IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


එක්ටැමෙන් පොළොවට

කෙටිකතා

ඔයා තාම එක්ටැම් කල්පනා ලෝකයක ජීවත් වෙන බවයි මට ඔයා ගෙ ලියුමෙන් පෙනෙන්නෙ. නැති වී ගිය පෙම් සබඳකම්. ගත කළ සුන්දර අතීතය. ඕව මතක් කර කර වර්තමානයේ ඇති දුක් කම්කටොලු අමතක කරන්න හැදීමෙන් ඇති පලේ මොකක් ද ? මම නම් ඔිව එකක්වත් ගැන හිතන්නෙ නැහැ. සුනන්ද වගේ අවස්ථාවාදී බොරුකාරයකුට අහු නොවීම ඔයා ගෙ වාසනාවක් ය කියල මම හිතනව. උන්ගෙ ප්‍රේම සම්බන්ධකම්, සමාජවාදය, විප්ලවය. විශ්ව විද්‍යාලයෙන් පිට වෙල ආණ්ඩුවේ තනතුරක් ලැබෙන තෙක් විතර යි... ඔයා කියන ඒ සුන්දර ලෝකය මට නම් ඒ දවස්වලත් හිතට ඇල්ලුවෙ නැහැ... දැන් නම් ඒක වහ කදුරු වගේ තිත්ත යි. අපිට මේ අපි උරුම කරගත් පැල්පත්වලින් ( ඔයා නම් ඒ ගණයට අයිති නැති බව මම දන්නව) ඈත් කරල. ඒ සරුවපිත්තල ලෝකෙට ගෙනුහුල්ල, ඒකෙ ඉන්න ලෝක බොරුවන් ගෙ රාජ්‍යයට ඇතුළු කරන්න හදල අපේ ජීවිතෙන් අවුරුදු තුනහතරක් විනාස කරල දාපු හැටි මතක් වෙන්තොට මගේ සිත නම් ඇති වෙන්නේ උහුලන්න බැරි තරම් ක්‍රෝධයක්. දැන් නැති වුණත් ඔයාටත් සුළු කලකින් ම මම කියන දේ ඇත්ත පෙනේවි. යථාර්ථයට මුහුණ දීම හැම දා ම කල් දාන්න බැහැ. ඒ නිසා දැන් ම ඔය එකීටැම් කල්පනා ලෝක මැවීම අත්ඇරල යථාර්ථය දෙස දැස ඇරල බලන්න පුරුදු වෙන්න. මේ නින්දිත තුච්ඡ යථාර්ථය කඩා සිඳල සුනුවිසුනු කරල අපට රිසි පරිදි එය සකස් කරගන්නේ නැතුව ඔය එක්ටැම් කල්පනා ලෝකවල හැංගිලා ඉඳලා තේරුමක් නැහැ. මම නම් දැන් දවසෙ විසිහතර පැයේ ම කරන්නේ ඒ කාර්යය කිරීමට අවශ්‍ය මාර්ග පාදා ගැනීම යි. එක දැන් හුඟක් සාර්ථක යි. අපි දැන් අපේ ගමේ ඉතා ශක්තිමත් සංවිධානයක් පටන් ගෙන ඉවරයි. ගමේ ඉන්න ඔක්කොම  ජ්‍යෙෂ්ඨකාරයෝ - මම, බස්ස (අපිට අවුරුද්දකට පස්සෙ පේරාදෙණියෙ සිටිය) - අපි ඔක්කොම  ඒකෙ. ලබන ඉරිද අපේ පළවෙනි ප්‍රචාරක රැස්වීම තියෙනව. ඒකට කොහොම හරි එන්න බලන්න, ඔයාලගේ ගමෙනුත් අපි කීප දෙනෙක් බලාපොරොත්තු වෙනව.අනුලා විසින් එවන ලද ලියුම කියවා අවසාන කළ නිමලා එය පසකට තල්ලු කළේ නොරිස්සුම් ගතියෙනි. එයට පෙර ලියුමෙහි කියා තිබුණු ආකාර ඈ කොළඹ ගියා නම් ඈට සුනන්ද මුණ ගැසෙන්නට ඇතැයි ද ඔහු ගැන තොරතුරු ලියා දන්වනු ඇතැ යිද යන බලාපොරොත්තුවෙනි. නිමලා අනුලා ගේ ලියුම් නොඉවසිල්ලෙන් කඩා කියවන්නට වූයේ. එහෙත් එහි සුනන්ද හමු වූ වගක් තියා කොළඹ ගිය වගක්වත් කියා නැත. ලියුමෙහි දිගින් දිගට කියා ඇත්තේ ඈ විසින් ආරම්භ කරන ලද කෙහෙම්මල් සංවිධානයක් පිළිබඳ විස්තර පමණි. කාට ඔින සංවිධාන ද සංවිධාන මම දන්නව නේ අනුල .. ඔන එකක් බදාගෙන කරට අරගෙන කරාවී. මතකනේ රාමනාදන් ස්ට්‍රයික් එක කරට අරගෙන කරපු හැටි.. පොලිසියෙන් බැටන් පොලු පාර කාල ඉස්පිරිතාලෙ සුමානයක් සිටිය. මම නොදන්නව යි. ගැනි ගෙ හැටි මම දන්නව නේ උන්දට ඔහොම එකක් - මොකක් හරි සංවිධානයක් - නැත් නම් ඉන්න බැහැ කොහොම ද දන්නේ නැහැ ඔය සංවිධානවලින් මේ යථාර්ථය වෙනස් කරන්නෙ - මේ බහුබුත දොඩවන්නෙ. කොළඹ ගියා නම් සුනන්ද හම්බු වුණා ද නැද්ද සියල ලියල එවන්න බැරිය..

සුනන්ද ගැන තොරතුරු අසා දැනගැනීමෙන්, ඔහු ගැන සිහි කිරීමෙන් තමා දැන් කිසියම් ආස්වාදයක් ලබන්නේ කෙසේ ද යන්න නිමලාට ප්‍රහේලිකාවකි. එයට හේතුව කාලයා විසින්, රුදුරු වේදනා විස කටු වැසී යන සේ ඒ අතීතය මත කාව්‍යමය සුන්දරත්වයක් ආලේප කරනු ලැබ ඇති බැවින්ද ? ඒවා මෙ සේ යළි සැමරීමෙන් තමා විඳින්නේ කාව්‍යමය ආස්වාදයක්ද? ඒ දින වල සිය සිතෙහි සටහන් වූ සරච්චන්ද්‍ර ගේ කල්පනා ලෝකයේ පාඨයක් මෙ වැනි මොහොතක නිමලාට සිහි වේ. ඒ ප්‍රේමය කඩාකප්පල් වී අවුරුදු දෙකකට පසු දැනෙන මේ ආස්වාදය ඒ වැන්නක් විය යුතු ය. නැත් නම් ඒ දිනවල ඒ දුක් වේදනා නිසා තමා විඳි පීඩනය කො තරම්ද ?

සුනන්ද ඈට ලිවීම නතර කළේ, විශ්ව විද්‍යාලයෙන් පිට වී හ මාසයක් ගත වීමට පළමු ව ය. විශ්ව විද්‍යාලයෙන් ඈත් වීමත් සමඟ, පෙර පැවති උණුසුමෙන් ක්‍රමයෙන් ඈත් වූ ඔහු ගේ ලිපි වදෙන් පොරෙන් ලියන ඒවා බව නිමලා හඳුනාගත්තේ ලෙහෙසියෙනි. ඇස් පනා පිට සෙමෙන් දිය වී ක්ෂය වී ගිය ඔහු ගේ ප්‍රේමය, තමා නැඟු දුක් සුසුම් අදෝනා මධ්‍යයෙහි නිවී අවසාන වූ සැටි සිය හදවත ඒ අවස්ථාවේ දරා උන්නේ කෙලෙස ද? දිවි තොර කරගැනීමට ලෙහෙසි මඟක් වී නම් ඒ දිනවල ඈ අතින් එය සිදු වනු ඇත. අම්මාත් තාත්තාත් මල්ලීත් මැද මේ ගෙදර ජීවත් නොවූවා නම් එය තමා අතින් සිදු නො වෙති යි කෙසේ කිව හැකි ද? ඉන් මසක් පමණ ගත වන තුරු ඒ අතීතය සිහි වන හැම විටක ම සිය සිරුර තුළ ඇති වූ කායික ප්‍රතික්‍රියා නිමලාට අමතක නොවේ. කපාලය තුළින් නගින සිහින් ගින්න දෙ කන් සිදුරු වෙතින් පිට වන්නේ සිරුර දවාලමිනි. එ වැනි විටක මුළු මනස ම ක්‍රියා විරහිත ව අඳුරු අවකාශයක් බවට පත් වේ. මාස කීපයක් යන තුරු සිය මනස ඒ අතීතය වෙත අත නො තබා සිටියේ - එය මනසින් ගිලිහුණු කාල පරිච්ඡේදයක් වූයේ - මේ දරුණු කායික වේදනාව නිසා විය යුතු ය.

කොළඹ ගිය අනුලාට සුනන්ද මුණ ගැහෙන්නට නැත් ද? ඒක ගැන නොලියා මේකි මේ වල්බූත සංවිධාන... යථාර්ථය වෙනස් කිරීම ගැන ලියල එවන්නේ මොනවටද? ... අනුල හිතනව ඇති සුනන්ද ගැන මතක් කරන කොට මට තව ම වාවන්න බැරි ය කියල .. සුනන්ද දැන් බැඳල වෙන්නත් පුළුවන්... බඳිනව නම් මට නොදන්වන එකක් නැහැ.. මට ඉඳල සිටල හිතනව පරණ මිත්‍රයකුට වගේ ලියුමක් ලියල බලන්න.

අනුලා ගේ ලියුම ලාවචුවට එවූ නිමලා කාමරයෙන් එළියට ආවේ සිසිවකු ගේට්ටුව අරින සද්දය ඇසුණු බැවිනි. ඒ අම්මා විය හැකි ද? පහළ තේ හේන නෙළනවා බලන්න ගිය ඈට මෙ පමණ ඉක්මනින් ආපසු ආ නොහැකි ය. අනුලා ගෙන් ලියුමක් ලැබෙන එක පවා අම්මා ගේ සතුටට හේතු නොවන බව නිමලා දනී. ලියුම අනුලා ගේ බව දැනගත්තොත් ඈ නො වරදවා කියන දෙය නිමලා දනී. අරකි ගෙන් ද ලියුම.....මොකක් ද උඹටයි ඒ කිටයි තියෙන ගනුදෙනුව... උඹලටත් රස්සා නැත්තේ ගිය ආප්ප අම්මලයි දුලටත් විශ්වවිද්‍යාලෙට යන්න වුණ හින්ද තමයි. අම්මා සමඟ  මේ පිළිබඳ ව කීප වරක් කලහ කරගත් නිමලා දැන් ඈ කියන දෙය නෑසුණාක් මෙන් ඉන්නේ එය හොඳ ම ප්‍රතිපත්තිය බව වටහාගෙන ඇති බැවිනි. විදානෙ ආරච්චි රාලහාමි කෙනෙකු විවාහ කරගත් දනට අවුරුද්දකට පෙර වන තුරු ගැමේ ගැනු පාසලේ මුල් ගුරුකම කළ ඈට තේරෙන සමාජ පෙරළිය කුමක්ද? ඈ දැන් බලාගෙන ඉන්නේ ගිය වසරෙහි විශ්ව විද්‍යාලයට ඇතුළු වූ මල්ලී වෛද්‍ය විද්‍යාලයෙන් පිට වී දොස්තර කෙනෙකු වන තුරු ය. තව ම වෛද්‍ය විද්‍යාලයට පවා ඇතුළු නොවු ඔහු ගැන ඈ දැනට ම සඳහන් කරන්නේ දොස්තර මහත්තයා' කියා යි. මුල දී තමා හමු වීම පිණිස දෙතුන් වතාවක් ම ගෙදර ආ අනුලා ඉන් පසු තමා බැලීමට නොආවේ අම්මා තුළ ඇති මේ උද්ධච්ච අහංකාරය අවබෝධ කරගත් නිසා විය යුතු ය. අනුලා අන්තිම වරට පැමිණි වතාවෙහි අම්මා කී කට කැඩිච්ච කතාව නිමලාට තවම මතකය.

මේ ළමයට නම් අම්ම ගෙ වෙළහෙළදාමට වත් උදවු - පදවු වෙන්න බැරි ය. අම්මා ඒකට කැඩිච්ච කතාව කීවේ අනුලා තමා ගේ දුවට වඩා වෙනස් පන්තියකට අයත් එකියක බව ඇඟවීමට විය යුතු ය. ගම් දෙකකට ඈතින් වසන ඇගේ මව මුල දී ආප්ප පුච්වා හම්බු කළ බව ද, ඉන් පසු සුළු කඩයක් දමාගෙන ජීවත් වන බව ද නිමලා අසා ඇත.

ඉස්තෝප්පුව වෙත පැමිණි නිමලා වටපිට බලා සාලය හරහා කුස්සිය පැත්තට ගියේ ගේට්ටුව ඇර තබා ඇති බව දුටු හෙයිනි. සමුපකාර කඩයට ගිය මැගිලින් ආපසු එන්නට ඇත.අනේ පුංචි නෝන මේ ලණු පැදුර අහත් කරපු එක නම් හරි මේ වැරැද්ද ඔක්කොම මඩ ගොඩ පිටින් තමයි ගෙට ගොඩ වෙන්න තියෙන්නෙ මැගිලින් කීවාය.

මතක ඇති දවස් පටන් ගෙයි හරහා ඉස්තෝප්පුවේ පටන් කුස්සිය දක්වා දමන ලද ලණු පැදුර නිමලා මුලින් ම අස් කළේ විශ්වවිද්‍යාලයට ඇතුළු වීමෙන් පසු ගෙදර ආ මුල් නිවාඩුවේ දී ම ය. එහෙත් ඈ ආපසු ගිය සැණෙන් යළි මෙ තැනට එන ලණු පැදුර මෙවර හෙදර එමෙන් පසු ව පමණි සදහට ම ඈත් කරන ලද්දේ. ඈට අස් කිරීමට අවශ්‍ය වූ තඩු කස්තාන පැලඳගත් ඉස්සරහ බිත්තිය පුරා එල්ලන ලද තාත්තාගේ පොටෝ කීපය නම් ඉවත් කිරීමට ඈ නො වේ සමත් වූයේ. මේව මෙහෙ තියෙන්න ඇරපන්. අපි අහසින් වැටිච්ච ඈයෝ නෙවේ බව එන කොට වත් නොපෙනේය ගලවා අයින් කළ පින්තූර යළි එල්ලමින් අම්මා කී හැටි නිමලාට තවම
මතකය.

අවුරුදු දෙකක් ගිහිල්ලත් මේ ගැනිට ලණු පැදුර අමතත්ත නොවිච්ච හැටි!

"ලණු පැදුරත් මැගිලින් ගෙ කකුල් දෙකට තමයි හයි කරන්න තියෙන්නේ."

කාගෙන් ද පුංචි නෝන ලියුම. සුනන්ද මහත්තය ගෙන් වත්ද?

එයා අපිට ලියන කොට බැරි ය.. එයාට අපිව දැන් මතක නැතුවත් ඇති. ඒ දිනවල සුනන්දට හොර රහසේ ලියන ලියුම් එ ලෙස ම හොර රහසේ තැපැල් කිරීමේ කාරිය කළ මැගිලින්ට ඔවුන් ගේ ප්‍රේම සම්බන්ධය ගැන තොරතුරු සියල්ල නිමලා කියා ඇත.

" ඒක හොඳ යි පුංචි නෝන. හරි නොයන දේ මතක නැති වෙලා යන එකමයි වැඩිය හොඳ. කුල ගෝත්තර හරි යන්නෙ නැත්තන් මහ හාමිනේල ඔික කවදාවත් කරාගන්න දේ ය. ඒ මහත්තය ගෙ සීදේවී මුණට නම් මාත් කැමති යි. මං දැක්ක පුංචි නෝන ඒ පොටෝ එක හංගපු තැන."

මැගිලින් අක්කටත් ඕන නැති දෙයක් නැහැ... පොටෝ එක හංගපු තැන යි කොහොම ද ඒක සොයාගත්තේ?"

මේසෙ යට පිහදාන කොට මම දැක්ක ලාච්චුව අස්සේ උන්ඩි කරල තියෙනවා ."

 යළි කාමරය තුළට ආ නිමලා එහි දොර වසා, සිය සෝපාවෙි ඇල වුවාය. කාමරයෙහි දොර වසා මෙ සේ සෝපාවෙි ඇල වූ විට ඇගේ සිතට සෙසු බාහිර ලෝකයෙන් මිදුණු බවක් එකවර ම නැගෙයි. සාලයට යාබද, කුඩා කවුළුවකින් යුතු නිතර මද අඳුරක් දැවටුණු මේ කාමරය ඇගේ අභයභූමිය වූයේ විශ්වවිද්‍යාලයට යෑමටත් පෙර ය. ඒ කාලයේ ඈත් මල්ලීත් පාඩම කිරීම සඳහා යොදාගත් මේ කාමරය මල්ලී කොළඹට යෑමෙන් පසු දැන් ඇගේ මුළු බුක්තියට සවි වී තිබේ. එයට ඇතුළු වන ඈට එක වරම දැනෙන මේ සහනයට හේතුව කුමක් ද ? ජනේලය අසල ඇති සෝපාවෙහි දිග ඇදෙන ඈට නවකතා පොතක් අතට ගෙන, එසේත් නැත් නම් සීලිමෙහි සුදු අල්ලියක් දෙස බලාගෙන පෑ ගණනක් සිතිවිලි ලෝකයෙහි සැරිසැරිය හැකි ය. එකින් එක ලුහුබැඳ දිවෙන සිතිවිලි මත්තෙහි පාවෙමින් සිටිය හැකි ය. අම්මා ගේ කෑ ගැසීම, අඬදබර ආදි අසෝබන දේවල් මේ තුළට නෑසෙයි. මෙහි ඇතුළු වන ඇගේ කය මෙන්ම සිත ද සෙසු බාහිර ලෝක මිදියයි. මේ තුළට වී සිය සිත කය දෙක ම සුන්දර ලොවක සඟවාගෙන ඈ කොපමණ කාලයක් ගත කරන්නට ඇතිද? ඇතැම් දිනක ඈ මුළු දවස ම මේ සෝපාවට වී ගත කරන්නට ඇත. නිමලා යළි අනුලා ගේ ලියුම් අතට ගත්තේ එහි සුනන්ද ගැන වැරදිලාවත් කිසියම් තොරතුරක් ලියවී ඇත් දැයි දැනගනු පිණිස ය. ඈ යළිත් එය මුල සිටම කියවන්නට වූවා ය.

නොදකින් වල්බූත.කෙහෙම්මල් සංවිධානෙ ගැන මයි මේකෙ තියෙන්නේ... මේ යථාර්ථය වෙනස් කරන සංවිධාන- ඔය කියන සුන්දර ලෝකෙ මට නම් වහ කදුරු වගේ තිත්ත  යි. එක අතකට අනුලට තියෙන්නේ ගොරහැඩි මනසක් වෙන්න ඔින. නැත්නම් ඔය ගොරහැඩි සංවිධාන වගේ ඒව ඔය තරම් අල්ලාය.. වෙන සියුම් දෙයක් සටහන් නොවෙන්නෙ ඒක වෙන්න ඔින. නැත්නම් ඔය ගොරහැඩි සංවිධාන වගේ ඒව ඔය තරම් ප්‍රිය වේ ය . ඒ දවස්වල සරච්චන්ද්‍ර මහත්තය කියන්නෙ නාට්‍යයක් බලන්න  ගියා ම ඒක සියෙන ගල් කණු වගේ ය කියල ඔය වගේ ගොරහැඩි මනස් තියෙන අය.

නිමලාගේ මුව යට සිනාවක් ඉබේම නැගුණේ අනුලාගේ දෙපා හදිසියේ සිහි වීමෙනි. විහිදී ගිය ඇඟිලි ඇති ඒ පැතලි දෙපා ඇගේ මහසෙහි ගොරහැඩි බව අඟවන්නක් ද? ඒක වෙන්න බැහැ. එ්ක බොරු මිථ්‍යාවක්. එ්ක ඒ දවස්වල හිල්ඩ එකේ හිටිය ලෝකල් කුල්‍ටර් කල්ලිය ඈත් එක්ක තිවුණු වෛරෙට ඈට අවමන් කරන්න හදාපු කතාවක්... පාදවලත් මන සේත් ඇති සම්බන්ධය මොකක්ද ? ඒ වගේ ම ඇගේ මනස එහෙම ගොරහැඬි එකක් නොවෙයි... ඕන දෙයක් හොඳට ආස්වාදය කිරීමේ ශක්තිය ඈට තියෙනවා...... ඕන සියුම් සුන්දර හැඟුමක් විඳගන්න පුළුවන් - කම තියෙනවා... ඒ ශක්තිය නැතුව වගේ ඈ පෙන්නන්නෙ වුවමනාවෙන් ආරූඪ කරගත්තු දළදඬුකම නිසා... බොරුවට... වුවමනාවට.... ඇගේ දෙපා එහෙම වෙන්න ඇත්තෙ හුඟක් කල් යනකන් සපත්තු නොදාපු නිසා වෙන්න ඕන. විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සංඝමිත්තෙට එනකන් සපත්තු දැම්මෙ නැහැ කියල අනුල ම කියනවා මට මතකයි.

නිමලාට පළමු වරට අනුලා මුණගැසුණේ ඈ එ තෙක් උගත් මහා විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලබා සංඝමිත්තයට පැමිණීමෙන් පසුවය. නිමලා ටික දිනකින්ම ඈ සමඟ මිතුරු වූයේත් ඒ මිතු- දම විශ්ව විද්‍යාලයට යන තුරු දියුණු වූයේත් අනුලා කෙරෙහි ඈ දුටු නිර්ව්‍යාජ අවංක ගතිය නිසාය. ඇගේ මුහුණ කට ද, පුළුල් සිනාව ද, අකුටිල කතාවද ඒ නිර්ව්‍යාජ අවංක භාවයේ ප්‍රතිමූර්තියක් වැනි යයි නිමලාට සිතේ. අනුලා සිය සිතට පිවිසෙන සුන්දර සිතිවිලි මිරිකා හැර එයට ගොරහැඬි බවක් ආරූඪ කරගන්නේ කුමක් නිසාද? ඒ ආරූඪ කරගත් ගොරහැඩි දැඩි බව වහල් කොට- ගෙන ඈට කුමනාකාර සුහද හෘදයංගම හැඟුමක් හෝ මරාදැමිය හැකි ය. ඒ දිනවල ඈ කෙරෙහි උනන්දුවක් දැක්වූ බර්ටි ඈ පිටු- දැක්කේ කො තරම් දැඩි සිතකින්ද ? දිනක් ඒ ගැන සඳහන් කළ විට අනුලා කී කියමනක් තවම නිමලාට මතකය. මොනව ද ඕකුන් මේකෙ තියෙන සරුවපිත්තල ලෝකෙන් මත් වෙලා ප්‍රකාශ කරන ඔය ප්‍රේමෙ තියෙන වැදගත්කම?... මම නොදන්නව ය... මම දන්නව ඔයාල ගෙ හිත වැඩ කරන හැටි. බර්ටිගෙ තාත්ත කච්චේරියෙ වැඩ කරන කලිසන් මහත්තයෙක් ලු... කලිසම් අඳින එකෙක් අපේ සනුහරේ වත් නැහැ... ඕකට දැනට ම ඇති දෑවැද්දක් එක්ක ගෑනියක් ජෝඩු කරල....ඈ විසින් පිටු දකින ලද බර්ටි ඒ දිනවල ලියූ කවි පන්තියක් සරච්චන්ද්‍ර මහතා විසින් නිර්මාණ පන්තියේ දී වර්ණනා කළ සැටි ද නිමලාට මතකය. ගේ තුළත් අවටත් සැම තැනම එක සේ නිසංසලය. ඒ නිසංසලය බිඳීමට තැත් කරන එකම රිද්මයකට ඇසෙන කුල්ලෙන් පොළන හඬ නිසංසලය බිඳින්නක් නොවේ. එය දැඩි කරන්නකි.
කවුළුවෙන් ඇදුණු මැලවි යන හිරු රැස් දොර රෙද්දෙන් හරි අඩක් වසාගෙන ඇත. ඒ දිනවල හවස දේශනය අවසාන වී අවුත් කාමරයේ ඇඳෙහි ඇල වී ඉන්නා තමා ඇඳෙන් නැගිට මුහුණ සෝදා ලැස්ති වන්නේ දොර රෙද්දේ අන්තිම වාටිය තෙක් හිරු රැස් පතිත වූ විට නේද? මෙසේ පතිත වී ඇති හිරු රැස් හන්තාන  කඳු වැටියේ මුදුන ද වැලඳගෙන ඇති සැටි කෙස් කලඹ පීරාගැනීමට ලැස්ති වන නිමලාට ඇර තබන ලද කවුළු දොරෙන් පෙනේ. තව ටික වෙලාවක් කඳු මුදුන මත රඟ දෙන ඒ හිරු රැස් ද අතුරුදන්  වී යනු ඇත. සුනන්ද දැන් මෙලාහකට ශාලාවෙන් පිට වෙනවා ඇති. ඔහු බිම දෙසට කැරවූ හිසින් යුතු වී වටපිට සෙමෙන් අඩි පියමින් එන සැටි මල්  වංගුව වෙත ළංවන නිමලාට පෙනේ. දුර ඉඳල බලනකොට සුනන්දත් හරියට සරච්චන්ද්‍ර වගේ නේද? ඒ විනීතක ම නේ ද සුනන්ද ගෙ මුහුණෙත් තියෙන්නෙ. සුනන්ද එහෙම කියනවට හරි ආසයි. මල් වංගුව අසල රැඳි ඉන්න ඇගේ නැහැ තුඩින් පිවිසෙන මල් සුවඳ ඈ සිරුරත ම එක ම සුවඳකින් පුරාලන බවක් නො වේ ද ඈට දනෙන්නේ. හැම දාම  සුනන්ද මුණ ගැහෙන්නේ මෙ තැන දී නේ ද - හැම දා ම අසෝක මල්වල සුවඳ රෑන් රෑන් පහළට එල්ලෙන අසෝස මල්වල සුවඳ ඒ මල් සුවඳත් එක්ක නේද හැම දාම සුනන්ද හමු වෙන්නේ. සදා පවතින මල් සුවඳ නොමියෙන මල් සුවඳ.. ඊළඟට ඒ පාර දිගේ. හෝල් එක ගාවට ඇවිල්ල අර පාරෙන් උඩට හැමදා ම අමුතු හීතල හුළඟක් කඳු වැටිය දිගේ හමා එනව. අනික් පැත්තේ කඳු මුදුන් මත්තේ තවම හිරු රැස් බබළනව. පාර දෙ පැත්තේ තියෙන ගස් මල්වලින් පිරිල තියෙන හැටි පෙනෙන්නේ මෙතෙන්ට අර බලන්න සුනන්ද- කෝ කෙල්ලෙ - අර බලන්නකො, අර කන්ද මුදුනේ  තියෙන්නෙ. මම ආස යි ඒ වගේ ගේ පොඩ්ඩක් හදාගෙන තනියම ඉන්න.

නිමලා වහා සෝපාවෙහි පස්සට ඇදි මේසය මත වූ නවකතාව ඇදගෙන එහි පිටු පෙරළන්නට වූයේ තමාට කට පාඩමින් මෙන් මතක ඇති ඒ කොටස යළි කියවනු පිණිසය

අපි හන්‍තාන කදු වැටි අතර ඇවිදිමින් සවස් කාලය ගත කරමු, කඳු අතර වැටුණු පාළු පාරවල් කඳුවලින් වට වූ වා ගැබෙහි නිසල භාවය ප්‍රේමයෙන් වෙළුණු  අපගේ සිත් සතන් අහෝ ජීවිතයේ එකම ආනන්ද ප්‍රවාහයකි. මේ ග්‍රීෂ්ම කාලයෙහි සන්ධ්‍යාවෝ බෙහෙවින් පියකරු ය. හිරු බැස යන අහස වෙත අන් කාලයක මේ තරම් මත බඳිනසුලු නොවේ.දහසක් දේ ගැන කතා කරමින් කඳු මුදුන වෙත පැමිණෙන අපි සැඳෑ අහසෙහි විසිතුරු දෙස බොහෝ වේලා බලා ඉන්නෙමු.

.. හිත් රිදීම්, කලකිරීම් අතර මතු වන ඒ ප්‍රීතිමත් අවස්ථා !... කලකිරීමෙන් බලාපොරොත්තුව තවත් දියුණු වේ. සෝකයෙන් ප්‍රීතිය තවත් තීව්‍ර වේ. මේ ආනන්ද ප්‍රවාහය කිසියම් දිනක සිඳී යා ද ? .. බොහෝ වේලා කඳු අතර ගැටෙමින් රැඳී පවත්නා සැඳෑ එළියෙන් යුත් සන්ධ්‍යාවෝ...කඳු අතර නිශ්චලත්වයෙහි ඇසෙන අපගේ සිනා හඬ.. මඳ විඩාව... සීත කාලය ළඟ බව කියන සිහිල් සුළඟ... අහෝ ඒ අත්‍යන්ත ප්‍රීතිය මා කෙසේ විස්තර කරන්න ද? කිසි විටෙක එය අතුරුදන් වෙතැයි මම නොසිතුවෙමි.

" කෝ මේ ළමය... මැගිලින් .......මොකෙක්වත් නැති පාටයි... කෝ බං පුංචි නෝන. හොඳෙයි දවල් වේලෙන්න දාපු කොට්ට උර තාම එළියෙ.... මං මෙතන නැති වුණෝතින් මොකවත් කෙරෙන්නෙ නැහැ... කෝ බං පුංචි නෝන? "

තිගැස්සී අවදි වූ නිමලා නවකතා පොත, පොත් ගොඩ අස්සට තල්ලු කළා ය. ඉබේ තෙත් වී ඇති දෑස පිටි අත්ලෙන් පිස දාගත් ඈ කාමරයෙන් එළියට ආවේ අනුලා ගේ ලියුම ද ලාච්චුව තුළට එබූ පසුය.

" මොනව ද ළමයො කාමරේ ඇතුළට වෙලා කරන්නෙ ? හැම දා මත් ඕක ඇතුළෙ... මඳැ යි දැන් අවුරුද්දක් වුණා ඔක ඇතුළට වෙලා."

අම්මා පුටුවෙහි වාඩි වූ අයුරින් ඈ ටිකක් දිග දේශනයක් පවත්වන්නට යන බව නිමලාට වැටහිණ.

" ඔක ඇතුළට වෙලා හැංගිල ඉන්නේ ඉල්ලපු රස්සාවලට මොනව වුණා ද කියල නිකමට වත් සොයල බැලුව ය?"

" ඒවට වෙන්න ඕන දේ වෙලා ඇති."

" එහෙම කීවොත් මඳැ යි... රටේ තොටේ නිග්‍රහවෙ ඉන්න බැරි එක එකාගෙ කට කැඩිච්ච කතා හින්ද ? ......මෙතෙන්ට වෙලා ඉන්න එක කොයි තරම් නම්බුවක්ද? කරන්නගොඩ මහ ගැනි හැම තැන ම කිය කිය ඇවිදල තියෙන්නෙ ඒකි ගෙ මහරගම හිටිය දුට විතර යි රස්සාව තියෙන්නේ කියල...උඹ ඔය මළ ඉළව්වට ගියාට වැඩිය හොඳයි එතනට ගියා නම්. හැම එකාම අහන්නේ තාම පුංචි නෝන ගෙදර ද කියල.

" ඒකට ඇති එක මොකක් ද ? මම විතරක් ය ගෙදර ඉන්නේ" 
ඇයි උඹලයි අනුලත් ඇති නේ.. ඒකී නම් ආප්ප පුච්චන්න වත් දන්නව ඇති.''

හෙටවත් ගිහින් මිසිස් විජේනායක හම්බ වෙලා අහපන් එතන ඇවිල්ල ටික කලක් නිකමට උගන්වන්න පුළුවන් ද කියල පරණ ඉගෙන ගත්තු ඉස්කෝලෙ නිකන් ඉගැන්නුවත් හොඳ යි එක ඒකා ගෙ කට කැඩිච්ච කතා අහනවට වැඩිය."

" අනේ මට බැහැ ඔය කෝලම් අහන්න. එතන ගිහින් නිකන් උගන්නන්නෙ එතන ගුරුවරියො නැතුව ය... ඔය කෝලම් මට අහන්න බැහැ.''

" කෝලම අහන්න... මුල ඉඳල ම ඉගෙන ගත්තු තමන් ගෙ ඉස්කෝලෙ උගන්වන එක කෝලමක්. මෙතන බී. ඒ. පාස් කරල ඇවිල්ල රටේ ලෝකෙ ඇයින්ට විරිත්තන්න මේක ඇතුළට වෙලා ඉත්ත එක නෙවෙයි කෝලම... උඹට බැරි නම් මම හෙටම ගිහින් අහන්නම්. මිසිස් විජේනායක බොහොම කැමති වේවි... මෙච්චර කල් මට ඕක කල්පනා වුණෙ නැති එක නේ පුදුමෙ...''

හවස තුනේ සීනුව නාද වූ පසු නිමලා බලා ඉන්නේ පාසල අවසාන වූ බව කියන හතරේ සීනුව වැදෙන තුරු ය. ඒ පැය අත් හැම පැයකට ම වඩා දීර්ඝ ලෙස නිමලාට දැනෙන්නේ මේ කන්දොස්කිරියාවෙන්. මේ හිර ගෙයින් පලා යෑමට ඈ තුළ ඇති ආසාව නිසාද? දෙමසක් ගත වන තුරු ඈ මේ දුක් ගැහැට, මෙහි ඇති අවමන්, නිගරු, ගෙරවුම්. පිප්පුම් ඉවසා උන්නේ කෙසේ ද? දිනපතා හැතැප්ම තුනක් මඟ ගෙවා මෙහි පැමිණ විඳින මේ ගැහැට මේ අවමානය ඈ තව දුරටත් විඳින්නේ කුමක් පිණිසද ? කවුරුන් රැවටීමට ද ? කාට මහත් තත්වයක් පෙන්වීමටද ? සිරිපාල නොහිටින්නට උදේ හවස කරන ගමන - පොල් පැටවූවාක් වැනි බසය තුළ තෙරපෙමින් මිරිකෙමින් කරන මේ ගමන - පවා නො ඉවසිය හැකි ගැහැටක් වනු නොඅනුමාන ය. සිරිපාලට පින් සිද්ධ වෙන්නට, ඔහු කෙසේ හෝ ඈ සඳහා අසුනක් වෙන් කරවා ගෙන ඒම පමණි හිතට ඇති එකම සැනසිල්ල. තුනේ සිට හතර වන තුරු, අන්තිම පිරියඩය සඳහා සිය සේවය අවශ්‍ය පන්තියක් නැති නමුදු පාසල අවසන් වන තුරු ඈ කොතැනක හෝ ගැටෙමින් ඉන්නේ කලින් ගිය විට අම්මා අසන දහසක් ප්‍රශ්නවලින් බේරී සිටීමට මෙන් ම සිරිපාල ඉන්නා බසය අල්ලා ගැනීමේ ද බලාපොරොත්තුවෙනි. මෙහි ඉන්නා අනික් ගුරුවරියන් මෙන් දිනපතා නො වරදවා නියමිත වේලාවට මෙහි පැමිණිය ද ඈට බොහෝ දිනවල වැඩ කිරීමට ඇත්තේ පිරියඩයක් හෝ දෙකක් හෝ පමණි. ඇතැම් දිනක එකම පිරියඩයක් වත් වැඩ කිරීමට ඈට නො ලැබේ. කිසියම් ගුරුවරියක නො පැමිණ හිටියොත් නැත් නම් කෙටි නිවාඩු ලබාගෙන පාසලෙන් බැහැර ගියොත් පමණි ඈට පන්තියකට ගොස් ඉගැන්වීමට ඉඩ ලැබෙන්නේ. මුලින් මුලින් මල්ලිකා ක්ලාක් කියන පරිදි, එ වැනි පන්තිවලට ගොස් වැඩ කිරීමට පුරුදු වී උන්න ද, පසු ව විදුහල්පතිනිය ගේ නියෝගයක් නැති ව පන්තියකට නොයෑමට ඈ වග බලාගත්තේ මිසිස් වීරසිංහ සමඟ වූ හබයෙන් පසුවය.

එ දින නිමලා මිසිස් වීරසිංහ ගේ පන්තියට ගියේ, කෙටි නිවාඩුවක් ගෙන පාසලෙන් බැහැර ගොස් ඇති ඈ මෙ තෙක් පැමිණ නැති බව මල්ලිකා දැන්වූ බැවිනි. එ වේලෙහි තිබුණේ ඉන්දියානු ඉතිහාසය පිළිබඳ පාඩම ය. නිමලා ගුප්ත අධිරාජ්‍යය විස්තර කිරීම පිණිස ඉන්දියාවේ සිතියමක් කළු ලෑල්ලෙහි අඳින විටය මිසිස් වීරසිංහ පන්තිය තුළට කඩා වැදුණේ. ඈ කෝපයෙන් දැවෙන බව ඇගේ මුහුණ - කටින් නිමලාට එක වර ම පෙනිණ.

" ඔයා මෙතන නිකන් ලැගල හිටියට එක එක්කෙනා ගෙ පන්තිවලට රිංගන්න ඔනෙ නැහැ... මෙතන මිනිත්තුවක් පරක්කු වුණොත් කාගෙ හරි පන්තියකට රිංගනව.''

" මම ආවේ මල්ලිකා කිව්ව හින්ද.''

"මල්ලිකා දන්නේ කොහොම ද මම එන නේන වග... නිකන් ඉන්නවට මෙතෙන්ට රිංගන්න එන්නෙ. වැඩක් නැත්තන් ගෙදර ගිහින් බුදිය ගන්න එක නේ තියෙන්නෙ...නිකන් ඉන්නවට අපි පළි... මෙතෙන්ට රිංගනව."

නිමලා පන්ති කාමරයෙන් එළියට ආවේ සිය දැසට ඉනු කඳුළු බින්දු පන්තියෙහි වූ සිසුවියන් ගෙන් සඟවාගනිමිනි. එහෙත් ඈ පිට වී එත් ම ඔවුන් කොක්හඬලා සිනා සෙනු නිමලාට ඇසිණ.

නිමලා මිස් වෙනුවට නිකම් මිස්' යන නම ඈට වැටුණේ ඉන් පසු ව විය යුතු යයි නිමලාට ඇතැම් විටක සිතේ. එය හදන ලද්දේ ජ්‍යෙෂ්ඨ පන්තියෙහි සිසුවියන් මිසිස් විරසිංහ ගේ ගෝලයන් විසින් බව ඈ හොඳට ම දනී. ඔවුන් එය පට බඳින්නට
ඇත්තේ එ දින විය යුතු ය. මුල දී එය ඇසුණු හැම විටම දෙනෙත කඳුළෙන් පුරවා ගත්ත ද, සිනා මුසු මුහුණින් එය පිළිගන්නා  බවක් ඈ ක්‍රමයෙන් ඇඟවුයේ සිය සිත වැර වැයමින් දැඩි කරගනිමිනි. මෙ වැනි නම් ප්‍රචලිත වන ආකාරය ඈ දනී.කෙස් වුව ජ්‍යෙෂ්ඨ  පන්තියෙහි සිසුවියන් පටන් ගත් එය ඉබේම නැති වී සියේ කුමනාකාර වාසනාවක් නිසා දැ යි ඈට කිව නොහැකි ය.

ඈට බිඳක් හෝ මනුස්සකමකින් යුතු ව සලකන්නේ ඒ දිනවල සිට මෙහි උගැන්වු මහලු මිසිස් අබේනායක පමණි. කවුරුන් වත් අහල පහල නැති විට ඈ තමා සමඟ කතාවට වැටී නොයෙක් දේ කියන්නේ සිය සිත සනසන අටියෙන් බව නිමලා දනී.

" ඔව ගණන් ගන්න එපා නිමලා... ඔය මිසිස් වීරසිංහට මෙතන ඉන්න හැම ග්රැජුවේට් කෙනෙක් ම පෙන්නන්න බැහැ.. විශ්ව විද්‍යාලෙ ගැන මතක් කරන්න බැහැ... ඔයා මගේ සිතේ ඔය කොලේජ් එකට ගිහිල්ල තියෙන්නේ එන්ට්‍රන්ස් පස් සැරයක් අරගෙන පේල් වුණායින් පස්සෙ ලු. ඒක යි ඔය වෛරෙ."

' මම නම් මෙතෙන්ට එන්නේ අම්ම ගෙ හිත සතුටු කරන්න ඔනෙ හින්ද.... නැත්තන් මට එපා වෙලා."

" එහෙම කියන්න එපා. ටිකක් දුක් විඳගෙන හරි මෙත හිටියොත් මේ පළපුරුද්ද පත් වීමක් ලැබීමෙ දි හුඟක් ප්‍රයෝජනවත් වේවි...කවුරු මොකක් කීවත් නැහුණ වගේ ඉන්න. "

අලුතින් පාසලට බැඳි ඇති එවුන් වන අනික් සියලු දෙනා ම ක්‍රියාවෙන් කතාවෙන් පමණක් නොව, බැල්මෙන් පවා ඈට අවමන් කිරීමෙන් තෘප්තියක් ලබන බව ය නිමලාට ඇඟෙන්නේ. ඈට අවුරුදු තුනකට පෙර විශ්ව විද්‍යාලයෙන් පිට වී ඇති ඒ දිනවල සිට දැක පුරුදු මොනිකා පවා ඈට සලකන්නේ එක ම තැන ඉගෙන ගත් තැනැත්තියකට මෙන් නො වේ.

" ඔයාල කොහොම ද අනේ ඔිව ඔක්කොම සිංහලෙන් ඉගෙන ගත්තේ " " වරක් මොනිකා ඇසුවේ ස්ටාෆ් රූම් එක තුළ දී ය. "මට නම් මේ ළමයින්ට සිංහලෙන් උගන්වන එක කරීම අමාරුයි. කොච්චර මහන්සි ගත්තත් කටට වචන එන්නෙ ම නැහැ - ඒ දවස්වල ලෙක්වරස්ල ම ද තාම ඉන්නේ.. තැනැත්තන් අලුත් කට්ටිය ද ? "

"දැන් තියෙන්නෙ විශ්වවිද්‍යාල ය, අස්ප විද්‍යාල නෙ" සියලුදෙන කොක්හඬලා සිනා ගන්වමින් මිසිස් අල්විස් කීවේ නිමලා පිළිතුරු දීමට පළමු ව ය. "අපේ කාලේ හිටිය ලෙක්වරස් දැන් වෙන රට වලට ගිහිල්ල. දැන් ඔය ඔක්කොම කරනව ඇත්තේ ඕෆැක්කාරයො වෙන්න ඇති.''

" මට නම් සිංහලෙන් ඉගැන්නිල්ල දැන් ඇති වෙලා.. ලලිත් කියනව වගේ කාරෙක් පැට්‍රොල් වියදම හම්බු කරාගන්න කරනව මිසක් නැත් නම් මේක කරන්න වටින්නෙ නැහැ. ''

අනික් එක උගන්නල විශ්ව විද්‍යාලෙට ඇරියයින් පස්සෙ ආපහු ඇවිල්ල අපේ පන්තිවලට කඩාගෙන වැටෙවී නිකන් උගන්නන්න.'' මිසිස් වීරසිංහ ගේ කියමනට සියල්ලෝ ම කොක්හඬලා සිනා සෙති.

ඒ වැනි විටක නිමලාට මතක් වන්නී අනුලා ය.. මුන්ට ඉන්න ඔින අනුල වගේ ඇයො තමයි. අනුල නම් එක දවසින් මුන්ව මඩවල ගනීවි... එක වචනෙන් මුන් ගෙ හුළං බස්සාවි... අනුල වගේ ඈයො තමයි මුන්ට ඉන්න ඕන... එක දවසක් ආවොත් ඇති..... ඒකි ඔය සංවිධාන හදනව ඇත්තේ ඒක තමයි. එහෙම නැති ව මුන්ගෙ ඔළුව ඉදිමිච්චකම බස්සන්න බැහැ...

නිමලාට ස්ටාෆ් රුම් එකේ ඉඳිම සම්පුර්ණයෙන් තිත්ත වී තව එක දවසක් හෝ මෙ තැනට ඒම එපා වූයේ දැනට මසකට පමණ පෙර සිදු වූ ඒ සිද්ධිය නිසා ය.

ස්ටාෆ් රූම් එකට මුළු සංහතියම එක විට කඩා වදින්නේ දවල් එකොළහේ බෙල් එකත් සමඟ ය. තේ බීමට පොරකන රොත්ත නිසා එ විට ඒ තැන ඇඟිල්ලක් ගැසීමට ඉඩක් නැත. ඒ වේලාවට එ තැන නොරැඳි පිට වී යෑමට නිමලා වග බලා ගත්තේ එය ඔවුන්ට ඇනුම් පද කීමට ඉතා පහසු අවස්ථාවක් නිසා ය. රංචු මනසට අසු වූ අහිංසකයාට පවා ඈ වහල් කොටගෙන ඇනුම් පදයක් කියා සෙස්සන් හිනැස්සීමට එය කදිම වරයක් වෙයි. එ දින නිමලාට ඒ තැන රැඳී ඉන්නට වූයේ විදුහල්පතිනියට අවශ්‍ය කිසියම් වැඩක ඈ නියුක්ත වී උන් නිසාය.

කඩාගෙන වැදුණු රොත්ත එකිනෙකා පරයා උස් හඬින් කතා කරති; කොක් හඬලා සිනා සෙති. අන්තිමට කඩා වැදුණු මිසිස් වීරසිංහ වටපිට බලනු නිමලා ඇස් කොනින් දුටුවා ය.

" කෝ මේකෙ තිවුණ පුටු කොහේ ගෙනහුල්ලද ? '' "පුටුවක් නැත්තන් ටිකක් නැඟිටල ඉන්නකො... මොක ද නිකන්

හුඟක් මහන්සි පාට.... ඊයෙ රෑ නිදි මැරුව වත් ද ?' එ සේ ඇසුවේ මිසිස් අල්විස් ය.
 නිකන් හැම තස්සෙම කෝලම් දොඩවන් නැතුව ඉන්න ශ්‍රියානි. මිසිස් වීරසිංහ සීවේ දැඩි ස්වරයෙනි. මෙතන අපට වැඩි වෙන්න ඉඩ කොහේ ද? නිකන් ඉන්න ඈයෝ මෙතන ඇවිල්ල පදිංචි වෙලානේ.  එයාලට තියෙන්නේ නිකන් ඉන්න එකේ ගෙදරින් පුටුවකුත් අරගෙන එන එක යි.කොක් හඬලන සද්දය නිසා ඈ කී දේවලින් නිමලාට ඇසුණි එ පමණයි. ඈ පුටුව පසකට තල්ලු කරමින් ඒ තැනින් පිටවූයේ මින් මතු කිසි දිනක මේ තැනට තබා මෙහි හතර මායිමට වත් අඩිය නො තබමි යි යන අධිෂ්ඨානයෙන් යුතුවය. ඒ දින බසයේ දි සිරිපාල හමු නො වී නමි. පාසලෙන් පිට වූ වෙලේ තිබු කෝපය ගෙදර යන තුරු නො සිඳී තිබුණා නම් එය ඈ පාසලට පැමිණි අන්තිම දිනය වනු නොඅනුමානය. ඇත්තෙන් ම එදින ඈ තුළ වූ කෝපය නිවුණේ සිරිපාල නිසාය.

නිමලා ඔහු හඳුනාගන්නේ ඊයේ පෙරේදා නො වේ. සිරිපාල මුලින්ම බසයේ දී හමු වූ දින ඈ තුළ ඇත්ත වශයෙන් ඇති වූයේ පුදුමයකි. ටික වේලාවක් යන තුරු ඔහු හඳුනා ගැනීමට පවා නිමලාව නොහැකි විය.

මුලින් ම සිංහල ඉස්කෝලයට යන කාලයේ පස් වැනි පන්තිය තෙක් එක ම පන්තියෙහි උගත් සිරිපාල එයට පසු ව ඈට හමු වූයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා විද්‍යා ලෝකයේ පැවති පන්තිවලට යන විට ය. විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉගෙනගත් සිරිපාල මෙ සේ බස් කොන්දොස්තර කෙනෙකු බවට පත් වුයේ කෙසේ ද? කාකි බුෂ් කෝට් එකක් හා සරමක් ඇඳගත් සිරිපාල තමා සමඟ   පළමු ව කතා කරන තුරු නිමලා ඔහු අඳුනා නොගත්තාය.

'' මිස්ට අපිව අඳුනගන්න පුළුවන් ද දන්නෙත් නැහැ. සිරිපාල යෙ මුහුණ කට පොඩ්ඩක් වත්  වෙනස් වී නැති බව දුටු නිමලාට ඇති වූයේ පුදුමයකි. "මේ සිරිපාල නේ ද?

ඔව් මිස් අපිට අත් වුණු ඉරණම මෙක තමයි.'' එ වේලෙහි ඔහු එය කී සැටියෙන් නිමලා ගේ සිත තුළ ඒ මුල් දිනයෙහි ම ඇති වුයේ එක්තරා අනුකම්පාවකි. ඒ වැනි අනුකම්පාවක් එ වේලෙහි ඇති වීමට වඩාත් හේතු වූයේ එ දින මිසිස් වීරසිංහ කියූ ඇනුම් පදවලින් තමා ගේ සිත හොඳට ම ඔද්දල් වී තිබීම ද? සිරිපාලට මේ ඉරණම ඇත්තටම අත්වූයේ කෙසේ ද? ඒ දවස්වල විද්‍යා ලෝකයේ පන්තියට ගිය කීප දෙනා අතරින් නියත වශයෙන් සාමර්ථ්‍යය ලබනු ඇතැයි සිතු අයගෙන්. සිරිපාල එකකු බව නිමලාට මතකය. ඔවුන්ට සිංහල සාහිත්‍යය පිළිබඳ දේශන පැවැත්- වූ මිස්ට රණසිංහ, සිරිපාලගේ විචාර ලිපි මුළු පන්තියට ම ඇසෙන සේ කියවූ සැටි ද නිමලාට මතකය. විරාගයේ අරවින්ද ගේ චරිතය ගැන ඔහු කළ විචාරය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයා කළ විචාරයට වඩා හොඳ යයි නිමලාට දනුදු සිතේ. සිරිපාල ගේ මුහුණෙහි ඒ දිනවල වූ හැදුණු විනීත තැන්පත් පෙනුම තව ම එ ලෙසින් ම තිබෙනවා නේද?

සිරිපාල තමාට මිස් ය යි කරන ඇමතීම ඔහු නතර කළේ කී වරක් ඈ ඒ ගැන ඔහුට කීමෙන් පසුද?

" මොනවට ද මට මිස් කියන්නෙ නම කියන්නෙ නැතුව ඒ දවස්වල වගේ ඔහු මුණගැසී මසකට පමණ පසු දිනක් නිමලා ඔහුට කීවා ය. ඒ වන විට සිරිපාල සැම දිනක ම නො වරදවා නිමලා සඳහා අසුනක් වෙන් කරගෙන ඒමට පුරුදු වී උන්නේ ය.

" එහෙම පුළුවන් ය. ඒ දවස්වල වගේ ය දැන් ... ඔයා වැදගත් උපාධිධාරිනියක් මං වගේ කුණු බස් කොන්දොස්තරයෙක් ය. "

" ඔයාට නම් මොකක් හරි රස්සාවක් තියෙනවා නේ. මට තමයි එහෙම වත් එකක් නැත්තේ... තුට්ටුවක වැඩක් නැති බී. ඒ. එක විතර යි."

'' මිස්ට තව ටික දවසක් ගිහිල්ල ස්ථිර පත්වීමක් ලැබුණා ම එහෙම කියන එකක් නැහැ. එතකොට මේ කාකි කෝට එක දා ගත්තු අපි වගේ බස් කොත්දොස්තරල ගෙ මුණ දිහා බලන එකකුත් නැහැ.

"මොකක් ද ඔය කාකි කෝට එකට වෙලා තියෙන්නෙ ?"

" මට නම් ඒක තමයි පෙන්නන්න බැරි... ඉස්සර නම් අපට ජාතික බැනියම අඳින්න ඉඩ තිවුණ... දැන් ඒකත් බැහැ. වැඩ ඉවර වෙලා ගෙදර යන කොට මම මේක ගලවල කඩදාසියක ඔතාගෙන යන්නෙ."

" කෙහෙම්මල් කාකි කලිසමකුත් ඇන්දහම ඕක හරියට පොලිස් ඉන්ස් පැක්ටර් කෙනෙකු ගෙ යුනිෆෝම් එක වගේ හිටිව්."

'' මිස් කියනව නම් කලිසම ආයි මත් අඳින්න පටන් ගන්න ඕන. අපිට කලිසම් දෙනව. මම මුල දී දවස් දෙක තුනක් ඇඳල පස්සෙ අයින් කරා.. මේක නම් දෙකට ම නැති අසීලාචාර ඇඳුමක් තමයි.''
සිරිපාල ඉන් සුමානයකට පමණ පසු  කලිසම ඇඳගෙන ඉන්නවා දුටු නිමලාට එක වර ම සිහි වුයේ ඒ දිනවල විද්‍යා ලෝක පන්තියට ආ සිරිපාල ගේ ස්වරූපය ය. කලිසම ඔහු ගේ ස්වරූපයට පෙරට වඩා විනීත බවක් ගෙන දෙන බව නිමලාට ද පැහැදිලිය. සිරිපාල වසය තුළ කැසිරෙන්නේ ද එ පමණ ම විනීත ගතියකින් නොවේද ? ඔහු මඟින් සමඟ කතා කරන්නේ ද කිසියම් ලජ්ජා සහගත බවක් හා මුසු වූ විනිත ගතියකින් යයි නිමලාට සිතේ.එකකු ගේ විනීතකම නිසා මුළු පරිසරයක් ම වෙනස් විය හැකි අයුරු කො තරම් පුදුමාකාර ද? එ වැනි විනීත පිරිමින් කොතරම් සුළු ගණනක් ද තමා දැක ඇත්තේ.සුනන්ද එ වැනි විනීත ගති පැවතුම් ඇත්තෙකි. ඉසිහාස අංශයෙහි වූ උපකථිකාචාර්ය ලෙස්ලි ද එ වැත්නෙකි. විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ ඇ වීරාභි වාදනයෙන් පිදු මහාචාර්ය සරච්චන්දු එහි ප්‍රතිමුර්තියක් වැනි ය... සිරිපාල තව ම පෙර ලෙස පොත්-පත් කියවනවා ඇත් ද?
සාහිත්‍ය කලා ශිල්ප ගැන උනන්දුවක් දක්වනවා ඇත් ද ? ටික දිනකට පසු මේ ගැන ඔහු ගෙන් දැන ගැනීමට නිමලා තුළ ඇති වුයේ බලවත් ආශාවකි.

ඔවුනට නිවහැනේ කතා කිරීමට ඉඩ ලැබෙන්නේ සවස් වරුවෙහි පමණි. එ ද මලිදුව හන්දිය පසු කළ පසු ව පමණි. එ විට බසයෙහි ඉතුරු ව ඉන්නෝ ටික දෙනෙකි. ඔවුන් ද සිය කතාබහ ගැන කිසි උනන්දුවක් නොදක්වන හීනටිගල හා ගෝන දූව පැත්තේ ගැමියන් බව නිමලා දනී.

සිරිපාල පෙර ලෙසම පොත් පත් නවකතා  කියවනවා පමණක් නො ව ගාල්ලට එන හැම අලුත් නාට්‍යයක් ම බැලීමට ද යන බව ඇසූ නිමලා පුදුම වූවා ය. ඈ විශ්ව විද්‍යාලය තුළ දී දැක ඇති හැම නාට්‍යයක්  ම සිරිපාල දක ඇත.

සරච්චන්ද්‍ර මහත්තය ගෙ අලුත් නාට්‍ය වලින් ඔයා වැඩියම කැමති මොන නාට්‍යයටද?''

මිස් කැමති මොන නාට්‍යයට ද ' ''

" මිස් තව ම මිස්. මිසිස් ''

එහෙනම් මිසිස් කියන්නද? . කොහොමත් ළඟ දී මිසිස් කෙනෙක් වේවි නේ."

මිරිස් තමයි රස්සාවක් නැති අපිට වෙන්න පුළුවන් " රස්සාව නැති වුණාට යාළුවො ඇති නෙ හොඳ රස්සාවල් කරන.
එයාලට අපි වගේ ඈයො නැති වුණාට හොඳට දැවැද්ද බෝග ඇති ඈයො සොයා ගන්න බැරි ය.. මම නම් කැමති පෙමතො ජායතී සෝකෝ නාට්‍යයට. 

මාත් ඒකට තමයි හොඳට ම කැමති. ඒක නම් මට ඉස්සෙල්ල ඒවටත් වැඩිය හොඳ යි.. ඒකෙ තමයි හොඳ ම කාව්‍ය ලක්ෂණ තියෙන්නෙ මට සමහර ඒව කට පාඩමුත් නියෙනවා... සාන්ත ය හාත්පස.පැහැදුල් ය අහස් කුස...කළුවලා පටලකින් නො වැසේ ද මේ මොහොත - නැග ඒ ද සැඩ සුළං මහා වාත වේරම්බ.."

"නැඟ ඒ ද සැඩ සුළං මහ වාත වේරම්බ..' නිමලා ද ඔහු අනුව යමින් ඒ සුන්දර වදන් සිසින් මතුළේ ඔහු එය නළවා ගැයූ ආකාරයෙන් මත් වෙමිනි.

' මම ආසයි සරච්චන්ද්‍ර මහත්තය දකින්න. මම කවදාවත් දැකල නැහැ. ඒකට මට හිතා ගන්න පුළුවන් රූප ස්වභාවේ... උස හීන් කෙට්ටු පුද්ගලයෙක් වෙන්න ඇති. බොහොම සාන්ත දාන්ත..'' හුගක් දුරට හරි . ඔයාට වැඩිය උස නැහැ... ඔයක් ටිකක් ඒ වගෙයි සමහර වෙලාවට."

'' මාත් ඒ වගෙයි.... එහෙනම් මාත් සුළු පටු එක් කෙනෙක් නොවෙයි නේ.''

" ඔයාට විශ්ව විද්‍යාලෙට යන්න බැරි වුණ එක හරි අපරාදයක් නේ ද?"

" ඒව ගැන හිතල දන් මොකක් ද ඇති පලේ... එක එක්කෙනා ගෙ ලැබීම තමයි . ලද දෙයින් සතුටු වන එක තමයි මගේ ප්‍රතිපත්ති ය.

ඒ දින පාසල අවසන් වූ බව අඟවන සීනුව වැදුණු සැණින් නිමලා පාසල් භුමියෙන් පැන ගත්තේ ඉන් ඔබ්බෙහි ඇති බස් නැවතුම්පොළ වෙත යනු පිණිස ය. පාසල අසල ම ඇති බස් නැවතුම් පොළ ඇ මඟ හරින්නේ. මුළු දවස පුරා වේදනා දෙන ඒ කාලකණ්ණි මුහුණු යළි තව වරක් දකගැනීමට ඇති අප්පිරියාව නිසාය. ඒ පමණක් නොව එ මගින් ඔවුන් යන බස් රිය ද ඈට මඟ ඇරිය හැකි ය. බස් නැවතුම් පොළ වෙත යන නිමලා කල්පනා කළේ අද ගෙන එන බවට සිරිපාල ඊයේ පොරොන්දු වූ තව. කතාව ගෙනඒමට ඔහුට මතක තිබෙන්නට ඇත් ද යන්න යි. මළවුන් ගේ අවුරුදු දා මළගිය ඇත්තෝ පොතටත් වඩා රසවත් යයි සිරිපාල කරන නිගමනය ඇත්තක් ද? "මළගිය ඇත්තෝ කතාවට වඩා රසවත් සුන්දර නවකතාවක් සිංහලයෙන් ලිවිය හැකි ද? බසය එන තුරු බලා උන් නිමලා සිය සිතට නගා ගැනී තැත් කළේ මළගිය ඇත්තෝ නවකතාවේ අන්තිම කොටස පහනෙහි මෘදු ආලෝකය අවට පැතිරි ඇත.. ඒ සෙවණැලි අතරි නොරිකො මතු ව එන්නා සේ මට දැනේ... මෙහි තතමි පැදුරු නැත..... සිරිපාලට මේ කොටස මතක ඇද්ද? ඔහුට නොඅනුමාන වම මේ කොටස කට පාඩම් වී ඇති!

බසයට නැඟී සිය අසුන වෙත ගමන් කළ ඈ ඒ මත වූ සුපුරුදු  බෑගයත් නවකතාවත් දුටුවා ය. ඈ සඳහා සිරිපාල හැම දා ම වෙන් කර තබන්නේ බසයේ මැද කොටසෙහි ඇති මේ අසුන ය. පිට කවරයෙහි සැලැස්ම ද, අකුරු ද, පාට ද මළගිය ඇත්තෝ නවකතාවේ අයුරු ම බව නිමලාට එක වර ම පෙනිණ. අසුනෙ වාඩි වූ ඈ සිරිපාල දෙස සිනා මුහුණින් බලා නවකතාව අත් ගෙන පෙරළන්නට වූවා ය. ඈ එක වර ම තැති ගෙන තිගැස්සුණේ ඒ තුළ වූ ලියුම් කවරය දැකීමෙනි. එය පසෙකින් තබා සිත තු ඇති තැති ගැනීම සඟවාලූ ඈ නවකතාව මුල සිට කියවන්න වූවා ය.

' මම අර කිව්ව මම ලියාපු බොරු කවි පළ වෙච්ච පත්තර කෑලි දෙකකුයි, ඊයෙ පෙරේදා ලියාපු කවි පෙළකුයි ඕක ඇතුළේ ඇති.. ඒව කියවල බලල හොඳ ද නරක ද කියල කියන්න මලිදුව හන්දිය පසු කළ පසු සුපුරුදු ලෙස ඇවිත් ඉදිරිපස අසුනෙ වාඩි වූ සිරිපාල නිමලා විසින් පැත්තකින් තබන ලද ලියුම් කවර අතට ගෙන ඈ වෙතට දෙමින් කීවේ ය.

" මට නම් ඕක මළගිය ඇත්තන්ට වැඩිය රසවත්. මම ඕක අත අරගත්තේ දවාලට කෑම කාල ඉවර වෙල ඇඳට ගිහිල්ල... ඔක්කො එක හුස්මට කියවල යි පොත බිම තිව්වේ... එක බින්දුවක් නවත්තන්න හිතෙන්නේ  නැහැ.....මේකෙන් තමයි සිත්තරා ගෙ චරිතය නියම ආකාරයට එළිදර වූ වෙන්නේ. "

නොරිකොට මොක ද වෙන්නෙ මේක අන්තිමේ?

ඒක මම දැන් ම කියන්නේ නැහැ.. කියවල ඉවර වුණා ම අපිට පුළුවන් සාකච්ඡා කරන්න. ''

" මට ආසයි මේක වගේම ඔයා ලියපු කවි කියවන්නත්. එළියට අරගෙන බලන්න ද?

"අපොයි එපා.. මං  ඕව පෙන්වන්නත් ලැජ්ජ යි. ගෙනෙන්න ලියුම් කවරෙ දාලත් මට සිතුණ අමතක කරල එන්න.
"ඒක යස වැඩක් නේ... මගේ හිතේ හරි රසවත් ඇති... ඔයාට තියෙන වින්දන ශක්තිය අනුව මොක ද රසවත් නොවෙන්නෙ"

"ඒක කොයි එක වෙතත් ඇත්ත ම කියන්න.... ..මම අගය කරනව නිමල ගෙ විනිශ්චය. "

" මගෙ විනිශ්චය ... ඒක අහන්නත් සතුටු යි."

නිමලා බසයෙන් බැස ගෙදර වෙත ආවේ ලියුම් කවරය තුළ වූ කඩදාසි එළියට අදිමිනි. පත්තරවලින් කපන ලද කවි පන්ති තුනක් ද, මනහර අත් අකුරෙන් ලියන ලද කවි පෙළක් ද ඒ තුළ විය. අත් අකුරෙන් ලියන ලද කවි පෙළෙහි මාතෘකාව වූයේ කළු වලා පටලකින් නො වැසේ ද මේ මොහොත යන්න ය. කොයි තරම් ලස්සන මාතෘකාවක්ද ? ගේට්ටුවෙන් ඇතුළු වූ ඈ ගේ දෙසට ගියේ මුද්‍රිත කවි පෙළවල් උඩින් පල්ලෙන් කියවමිනි. මිදුලෙහි පහත මාලය අතුගාමින් උන් මැගිලින් තමා සමඟ කතා කරන තුරු ද ඈ එහි උන් බව නිමලා නුදුටුවා ය.

ආ... මැගිලින් කරන වැඩේ හරි ෂෝක්... මේක ඔක්කොම කොළ රොඩු වැටිල කැලේ වෙලා තිවුණෙ."

'' මං මේ ටික අතුගාල ඇවිල්ල තේ වක්කරල දෙන්නම් පුංචි නෝනට "

"එපා මැගිලින් මං වක්කරා ගන්නම්... මැගිලින් අතුගාන්න. අර පැත්ත කුණු රොඩු බින්දුවක් නැතුව හරි ලස්සන යි."

පුංචි නෝන මොක ද අද හරි සතුටෙන් වගේ... ඉස්කෝලෙ මිසීල නැද්ද අද අරියාදු කළේ...'' මැගිලින් ඇසුවේ නිමලා නට නටා යන්නාක් මෙන් මහත් සැහැල්ලු පාටින් ගමන් කරනු බලා ඉඳිමිනි. ඉස්කෝලයේ ඇති කන්දොස්කිරියාව නිමලා කියා ඇත්තේ මැගිලින්ට පමණි.

කාමරය තුළට ගිය නිමලා සාරිය උනා දමා ස්කර්ටයක් හා බලව්සයක් ඇඟ ලාගත්තේ නිවිහැනෙහි ඇඳ උඩට වී කවි පෙළවල් කියවන අටියෙනි. ඈට වුවමනා කළේ ළඟ දී ලියන ලද කවි පෙළ කියවා බැලීමට ය. කළු වලා පටලකින් නොවැසේ ද මේ මොහොත... සංකේතාර්ථ නඟන ආකාරයට නේද සිරි එය යොදාගෙන ඇත්තේ...

සිවු වසක ගනඳුරින් තැවුණු 
හද ඉසුලු මට 
මේ දකින මඳ එළිය 
එළියක් ද අඳුරක්ක්ද? 
මුල් දිනෙහි නිලාවක්,
 මුදු සිලක් නෙත් 
පහන් කැන් බිඳක්
දුටුව මම දැන් දකිමි
 සහන් ආලෝකයක් 
එය මගේ වියරු සිත
 ගනඳුරින් පෙළෙන සිත 
දකින මායා ලොවක් 
විනා අන් කවරක්ද?
 සහන් එළියත් කෙසේ 
ම වෙත ළං විය හැකි ද?

අහෝ නො නිවා කෙසේ මෙය මං වෙන රඳවම ද 
කළු වලා පටලකින් මෙය මුදා රැකගම් ද

නිමලා ඒ පද්‍ය පාඨ කියවුයේ හදවත මඬිමින් නඟින ප්‍රීති ආස්වාදයක, වේදනාවක දැවටෙමිනි.

අහෝ නො නිවා කෙසේ මෙය ම - වෙත රඳවම් ද 
කළු වලා පටලසින් මෙය මුදා රැකගම්ද

මුල් දිනෙහි නිලාවක්, මුදු සිලක්, නෙත් පහන් කැන් සිඳත් ඔහුගේ හදවතෙහි අඳුර මකන මේ සහන් එළිය... මෙ නෙත් කැන් පහන් බිඳ කුමක්ද?

ඈ නැවත නැවතත් එහි යම් යම් කොටස් කියවූයේ සිය සිරුර වසා නගින ආස්වාද සුවයකින් පිබිදෙමිනි.
ඈ කාමරයෙන් එළියට ආවේ තමා තුළ පුරා නැගෙන ඒ ආස්වාද සුවය හෙළි කිරීමට, පිට කිරීමට කාමරය තුළ අවකාශයක් නැතිවා මෙනි. කවුරුත් නැති මුළු ගෙය ම හිස්ය ඈ මිදුලට බැස පහත මාලය වෙත ගමන් කළාය.

අතුගාන ලද කුණු රොඩු එක්තැන් කොට ගිනි තැබීම නිසා නගින ලද සිහින් දුම් රොදක් අහස දෙසට නගින සැටි ඈට පෙනේ.අමදින ලද පහත මාලයත්, උඩ මිදුලත් එක ලෙස ම ලස්සනය. අමුතු කාන්තියකින් යුතු හිරු රැස් කඳක් පහත මිදුලෙහි ගස් කොළන් වසා පැතිරි තිබේ. ඒ හිරු එළියෙහි ගැලී කෙළි දෙළෙන් සිනා සෙන්නාක් වැනි ය වත්ත පහළ ඇති නිල් පැහැති පැළ පොල් ගොන්න.

තරප්පුව වෙත ආ ඈ අමදින ලද සුදු වැල්ල මත සක්මන් කරන්නට වූයේ එහි උණුසුමෙහි සිය දෙ පා දවටමිනි. දෙ පතුල
පුබුදන ඒ උණුහුම ඈ සිත තුළ ඇති ආස්වාදය කායික සුවයක් බවට පත් කරන්නකි.. සහන් එළියක් කෙසේ ම වෙත ළං විය හැකි ද? - මෙ වැනි එළියත් දෙ නෙත කෙසේ දැක ගත හැකි ද? හවසට පිපෙන ටියුබ් රෝසා මල්වලින් නගින සුවඳ උඩු මිදුල වසා පැතිරී ඇත. මඳ සුළඟ හා දැවටී එන ඒ සුවඳ ඇගේ නැහැ තුඩින් සිරුර තුළට ගලා එයි..

ප්‍රීති ප්‍රමෝදයෙන් උදම් වූ ඈට හඬ නඟා සිනා සීමට කෑ ගැසීමට සිතේ.

ඇඳිරි වැටෙන තුරු ද නිමලා උන්නේ සිහින සුවයෙන් බඳින ලද මනසින් යුතු ව මිදුලෙහි ඒ මේ අත සත්මන් කරමිනි.

ගෙනෙන ලද පොත් ගොඩ ඇඳ උඩ දැමූ නිමලා මේසය මත වූ ලියුම අතට ගත්තාය. එය අනුලා විසින් එවන ලද්දක් බව එහි පිට කවරයෙහි වූ අකුරුවලින් ම නිමලාට දැකගත හැකි විය.

අනුලා ගේ ලියුම කියවන්නට වූ ඈ ඇඳ මත වාඩි වුයේ නැති ගැන්මකින් සිය සිරුරත වෙවුලන්නාක් මෙන් දනුණු බැවිනි. නළලත නැගුණු ඩා බිඳු පිස දාගත් ඈ යළිත් එය මුල සිට ම කියවන්නට වූවා ය.

මේක මේ හදිසියේ ලියන්නේ මා තුළ ඇති වූ බලවත් ප්‍රීතිය හා සන්තෝෂය නිසයි. මේ වැන්නන් කිසි දිනක අසන්නට ලැබේ ය. මෙ වැනි ශක්තියක් ඔබ තුළ ඇත යන්න මම සිසි දිනක විශ්වාස කළේ නැහැ. සිරිපාල ම ඇර අන් සිසි කෙනෙකු මෙය කිව්වා නම් මම දණින් උඩට ගන්නේ නැහැ. ඒත් මෙ වැනි ආත්ම ශක්තියක් ඔබ තුළ සැඟවී තිබෙන බව මම නොයෙක් විට අනුමාන කළා. ඒ ආත්ම ශක්තියට ප්‍රකාශයට පැමිණීමට ඉඩ නොලැබුණේ නිරතුරු ව ඔබ වසා සිටි ඔය පුහු කිසි හරයක් නැති - මධ්‍යම පාන්තික මනස නමැති බොල් කටුව හෙයින් බව මම දැනගෙන සිටියා. ඉතින් ඔබ ඒ නිසරු බොල් කටුව බිඳදැම්මේ කොහොමද ? ඒ කටුවෙන් එළියට ආවේ කොහොම ද? ඔබ කර ඇති වික්‍රමය සුළුපටු එකක් නොවෙයි. ඒ කටුව බිඳගෙන, ඔය පුහු හර වලට පයින් ගසා ඔබ කළ මේ වික්‍රමය ගැන මගේ හද පතුලින් නැඟෙන තුති පුද අපමණ යි. ඔබකර ඇත්තේ දුර දක්නා නුවණින් යුතු ඥානාන්විත මා හැඟි ක්‍රියාවක් සිරිපාල මම හුඟක් කල් සිට අඳුනනවා. එක අතකින් ඔබ දෙන්නා අතර කොයි තරමේ සමානකම්, කොයි තරමේ එක සමාන මනසක් තියෙනවා ද නියමෙට පෙනෙන්නේ දැනුයි. ඔහුත් ඔබ මෙන් ම කවි මනසක් ඇත්තෙක තථ්‍ය ලෝකය, කාව්‍ය ලෝකය සමඟ දවවාගෙන ජීවත් වන්නෙක්.ඔහු මුණගැසුණත් ඔබ මුණ ගැසුණත් මට දැනෙන්නේ එක ම ආකාර හැඟීමකුයි. දෙ දෙනාට ම දැන් එක් වී කල්පනා ලෝක මවන්න පුළුවන්නේ ද? ඔබ අහල පහල ඉන්නවා නම් මට හොඳ විහිළු කොලොප්පම් ටිකක් කරන්න පුළුවන්.,, සිරිපාල මා සමඟ සියල්ල ම කීවා. ඔබ අතර ප්‍රේම සම්බන්ධය ඇති වුණ සැටි, ඔබ නිසා ඔහු ගේ ආත්ම විශ්වාසය (මිනිස්කම - සිරිපාලගේ වචන අනුව) ඔහු යළි ලබාගත් සැටි ඔහු මා සමඟ සවිස්තර ව කීවා. අනේ  නිමලා මට සතුටේ ඉන්න බැහැ. ඔබ දෙ දෙනා ගේ මේ අත්‍යයන්ත ප්‍රේමයට මා හද පත්ලෙන් නැගෙන ආසිරි මල් පිළිගන්න ඇත්තට ම මේක ඔබ දෙදෙනාට සීමා වූ සම්බන්ධයක් පමණක් නො වෙයි. මෙය එයට වඩා පුළුල් එයට වඩා වැදගත්, දහසක් අරුත් ඇති අප හැම එකකුගේ ම ජීවිතයට බලපාන සම්බන්ධයක් පිළිබඳ සංකේතයක්. මේ සම්බන්ධය - මේ පන්ති සම්බන්ධය උඩ නේ ද අප හැම එකකු ගේ ම විමුක්තිය, අපේ රටේ ජාතියේ විමුක්තිය රඳා පවතින්නේ "

අපේ සංවිධානයේ ප්‍රථම පාඨමාලා රැස් වීම ලබන ඉරිදා තියෙනවා. එ දින දේශනය අපේ ආර්ථික පදනම ගැන. මම ඒ ගැන සියලු විස්තර සිරිපාලට කීවා. සිරිපාල කීවා ඔබත් සමඟ ඒ දාට එනවා කියා. ඒ දාට නො වරදවා එන්න. ඒ විට අපිට ජය පැන් බොන්න පුළුවන් නේද?"

ඇඳෙහි වාඩි වී උන් නිමලා එහි ඇල වූයේ සර්වාංගය වෙළා ගත් තැති ගැන්ම විසින් ඈ සම්පූර්ණයෙන් ම අඩපණ කරන ලද බැවිනි. ඇගේ නළලතින් දාඩිය උතුරා ගලයි. ඈ අතින් ලියුම ගිලිහී වැටුණේ එහි අකුරු සියල්ල එකිනෙකට හා වී එක ම කළු හිත් ගොඩක් බවට පත් වූ බැවිනි.

ඈ පියෙව් සිහි එළවා ගත්තේ මිනිත්තු කීපයකට පසුය. දඬුවෙන් ගසන ලද සැපින්නක මෙන් නැගිට ගත් ඈ ලියුම ගෙන කුඩා කුඩා කැබැලිවලට ඉරා කටේ දමා භාපා ජනේලයෙන් එළියට විසි ළා ය.. ප්‍රේම සම්බන්ධය... කුණු කොන්දොස්තරයෙක් එක්ක 
ප්‍රේම සම්බන්ධය.... පන්ති සම්බන්ධය.... ඒකි බොහොම කැමති ඇති... රොඩි රෑනට වැටෙනවට....

ඈ කාමරයේ දොර පියන් හැරගෙන මැද සාලය වෙත ගියේ වාත වේගයෙනි.

" මට එහෙම ඔය මළඉළ වු ඉස්කෝලෙට මීට පස්සෙ යන්නෙයි කියන්න එපා... මම අඩියක් තියන්නෙ නැහැ මෙතනින් දොට්ට.... මම අඩියක් තියන්නෙ නැහැ... මෙච්චර කල් කට වහගෙන හිටිය හින්ද... එතන ගිහිල්ල එක එකාගෙ ඇනුම් පද ගෙරවුම් පිප්පුම් බලන්නයි... බස්වල ඉන්න එක එකාගෙ කොකං කිරිලි බලන්නයි... මම නෙවෙයි මෙතනින් එළියට අඩියක් තියන්නෙ...' ඈ නො නවත්වා කියාගෙන ගියේ කෝපයෙන් දෙදරුම් කෑ කට හඬිනි.

ඇගේ විලාසයෙන් හා කට හඬින් තුෂ්ණිම්භූත වූ ඇගේ මව ඈ දෙස අන්දුන්කුන්දුන් වී බලා උන්නා ය. නිමලා ආවේශ වූ එකියක මෙන් නො නවත්වා කියවාගෙන ගියාය.

... මම නෙවෙයි මෙතනින් අඩියක් එළියට තියන්නෙ... එක එකා ගෙ පිප්පුම් ගෙරවුමුයි.... බස්වල යන ඇසින් ගෙ කොකං කිරිලියි බලන්න.. මම නෙවෙයි මීට පස්සෙ අඩියක් තියන්නෙ...'' . යන්න ඕනේ නැත්තන් කවුරු වත් බලෙන් ඇදගෙන යනවයි... ඔය තරම් අඬන්න වැලපෙන්න ඕන ය... ගෙදර ඉඳපන්කො '' 

ඇගේ මව නිමලා වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ගන්නේ ඇගේ විලාසයෙන් බිය වෙමිනි.

"මොනව ද දරුවො ඔය තරම් අඬන්නේ වැලපෙන්නේ... යන්න බැරි නම් හෙට ඉඳල ගෙදර ඉඳින්කො."

අම්මාගේ අත ගසාදමා කාමරය තුළට වැදුණු නිමලා ඇඳෙහි වැතිර හඬන්නට වූයේ ඉකි ගසන හඬ නැසෙන පරිදි කොට්ටය මුව තුළ ඔබාගනිමිනි. කොට්ටය තරයේ බදාගත් ඈ ඉකි බිඳිමින් ඇඩුවා ය.

කෝපය, වේදනාව, ආත්මානුකම්පාව වැනි සියයක් අවුල් හැඟීම විසින් උණු කර වගුරුවන ලද හද ඇති ඈ ඉකි බිඳිමින් තව තවත් හැඩුවේ කිසියම් ඉවසුම් නොදෙන කායික වේදනාවක් පිට කිරීමට තැත් කරන්නාක් මෙනි.

 



අදහස් (0)

එක්ටැමෙන් පොළොවට

ඔබේ අදහස් එවන්න

කෙටිකතා

කවටයා
2024 ඔක්තෝබර් මස 01 522 0

ඒ ශිත සෘතුවේදී අත්හදා නොබැලූ කුමන ආකාරයක හෝ රැකියාවක් නොමැත යන අදහස ඇතිව ගීත ගායනා කළ මගේ මිතුරකු සමග ගිටාරය වයමින් ආපන ශාලාවල ඇවිදීමට පටන් ගත්තෙමි.


සූදුරු අබා
2024 සැප්තැම්බර් මස 24 547 0

මං වැඩට යන්නෙ කළුතරින් හතට පිටත් වෙන කෝච්චියෙ. කොවිඩ්වලට කලින් කාලේ කෝච්චියට කිව්වෙ මීගමුව කියලා. දැන් ඒක යන්නෙ මරදානට විතරයි. ඒ නිසා ඒක නිකම්ම හතේ කෝච


මෝනාලීසාට රැවුලක්
2024 සැප්තැම්බර් මස 17 596 0

’’ මගේ හබියා ස්වර්ණ පුස්තක අවසන් වටයේ පොත් දහයම මට ගෙනත් දුන්නා. අපේ ඇඳ ගාව මේ බලන්ඩකො.’’


එක්ටැමෙන් පොළොවට
2024 සැප්තැම්බර් මස 10 514 0

ඔයා තාම එක්ටැම් කල්පනා ලෝකයක ජීවත් වෙන බවයි මට ඔයා ගෙ ලියුමෙන් පෙනෙන්නෙ. නැති වී ගිය පෙම් සබඳකම්. ගත කළ සුන්දර අතීතය. ඕව මතක් කර කර වර්තමානයේ ඇති දුක් කම්


ඔට්ටුව The Bet
2024 සැප්තැම්බර් මස 03 628 0

මෙය සරත් සමයේ එක් රාත්‍රියක් විය. විශ්‍රාමික බැංකුකරුවකු තම මතකයන් අතරින්, වසර පහළොවකට පෙර, ඔහු තවත් එක් සරත් සමයේ දිනෙක, එක්තරා සාදයක් ලබා දුන්නේ කෙසේද


පළිගැනීම
2024 අගෝස්තු මස 27 716 0

සීනුව නාද විය. නිවසේ ස්වාමි දුව වන පෙට්රොව්නා ඇල වී සිටි සෝපාවෙන් වහා නැගිට, ඒ තම සැමියා වන්නට ඇතැයි සිතමින් දොර විවෘත කිරීමට දිව ගියාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39332 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25643 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 340 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1123 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site