදරයායි කිසිවෙකුගේ උරහිසට අත තබන විට, ඇය අනෙකුන්ට හොරා නළියන දෑසින් බලා සිටියාය.
අවසානයේ ඇය ඒ මාක්ස්ගේ, ලෙනින්ගේ හෝ එංගල්ස්ගේ පෙම්වතිය විය. ඉන් පසු ....... ඉ න් පසු බොහෝ දේ සිදු විය.
රණවීරත් තමාත් හාපුරා කියා දොඩමලු වූ ඒ හෝරාව ඇයට සිහි වෙයි.
.".....මං ගෙදරින් මිදුලට බැස්සත් ආපහු ගෙට ගියේ ගලක් මුලක් වැදිල අතක් පයක් ඉදිමිල. අම්මා හැමදාමත් මාව උකුලට අරගෙන, ඔළුව අත ගගා ගල්මුල් වැදිල රිදෙන තැන් හොය හොයා තෙල් ගානව......ඉස්සර පන්තියේදී කවුරුවත් මා ළඟින් වාඩිවෙන්නේවත් නෑ. මම හැමදාම අන්තිම පේළියේ මුල්ලකට වෙලා......"
ඈ සුසුමක් හෙළුවාය. අඩක් ඇරුණු කමිසය තුළින් පපුවෙහි ඔත් එහි උණුසුමින් ඇට මිදුලු උණුවෙන්නාක් මෙන් රණවීරට දනෙන්නට ඇත.
... සමහරදාට මා බංකුවක් උඩට නග්ගල වට කරගෙන ගල් මුල්වලින් ගහනව. නිකමටවත් මගෙ ඔළුව අතගාන්න ගුරු මාතාවක්, ගුරු දේවයෙක් තක්සලාවේ උන්නෙ නෑ. ඒ ගොල්ලොත් හුඟක් වෙලාවට ළමයින්ටම එකතු වෙනව මිසක්... සමහරදාට මගෙ ඇඟ තුවාල වෙලා පන්තිය පුරාම ලේ ගලාගෙන යනව. ගල්සෙල්ලම නවතින්නෙ මාව කලන්තෙ හැදිල වැටුණොතින් විතරයි.
තමා හිස ඔසවා බලන්නට ඇත. දෙනෙතෙහි දැඩි බවක් තිබෙන්නට ඇත. ඊළඟට කටහඬ මදක් උස්වන්නට වේගවත් වන්නට ඇත. ඇයට සිතුණි.
......ඒත් මං කවදාවත් අපේ කඳවුරෙන් ඒ වගෙ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. ඒ සහෝදර අත්වල මට විරුද්ධව ගල් මුගුරු රැඳේවිය කියල මං කොහොමටවත් හිතුවෙ නෑ....... එදා රණවීරයිය නොහිටිය නං මාව කඳවුරෙන් පිටුවහල් කරල......'
තමා දණ ගසා රණවීරගේ දෙපා සිපගත්යුරු ඇයට මැවී පෙනුණි.
"එදා ඔයාව පිටුවහල් කළා නං මාත් මෙලහකට කඳවුරේ නැ.... අම්මගෙ වැරැද්දට දුවව පිටුවහල් කරන්නෙයි කියල මාක්ස් කොහේවත් කියල නෑ. තාත්තට තියෙන්නෙ හොරෙක්ගෙ හංවඩුවක් වුණත් කුලෑකයෙකගේ හංවඩුවක් වුණත් විප්ලවේට එකතු වෙන්න බැරිකමකුත් නෑ......"
ඔහු කියාගෙන ගියේය. තම සිත පිරිමැදූ ඒ හඬ ඊළඟ මොහොතෙහි තම සිත හඬවතැයි ඇය සිතුවේ නැත.
....ඔයාගෙ හිත රිදේවි සමහර විට හොරා කියන දෘශ්‍යමානෙට යටින්
තියන යථාර්ථය දකින්න ඕනේ එක ඇත්ත. ඒත් ඇයි බැරි ඔයාගේ අම්මට ඕනෙකමක් තියේනං ඕකෙන් ගොඩ එන්න? තමන්ගේ ඇඟ විකුණං කන එක ඔයිට වඩා හොඳ නැද්ද? ලෝකෙට එන්න පෙරුම් පුරාපු ජීවිත කීයක් මයාගෙ අම්මගෙ අත් දෙකෙන් නැති වෙන්න ඇද්ද?.. මට සමාවෙන්න. මට හිතෙන්නෙ ඔයාගෙ අම්මට ඕක බොහොම ලේසියෙන් බඩ වියත රැක ගන්න පුළුවන් වන් රස්සාවක් වෙලා. හොඳයි. ඔයා නැහැයි කියනවද? නැත්තං මෙලහකට...'
මං නැහැයි කියන් නෑ... ඊට වඩා මගෙ අම්මට විරුද්ධව වචනයක් වත් බලාපොරොත්තු වෙන්න එපා රණවීරයියෙ! අම්ම මට කවදාවත් අඩුවත් කරල නෑ. හිත යන්නංවත් රිදෝල නෑ. එහෙව් එකේ...
එහෙත් තමා එදා ගෙදරට ගොඩ වැදුණේ මස්කඩයක් කරා එන්නක් මෙන් නොවේද? පිහියක් අතින් ගෙන ඇහපත පුරා ලේ ගාගෙන සිටින මහත දෙහෙත මුදලාලියකු අම්මා දකින විටම සිතෙහි ඇඳුනේ නොවේද? ඇය සිතුවාය.
දරුව නැති කරමු!
රණවීරගේ එවදන් ඔහුගේ මුවින් ගිලිහුණු. එහෙත් තම සිතින් නොගිලිහුණු සෑම වදනක් සමඟම ඇය සසඳන්නට වූවාය. අවසානයේ එයට මදකුදු සම කළ හැකි එක ද වදනකුදු සොයාගත නොහී ඇය රණවීරගේ ඒ වදන් තුළ ඇත්තේ අසරණ බවක් මිස රුදු බවක් නොවේ යැයි සිතන්නට වූවාය.
මුලින් දරුවා ගැන කිවූ විට රණවීරගේ මුවෙහි සිනහවක් ඇඳුණේ නොවේද ? කෙසේ හෝ රැකියාවක් සොයා වහා තමා බඳින බවට පොරොන්දු වූවා නොවේද?
එහෙත් රැකියාව පිළිබඳ සිහිනය සිහිනයක් වී මෝරන ගැබට බැඳි සෙනෙහසත් සමඟ රණවීර අසරණ වන්නට ඇත. කඳවුරේ සොහොයුරන්ගේ දෑත් තමාට විරුද්ධව එසවුණු කල තමා බේරාගත් මාක්ස්ව, ලෙනින්ව නැතහොත් එංගස්ව එවන් විටක තමාට බෙිරා ගන්නට නොහැකි බව ඇය දනී. තමා සමඟ ව සබඳකම නිසාම රණවීර අද කඳවුරේ නිකම්ම නිකං සහෝදරයෙක් පමණි.
.... මුං මගෙ ළඟට එන්නේ මට බැන බැනා... ඇවිත්... අනේ ප..නේ.....කාටවත් කියන්න නං එපා... ආයිත් ගෙයින් එළියට බසින්නෙ මට බැන බැනා... ළමයි මරං කන්නෙත් මම යකින්නත් මම උන් දිව්‍ය විමානං බහින පත්තිනි අම්මල ....
අම්මා කාටදෝ බැන වදින හඬ ඇසෙයි. අම්මාට සියල්ල කිව යුතු යයි ඇයට සිතුණි. එවිට විවාහ වී රණවීරට ද මෙහිම නැවසිය හැක. ඒ අතර හිමින් සීරුවේ රැකියාවක් සොයා ගන්නට පුළුවන් වේ. ගල් මුල් ගැන බියවන්නට හේතුවක් එසේ වූ විට ඇත්තේම නැත.
එහෙත් අම්මාගෙන් වතුර පොදක් බොනු තබා රණවීර මෙහි පය ගසනු ඇතැයි කියාවත් ඇයට සිතන්නට බැරිය.
අම්මා පාර දෙස බලමින් උළුවස්සට බර දෙනු ඇයට යාන්තමට පෙනුණි. ඇය හොරැහින් අම්මා දෙස බැලුවාය. අම්මා තමා දෙස යටැසින් බලා සිටින්නීය. අම්මාටත් තමාටත් අතරින් බිත්තිය මහත් සේ පුපුරා ගොසිනි.
ඒ පිපිරීම ඇරඹුනේ කවදාද? කෙලෙසින්ද? ඇය සිතුවාය. රණවීරත් තමාත් හාපුරා කියනා දොඩමලු වූ දින ගෙට ගොඩ වදින විටම තමා දුටුවේ බිත්තිය යාන්තමට පුපුරා ඇති බව නොවේද?
එදා අම්මා හිස අත ගෑ විට තමා අත ගසා දැමු සැටි ඇයට සිහි විය. එතැන් සිට බිත්තිය ටිකින් ටික පුපුරන්නට විය. නම් යන්නටම කතා බහ පහත වැටුණු විට ඒ බිත්තිය කොයි මොහොතේ හෝ කඩා හැලෙන්නට මාන බලමින් ඔබ මොබ වැනෙන්නට විය.
රණවීරත් තමාත් පිළිබඳව අම්මාට ඉව වැටී තිබූ දිනය ඇගේ මතකයේ තවමත් රැඳී තිබේ. තමා අසලින් වාඩි වී හිස පිරිමදිමින් ඕ කී දැත් එවිට තමාගේ මුවින් පිට වූ දෑත් ඇයට සිහිවුණි.
....උඹේ පරිස්සම උඹ බලාගන්න ඕනැ දුවේ. ඒ ඇර මට කියන්න දෙයක් නෑ.....
..අම්ම හිතුවද අම්මෙ මාත් අම්ම වගේ ගැහැනියක් කියලා...?"
තමාගේ වදනින් සලිත වූ බිත්තිය කඩා හැලෙන්නාක් මෙන් ඇයට පෙනුණි. එහෙත් එය මදක් දෙපසට වැනි නිසල විය. එයින් නැගුණු දෙදරුම් හඬත් මවගේ මුවින් පිට වූ ඉකි ගැසුමත් එකක්ම වී ඇසේ දෙසවන්හි දෝංකාර දෙන්නට විය.
ඇයට අම්මා තවමත් උළුවස්සට බර දී සිටිනු පෙනෙයි. ඇයට අම්මා වෙත යන්නට. ළැමෙහි මුව හොවාගෙන ඉකි බිඳින්නට, දෙපා කඳුළින් දොවන්නට ඕනෑ විය. එහෙත් මද සුළඟකට ද එහා මෙහා වැනෙන්නා සේ පෙනෙන දෙදරුම් කෑ බිත්තිය දුටු ඕ ඒ අසලට යාමට ද බිය වූවාය. ඒ බියත් සමඟ අවිනිශ්චිත වූ ලජ්ජාවක් නොහොත් උඩඟුවක් වෙළී ඇතැයි මතුව ආ සිතුවිල්ල ඈ හෙමිහිට මරා දැමුවාය.
දරුව නැති කරමු!
එවදන් ඇගේ දෙසවන්හි දෝංකාර දෙන්නට වන. ඇය විට්ටමෙහි ඔබාගෙන උන් හිස හෙමිහිට එසවූවාය. සෙමින් සිට ගත් ඕ එල්ලයකින් තොරව මොහොතක් බලා හුන්නාය.
එළිය දකින්නට තැතනු සිය ගණන් ජීවිතවලට මග ඇහිරූ අම්මාගේ දෑතට තමා ආ මග වළහන්නට නොහැකි වුයේ මන්ද ? එසේ වී නම් මේ කිසිවක් නොවේ.
සෙමෙන් දිග ඇරුණු ඇඟිලි අතරෙහි මාරයා දත් විලිස්සමින් සිටිනු ඇය දුටුවාය. ඌ පාරමී පුරන්නේ තම කුසට රිංගා ගන්නට, තමාගේත් රණවීරගේත් සෙනෙහසෙහි ප්‍රතිමුර්තිය ගෙල මිරිකා මරා දමන්නට නොවේද?
එහෙත් එක්වරම ඈ අතෙහි වැදි පහරකින් මාරයා කාමරය මැද කෙඳිරිගාමින් වැද හොත්තේය. අතුල් පහරවල් දෙක තුනක් සිය කොපුල් මතුයෙහි එක දිගට වැදෙනු ඇයට දැනුණි.
...මං උඹට ඒ අහිංසක ජීවිතේ බරක් වෙන්න දෙන්නෑ දුවේ... අම්මාගේ කට හඬ ඇගේ කන වැකුණි. ඕ අම්මාගේ ළැමෙහි මුව හොවාගෙන මහ හඬින් හඬා වැටෙන්නීය.
ඇඳුම් ආයිත්තම් වලින්තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්.වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල් වෙ
මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.
’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.
සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ
සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව
“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මගක් වසා මගක්