IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදේශිකයෝ දාහහතරදාහක් රෝමයට පොල්ල තියලා පැනලා

ලයිස්තුවේ මුල් පහ අතර අපේ නම නැහැ

රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්‍රතිශතයකි. රෝම නගර සභාවට අයත් ප්‍රදේශය තුළ වැඩිම විදේශික නියෝජනය වෙන්නේ රුමේනියානු ජාතිකයෝ ය. ඊළඟට පිළිවෙළින් පිලීපීන, බංග්ලාදේශ සහ චීන ජාතිකයෝ ද වෙති.   
රෝමයේ නේවාසිකව සිටි විදේශිකයන් දාහහතර දහසක් රජයේ ආයතනවලට මෙන්ම පෞද්ගලික ආයතනවලට ද ණය මුදල් ගෙවීමෙන් තොරව අතුරුදන්ව ඇති බව, පෙබරවාරි මස මුල් සතියේ රෝම නගර සභාවේ නේවාසිකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත්කර ඇති වාර්තාවක සඳහන් ය. මෙම පිරිස බැංකු ණය, ගෙවල් කුලී, දුරකථන, ජල සහ ගෑස් මෙන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුවට ද යුරෝ දහස් ගණනින් හිඟ මුදල් නොගෙවා පැනගොස් ඇත.   


ණය නොගෙවා පැහැරහැර සිටියදී එම මුදල් පියවාගැනීම සඳහා නිකුත් කරනු ලබන අවසන් නිවේදන භාරදීමේදී මෙන්ම, ඉන් ඔබ්බට ගොස් නීතිමය පියවර ගැනීම සඳහා බලය ලත් නිලධාරීන් පෙනී සිටීමේදී ද, බොහෝ කලක සිට කොන්ත්‍රාත්වල සඳහන් ලිපිනයෙන් මෙම විදේශිකයන් අතුරුදන්ව සිටින බව අනාවරණයවී ඇත. මෙම පිරිස විසින් රෝමයේ රාජ්‍ය මෙන්ම වෙනත් අංශවලට ද මෙතෙක් වංචා කර ඇති මුදල යුරෝ මිලියන ගණනක් වෙන බව ද උක්ත වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.   


රෝමයේ විවිධ ආයතනයන්ට ණය මුදල් තබා අතුරුදන්ව සිටින මුල්ම ජාතින් පහ ලයිස්තුගතව ප්‍රකාශයට පත්කර ඇති අතර, එහි ශ්‍රී ලංකාවේ නම නැත.   


ගැස්කොන් ලාසරස්.   
රෝමය, ඉතාලිය. 



අදහස් (0)

විදේශිකයෝ දාහහතරදාහක් රෝමයට පොල්ල තියලා පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site