ජූලි :13 වන සඳුදා සිට ජූලි : 19 වන ඉරිදා අතර

ධනය සතුට ලැබේ
මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම සතියතුළ සාකච්ඡාමය තීරණ, ගිවිසුම් හා වෙළෙඳ කටයුතු සඳහා ශුභදායක වන අතරම, ලිපි කටයුතුවලින් වාසි සැලසේ. තියුණු පැහැදිලි අරමුණු සිතූවිලි පහලවෙයි. සිතට ප්‍රීතිය සැනසීම ලැබෙනවා ඇත. කරන කියන රැකීරක්ෂා වලින්ද වෙළෙඳ ව්‍යාපාරවලින්ද ලාභ ලැබෙන සතියක් ද වේ. මෙය ඔබ විවේක ගැනීමෙහි නොව ක්‍රියා කිරීමෙහි සතියකි. පමණට වැඩි ගමන් යතත් ඒවා ප්‍රයෝජනවත් වේ. සතියපුරා ප්‍රීතිය ගෙන දෙන සුළු සුළු ගමන් ද යාමටත් ලැබේ. පදිංචි හෝ ව්‍යාපාරික ස්ථාන පිළිබඳ සුළු වෙනසක් හෝ ඇති කිරීමටද සිතෙයි.

අමතර මුදලක් ලැබේ
ඔබ මෙම සතිය තුළ ධෛර්යයෙන් වැඩ කරයි. ආත්ම ශක්තියෙන් කටයුතු කිරීමටත් හැකි වන සතියකි. මුදල් පිළිබඳව පැවැති බලාපොරොත්තුවක් ඉටුවේ. ඊට සම්බන්ධ සැලසුම් යනාදිය ද සාර්ථක වේ. සහෝදරයකු ගෙන් හෝ හිතවතකු ගෙන් වුව අමතර මුදලක් අතට ලැබේ. රැකී රක්ෂා කටයුතුවල නිරත වන ඔබට දියුණුව පිළිබඳ අලුත් සැලසුම් ඇති වේ. රැකියාවට හා රාජකාරියට රහස් සතුරන් ගෙන් බලපෑ සාධකයක් ද මඟ හැරී යයි. කරගෙන ආ කටයුතුද අළුතෙන් භාරගෙන හෝ ආරම්භ කර හෝ පටන් ගන්නා කටයුතුද වැඩි දියුණුවට පැමිණේ.

ආධාර උපකාර ලැබේ
ඔබට මේ සතිය ශුභදායී බවක් පෙන්නුම් කරන අතර, හික්මුණු ගතියක් නිහතමානී ගතියක් ඔබ මගින් මැනවින් පිළිඹිබු වෙයි. පසුගිය දිනවල ඔබ කෙරෙහි පැවති කලබලකාරී ගතිය අප්‍රවේසම් සහිත ස්වභාවය පහවී ගොස් ක්‍රමවත් බවක් පිළිවෙළක් අනුව වැඩ කටයුතුවල නිරත වී ජයග්‍රහණ රැසක් අත්පත්කර ගනී. ඔබට මේ සතියේ දී පවුලේ සමගිය තහවුරු වන දෑ සිදුවේ. උපයන දෙයින් ඵල ප්‍රයෝජන ලැබේ. ආදායම් මාර්ගයන්හි වර්ධනයක් ඇතිවේ. හිතවතුන් හිතවතියන්ගේ ආශ්‍රය හා ආධාර උපකාරත් නොඅඩුව ලැබේ.

කරදර පීඩා ඇතිවේ
විශේෂයෙන් ඔබගේ සිත තුළ දින කීපයක් තිස්සේ පැවති අදහසක් ඉටු වෙයි. අනපේක්ෂිත මුදල් අතට ලැබේ. රාජකාරි කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට ඔබට හැකි වන්නේය. ව්‍යාපාර කටයුතු සැලසුම් කළ පරිදි කරගෙන යා හැක. වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවලින් දියුණුව හා ලාභ ලැබේ. බලාපොරොත්තු ඉෂ්ට වේ. අළුත් දේ ඉගෙනීමට ලැබේ. ඒ එසේ නමුදු, සතිය මැද දින දෙක රෝගාබාධ වැළඳීමට ඉඩ තිබෙන අතරම කණගාටු, පීඩා, කරදර අපකීර්ති ඇතිවිය හැකියි. කරගෙන යන කටයුතුවල අඩුපාඩු නිසා කරදර හෝ නැවතීම් ඇති වෙයි.

උපකාර කිරීම් පරිස්සමින්
මෙය ඔබට ශුභා ශුභ මිශ්‍ර අයුරින් ගතවන අතර සතියේ මුල් දින 2ත් අවසන් දින 2ත් ශුභඵලදායී වනු ඇත. එහිදී ඔබට ගතට සිතට සැපත සතුට ගෙනදෙන කාර්යයන් රැසක් සිදුවන්නේය. අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කෙරෙන අතර, ඉගෙන ගත් දෙය ක්‍රියාවට පමුණුවා බලන සතියක් ද වේ. නිකරුණේ කාලය නොගෙවා නිතර වැඩක යෙදෙමින් අනාගත සුබසිද්ධියට යමක් කරගනී. සිතට ගැලපෙන ප්‍රේම සබඳතාවයක් හෝ විවාහ යෝජනාවක් ඔබට ගොඩනැගේ. මේ සතිය තුළ අන්‍යයන්ට උදව් උපකාර කරන්නට යෑමෙන් පසුතැවීමට ලක්වන නිසා ඒ කෙරේ දෙවරක් තෙවරක් සිතන්න.

රැකියා උසස්වීම්
මෙම සතිය තුළ විශේෂයෙන් ඔබ අරඹන හා නිරත වන වැඩ කටයුතුවලින් දියුණුවක් පෙන්නුම් කරයි. වටිනා දේ මිලට ගැනීමට අවස්ථාව උදාවේ. රැකියාවෙන් උසස් වීමට කටයුතු පිළිවෙළ වේ. තරග විභාගවලින් ජයග්‍රහණ ද අත් වේ. දුර බැහැර ගමන් බිමන් වලින්ද යම් යම් ලාභ ප්‍රයෝජනත් අත්වන සතියකි. සිත් කළකිරීමක් පහව යයි. නවක මිතුරු මිතුරියන් ඇසුරට ලැබේ. දියුණුවට කටයුතු සැලසේ. සම්පත් ලාභ මිල මුදල් ලාභ අලංකාර වස්තු ලාභ රෙදිපිළි ඇඳුම් පැළඳුම් ලාභ ලැබෙන සතියකි.

මතු දියුණුව ගැන අවධානය
ලග්නාධිපති හා යෝගකාරකයින්ගේ ගමන මෙම සතිය තුළ බලවත් හෙයින් පසුගිය දිනවල ඇතිව තිබූ කරදර හා විපත්තිවලින් නිදහසත් සැනසීමත් ලැබෙනු ඇත. සතියපුරා ශුභ ඵල අත්කරන බවක් පෙන්නුම් කරයි. පරම්පරාගත දේපොළ ගනුදෙනුවක් විසඳා ගැනීමට අවස්ථාව සැලසේ. අසල්වාසී සුහදතාවය හෝ හිතමිතුරු සබඳතාව තහවුරු වන සතියකි. නැතිවී ගිය රැකී රක්ෂා නැවත ලැබේ. හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබේ. විශේෂයෙන් මෙය ඔබ තම අනාගත දියුණුව ගැන සිතට ගෙන වැඩ කටයුතු කරන සතියකි.

මුල් දින තුන පරිස්සමින්
වෘශ්චික ලග්නය හිමි ඔබට මෙම සතිය තුළ දිවියේ දියුණුවට කටයුතු සැලසුනත් මිල මුදල් ලාභ අලංකාර වස්තු ලාභ මෙන්ම ස්ථාන තනතුරු නිලතල ලාභ ප්‍රයෝජනයන් හා වරප්‍රසාද ගෙනදුන්නත්, විශේෂයෙන් කිවයුතුවන්නේ සතිය ආරම්භක දින තුන ඔබට සැකයෙන් අවිනිශ්චිත භාවයෙන් කටයුතු කරන්නටත් සිදුවේ. පොදුවේ ඔබට නොයෙක් දේ ගැනත් අනුන් ගැනත් සැකයක් පහළවන දෑ සිදුවේ. මෙය අවශ්‍යතා පිරිමැසීමට කෙසේ හෝ මිල මුදල් ලැබෙන සතියකි.

කතාව පරිස්සමින්
ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තුළ සුබ අසුබ මිශ්‍ර අයුරින් හැසිරීම මත ඔබට මෙම සතිය ශුභා ශුභ මිශ්‍ර අයුරින් ගතවෙයි. දෛනිකව ඔබට ලැබෙන මුදල් බලාපොරොත්තු රහිත වියදම් යෙදීමෙන් නාස්තිවී යයි. බොහෝ විට මෙම සතියේ සමාජයේ ආශ්‍රය කරන අය සමග ඇතිවන ගනුදෙනු කතාබහ ආදියේ දී නොසැලකිලිමත්කමින් නොයෙක් කරදර පැටලිලි ඇතිකර ගනී. එනිසා ඒ කෙරේ අවධානයෙන් පසුවන්න. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ නිරත වන්නන්ට දියුණුවට කටයුතු සැලසේ. ආයෝජන අවස්ථා ගොඩනැගේ.

සතිය ශුභදායකයි
සඳු ග්‍රහයාගේ ගමන මත ඔබට මෙම සතියේ මුල්දින පහ තුළ වැදගත් කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට පිළිවන. උපක්‍රමශීලීව කටයුතු කිරීමේ හැකියාව ඇති බැවින් කෙසේ හෝ තම අරමුණු ඉටුකර ගැනීමට හැකි වන්නේය. ලාභ බලාගෙන වියදම් කරන ඔබට මෙම සතිය ශුභ දායක වේ. විශේෂයෙන් විනෝද ක්‍රීඩාවන්ට හා ප්‍රීති උත්සව ආදියටත් සහභාගි වන්නටත් ඉඩ ප්‍රස්තා ලැබෙන සතියක් වන අතර සමාජයෙහි තමාට හොඳ තැනක් හොඳ සැලකිල්ලක් ලැබෙනවා ඇත.

ආදර කරැණාව ලැබේ
ඔබගේ ලග්න නැකැත් අධිපතීන්ගේ හා සඳුගේ ගමන පරිදි ඔබට සතියේ මුල් දින 3 විවිධ අවහිර බාධා ප්‍රමාදවීම් මධ්‍යයේ කටයුතු කිරීමට සිදු වුවත්, අවසන් දින හතර කරදර සිත් තැවුල් හා දුක් සහිතව ගත නොවේ. ඔබ කාටත් ආදර කරුණාව දක්වන සතියක් නිසා ඔබටද සමාජයේ හා අන්‍යයන්ගේ ආදර කරුණාව ලැබේ. පොදුවේ ඔබට මෙම සතියේ යහපත් මෙන්ම ප්‍රයෝජනවත් කටයුතුවල යෙදීමට ද හැකිවේ. ප්‍රයෝජනවත් මිතුරු මිතුරියන් ද ඇසුරට ලැබේ.

ස්වයං රැකියාවලට බාධා
ඔබට මේ සතිය සතුට දනවන මෙන්ම අසතුට ද ඇතිවන මිශ්‍ර ඵල වලින් යුතු සතියකි. අධ්‍යාපන, රැකියා මෙන්ම ආර්ථික වශයෙන් ශුභදායි වෙනස්කම් ඇති කරයි. එනමුදු ප්‍රේම දිවියේ හා යුග දිවියේ ගැටලු ප්‍රශ්න කෙරේ අවධානයෙන් පසුවන්න. එසේම ඔබට මෙහිදී ආර්ථික හා දේපොළ කෙරෙන් යම් යම් ලාභ ප්‍රයෝජනයන් සැලසේ. තමා නිරත රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුවට ස්ථාවර භාවයට විශේෂ යමක් සිදුවේ. හවුල් ව්‍යාපාර වල යෙදෙන්නන්ට අතමිට සරුවන සතියකි. ස්වයං රැකියාවලට විවිධ බාධක යෙදේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd