IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමෙරිකා මෙක්සිකෝ දේශ සීමා තාප්පයට ​ෙඩාලර් බිලියන 66 ක්

 

මෙක්සිකෝවේ සිට ඇමෙරිකාවට නිරතුරු සිදුවෙන අනවසර සංක‍්‍රමණය මැඬලීමේ නව පියවරක් ලෙස ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ අදහසකට අනුව දේශසීමාව හරහා ඉදිකිරීමට නියමිත දැවැන්ත තාප්පය සැලසුම් කිරීමේ වැඩකටයුතු ඇමෙරිකානු සමාගම් හතරකට පවරා ඇති බව ඇමෙරිකානු ආරංචිමාර්ග පවසයි.   


ඇමෙරිකාවේ සැන් දියෙගෝ සිට බ‍්‍රවුන්ස්විල් දක්වා (මෙක්සිකානු භූමියේ ටිජුආනා සිට මටමොරොස් දක්වා) වන ඇමෙරිකානු මෙක්සිකෝ දේශසීමාව කිලෝ මීටර තුන්දහස් දෙසීයක් දිග ය. මෙක්සිකෝවේ සිට ඇමෙරිකාවට අනවසර සංක‍්‍රමණිකයන් බහුලව ඇදී එන ඇතැම් කපොළු හරහා දැනටමත් කිලෝ මීටර දහසක පමණ කඩින් කඩ තාප්ප කොටස් ඉදිකර ඇත.   


තාප්පය ඉදිකිරීමේදී පැහැර හැරිය නොහැකි කොන්දේසි අතර මීටර් නවයක් උස තාප්පය පරිසර අලංකාරයට බාධාවක් නොවිය යුතුය. උමං මාර්ග සාදා ආරක්ෂිත මායිම තරණය කළ නොහැකිවෙන පරිදි තාප්පය මීටර් දෙකක් පොළොව යටට ද ඉදිවිය යුතු ය. මොනයම් ආකාරයකින් හෝ තාප්පය තරණය කිරීම අපහසු විය යුතුය. සිදුරුකිරීම කැඩීම අපහසු වෙන අමුද්‍රව්‍යවලින් තාප්පය නිමාවිය යුතුය. 

 
උක්ත සියලු කොන්දේසි ගරුකරමින් කිලෝ මීටර තුන්දහසක් දිග තාප්පයක් ඉදිකිරීම පහසු කටයුත්තක් නොවෙන අතර, තාප්පය ඉදිකිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන්කරවා ගැනීම ද ට‍්‍රම්ප්ට දුෂ්කර කාර්යයක් වෙනු ඇත. සමස්ථ වියදම ඩොලර් බිලියන 66 ඉක්මවනු ඇතැයි කියන මෙම  තාප්පයේ මුල් අදියර සඳහා ඩොලර් මිලියන විස්සක මුදලක් දැනට පාර්ලිමේන්තුවෙන් අනුමතවී ඇතුව ද වැඩි මුදලක් වෙන්කිරීම සෙනෙට් සභාව විසින් කල් දමමින් ඇත. හාර්වේ කුණාටුවෙන් සිදුවූ අලාභහානි වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් වෙන්කර ඇති ආධාර මුදල ඇමෙරිකා මෙක්සිකෝ තාප්පය වෙනුවෙන් යොදාගැනීම කෙරෙහි ට‍්‍රම්ප්ගේ අදහසට රට තුළ එතරම් ප‍්‍රසාදයක් නැත.   


යටියන   
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.



අදහස් (0)

ඇමෙරිකා මෙක්සිකෝ දේශ සීමා තාප්පයට ​ෙඩාලර් බිලියන 66 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site