යුගදිවියේ ප්‍රගතියක්

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයන් හා රවි ග්‍රහයා මේ මස මුල් සති දෙක තුළ පීඩාවකින් තොරව ගමන් කිරීම මුල්කොට එම කාලයෙහි රුකී රක්ෂා තනතුරැවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එය ලැබෙනවා ඇත. මතුවට ප්‍රයෝජනවත් පුද්ගලයකු සමග ආශ්‍රයක් ඇතිවේ. ආදායම වැඩි වේ. උපභෝග පරිභෝග ද්‍රව්‍ය රුස්කර ගැනීමට ඉඩ ලැබේ. අධ්‍යාපන, රුකියා ව්‍යාපාර මෙන්ම ප්‍රේම දිවියේ හා යුගදිවියේ කටයුතුවල ප්‍රගතියක්, ඒවායේ කාර්යයන් කෙරේ සැනසිලිදායක වාතාවරණයක් ද ගොඩනැගේ. සැලසුම්සහගතව උද්‍යෝගයෙන් තම ඉගෙනීම් කටයුතුවල හා රුකියා ව්‍යාපාරාදියෙහි නියුතුවීමට අවස්ථාව උදාවේ.

 මෙම මස අවසන් සති දෙක ඔබට එතරම් සුබදායි අයුරින් නොපවතින හෙයින් එම කාලය ශුභාශුභ මිශ්‍ර අයුරින් ගතවන බව සිතට ගන්න. නොසැලකිල්ල හා වගකීම් රහිතව ක්‍රියා කිරීමක් මත තනතුරැ, නිලතල වරප්‍රසාද වැනි දෑ කප්පාදු වීමකට වුවත් ඉඩ කඩ ඇත. දෙස් විදෙස් රුකියා පොරොන්දුවලට අන්‍යයන්ට මුදල් දීමෙන් වළකින්න. පසුගිය දිනවල නොතේරැම්කමින් හෝ නොසොයා නොබලා කළ වැඩ කටයුතුවලින් හා ගනුදෙනු ආදියෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පාඩු කරදර මෙම කාලයේදී ඇති විය හැක. ඥානාන්විතව ක්‍රියා කරන්න. පොතපතට සිත යෙදුණත් අධ්‍යාපන කටයුතු මඟ හැරී යන්නේය. හුදෙක් යහළු යෙහෙළියන්ගේ වැඩ නිසාද මෙවැනි තත්ත්වයන් මතු වේ. යුග දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතුවලදී අර්බුදකාරී තත්ත්වයන් හට ගනී. එසේම වචනපාවිච්චියේදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. තරග වාද විවාදවලට ඉදිරිපත් වීමට ඉතා අශුභ කාලයකි.  නොසන්සුන් ගතිය සහ ඉක්මන් කෝපය නිසා කලකෝලාහලවලට අසුවෙන්ට පුළුවන්. එනිසා මෙම මසතූල විටින් විට අසතුටුදායක ආරංචි ලැබෙයි.

රුකීරක්ෂා දියුණුවක්

ඔබට මෙම මස මුල් සති දෙකට වඩා අවසන් සතිදෙක ශුභ ඵලදායී අයුරින් ගතවෙයි. ඇතැම් අවස්ථාවල පසුගිය දිනවල බලපෑ දුක් දොම්නස් කරදර මෙහිදී ක්‍රමයෙන් පහවී යයි. ඔබට මව් පස නෑයෙකුගෙන් වාසි ගෙන දෙන කරැණක් සඳහා දුර ගමනක් යෑමට සිදුවේ. නව නිවෙසක් හෝ වාහනයක් මිලදී ගැනීම සඳහා පසුබිම සැකසේ. එසේම මෙම මාසය තුළ රුකීරක්ෂා අංශයේ දියුණුවක් ඇතිවේ. ඉපැයීම් ක්ෂේත්‍රයට මෙන්ම තමා නිරත රුකියා ව්‍යාපාරයන්ට අලුත් වැඩ පිළිවෙළක් සැකසී ජීවිතයේ නව වෙනසකට පසුබිම සැකසෙනු ඇත. වෙළහෙළඳාම් කරන අයට ඒවායින් දියුණුව ඇතිවේ. තම තත්ත්වය උසස් වේ. බලයට පත් වේ.

 පොදුවේ ඔබට මෙම මස මුල් දින 10 තම කටයුතු පසෙක දමා අනුන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. එමෙන්ම මෙය දුර දිග නොබලා කරන කතාවලින් ද වැළකිය යුතු කාලයකි. ඔබ මේ මස තුළ කරන කියන සියලු වැඩකටයුතු ඉතා සැලසුම් සහගතව ඉවසීමෙන් සැලකිල්ලෙන්ම ඥානාන්විතව සිතා කරන්න. නැතහොත් උසස් අයගෙන් ස්වාමියන්ගෙන් කරදර ඇතිවේ. ඒ අයගෙන් තමාට අවහිරකම් බලකිරීම් ආදියකින් පීඩා ගෙන දෙයි. තමාට හෝ අඹුදරැ ආදී පවුලේ කෙනෙකුට හෝ අසනීපයක් පීඩාවක් ඇතිවිය හැක. දුක් කණගාටු හිරිහැර ඇතිවන දේ සිදුවන අතර මුත්‍රා දෝෂ, අධික රැධිර ධාවනය, ලේ උෂ්ණවීම්, උණ ආදී ආබාධ සහ අර්ශස් ආබාධ පැන නගින්ට පුළුවන. වෙහෙස ඇති දුර ගමන්ද යෙදෙත්. අසතුටුදායක ආරංචි ලැබෙන දින කීපයක් නිසා ඉවසීමෙන් දුරදිග බලා දෛනික වැඩවල යෙදෙන්න.

අනපේක්ෂිත වියදම්

මිථුන ලග්නය හිමි ඔබට මෙම මාසේ අවසන් දින 10 ශුභදායි අයුරින් ගත නොවුවත් සෙසු දින 20 තමා නිරත රුකියා හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල නව ප්‍රගතියක් ප්‍රතිසංස්කරණයක් අත්වන ලෙසට කටයුතු සිදුවෙයි. හිතවතකු මාර්ගයෙන් රුකියා ලාභයක් ද ලැබේ. කෙසේ නමුත් ලැබෙන මුදල් විනෝදාස්වාදය, නිෂ්ප්‍රයෝජන ගමන් බිමන් උදෙසා වැය නොකරන්න. අනපේක්ෂිත අයුරින් යම් යම් වියදම් ගෙනදේ. අධ්‍යාපන, ආර්ථික රැකියා කාර්්‍යයන් සේම ධනෝපායන මාර්ගයන්ට මෙන්ම දෛණික තම කටයුතූ ක්‍රියාවන්ට හා පොදුවේ තම රැකියා ව්‍යාපාරාදියත් සිතේ සතූටින් සහනයෙන් උද්යෝගයෙන් කරගෙන යාමටත්, පවත්වාගෙන යෑමටත් පුළුවන්කම මෙම මස පුරාම ලැබේ.

පොදුවේ මෙම මස අවසන් සති දෙක තුළ ඔබ තම සැලසුම් හා ක්‍රියාදාමයන් අනුන් අතට පත් නොවීමට වගබලා ගන්න. අනුන් වෙනුවෙන් වියදම් කිරීමටත් සිදුවේ. ගතට සිතට වෙහෙසකාරී බවක් ඇති කරයි. යම් යම් කාර්යයන් කෙරෙහි ඔබ තුළ අවිනිශ්චිතතාව පහළවන නිසා ආත්මවිශ්වාසය අත්නොහැර මෙම මස තුළ කටයුතු කරන්න. ගෘහජීවිතයේ සිත් තැවුල් ඇතිවේ. භාර්යාව හෝ ස්වාමි පුරැෂයා සමග අවුල් මතු වේ. මුදල් අතින් අගහිඟකම් ඇතිවේ. ගමන් අධික වේ. මෙවැනි තත්ත්ව කෙරෙහිත් සිහි තබාගෙනම ඒ ඒ කාර්යයන්හි නිරත වන්න.

අතපසුවීම්

ඔබට මෙම මස මුල් දින 15 ට වඩා අවසන්  දින 15 සුබදායි වන අතර පොදුවේ මෙය ඔබට සුබාසුබ මිශ්‍රපල සහිත මාසයකි. ඔබට මෙම මසතුල අලුත් පිරිසක් ආශ්‍රයට ලැබේ. උසස් අයගේ ආශ්‍රයද ඇති වේ. විශේෂයෙන් සමාජ සේවකයන්ද ගුරැවරැන්ද පූජකයන්ද තමා ගැන ආශීර්වාදයෙන් තමාව උසස් තැනක තැබීමට උත්සාහ කරනවා ඇත. විවිධ ආධාරද කරන්ට පුළුවන. මෙය ඔබ කෙරෙන් හොද කළමනාකරණයක් ගොඩනැගෙන මාසයකි. මුල්සති දෙක තූළ සිතට සතුට දනවන දේවල් රුසක් සිදුවන්නේය. එසේම මෙය අත මිට සරැ වන සති දෙකකි. කෙසේ නමුත් ඉපැයීම් ක්‍ෂේත්‍රයේ අර්ථවත් දෙයකට අමතර වියදමක් දැරීමට සිදුවේ. එසේම රුකියා හෝ ව්‍යාපාරික කටයුතුවල දියුණුවක් පෙන්වයි. ඥාතීන් මෙන්ම හිතවතුන් අතරත් සබඳතා වර්ධනය වේ.

මෙවැනි සුබපල මධ්‍යයේම සිතට අසතුට දැනෙන අවිනිශ්චිත ගති මතුකරන දේවල් ද සිදුවේ. හදිසියට දුරදිග නොබලා යම්කිසි තීන්දු ක්‍රියාත්මක කිරීමට යෑම නිසා විවිධ පාඩු සිදුවෙයි. කරන්නට තිබෙන වැඩ අතපසුවී යයි. ශරීර වේදනා සිත් වේදනා ඇති කළ හැකියි. කටයුතුවල යම් යම් වෙනස්වීම්ද ඇති වෙයි. ඇසේ හිසේ ආසාදන, මුත්‍රා රෝගයන්ට පහසුවෙන් ලක්වන නිසා ආහාර පාන කෙරේ සැලකිලිමත් වන්න. නිකරැණේ මුදල් නාස්ති වීම් ද යෙදෙන නිසා සැලසුම් සහගතව ඉවසීමෙන්ම කටයුතු කිරීම සැනසීමට හේතුවන බව සිතට ගන්න.

ඉපැයීම් ශක්තිමත් වෙයි

මෙම මස මුල්දින 20 ඔබට ශුභ පලදායී අයුරින් ගතවේ.  ඔබ තමාගේ හිමිකම අයිතිවාසිකම් මෙන්ම බලය සම්බන්ධිත නව සැලැස්මක් යටතේ තීන්දු තීරණ ගෙන කටයුතු කරන්නට අදහස් කරනු ඇත. ඉගෙනීම් කටයුතුවල නිරතවන්නන්ට, වෘත්තීය කටයුතුවල නියුතු වූවන්ටත් එම අංශයන්හි දියුණුවක් සැලසේ. විවාහ අපේක්ෂිත ස්ත්‍රී-පුරැෂ දෙපාර්ශ්වයටම යුග දිවිය පිළිබඳ විශේෂ තීන්දු තීරණවලට එළැඹීමේදී කටවරද්දානොගෙන ඉතා පරිස්සමට කටයුතු කරන්න. ගෙදර දොර හා රාජකාරියට අදාළව කරන කියන කටයුතුවල අවුල් සහගත තත්ත්වයක් පැන නොනගී. විශේෂයෙන් ඔබට මෙම මාසය තුළ ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට හැකි වන්නේය.

අවසන් සති දෙක අනවශ්‍ය වියදම් නිෂ්ප්‍රයෝජන ගමන් බිමන් ආදියට හේතු යෙදෙන හෙයින් ඒවා කෙරෙහි අවධාණයෙන් පසුවන්න. මෙම දින 15 ඔබට එතරම් සුබදායක වාතාවරණයක් නොපෙන්වන නිසා ඔබ කරන කියන එලබෙන සියලු කටයුතු ඉවසීමෙන් සැලසුම් සහගතව ඉතා සංයමයෙන් යුතුව කරන්න. සමාජීය වශයෙන් තමාට අවනම්බුවක් හෝ ලැජ්ජාවක් ඇති වන දෙයක් ද සිදුවීමට ඉඩ ඇති නිසාත් අන්‍යයන්ගේ සැකයට භාජනයවන දේ නොකරන්න. ඒත් සමගම පවුලේ අය සමග අවුල් මතුනොවන දේත් නොකරන්න.

උගත්කමට තැන

ඔබට මෙය උද්යෝගීමත්ව ධෛර්යයෙන් දෙනික කාර්ය කටයුතුවල නියුතුවිය හැකි මාසයක් වන අතර ඔබට රාජකාරි ස්ථානය තුළ සැනසිලිදායි වටපිටාවක් ද ඇතිවේ. හවුල් ව්‍යාපාරවල ගැටලු මතු නොවුණත් විශේෂයෙන් ඔබ නිරත රුකියා ව්‍යාපාර වගකීමෙන් සැලකිල්ලෙන් කරන්න. විවාහ යෝජනා රැකී රක්ෂා තනතුරැ රුකියා පොරොන්දු ණය ගනුදෙනු අපේක්ෂා, මූල්‍ය සැලසුම් වැනි දේවල් සාර්ථකවීමටද හේතු යෙදේ. මෙය ඔබේ උගත්කමට හැකියා කුසලතාවට නිසි තැන ලැබෙන මාසයකි. තමාගේ රුකියා ව්‍යාපාරික කටයුතු මෙන්ම අධ්‍යාපන කටයුතු ප්‍රියමනාප අන්දමට ක්‍රමවත්ව කරගත හැකියි. ප්‍රිය සම්භාෂණ උත්සව ආදියටත් සහභාගි වීමටත් අවස්ථාව උදාවේ. මිල මුදල් ලාභ ලැබේ. තම වැඩ කටයුතුවලට හිතවතුන්ගේ උදව් උපකාර ලබා ගැනීමටත් හැකි වේ.

  ඒත් සමගම මෙම මස අවසන් දින 10 දී හදිසි රෝගාබාධයක් අමුතු අසනීපයක් හෝ වැලඳෙයි. සතුරන්ගෙන් අවහිරතා ඇතිකළ හැකියි. නිතර ගමන් යෙදෙයි. මේ ගමන් නිසා නියම වේලාවට කෑම ඇඳීම නින්ද නෑම පවා කරගැනීමට ඉඩ නොලැබේ. නිෂ්ඵල වියදම් අධිකවේ. ගෞරවය අඩුවේ.නැතහොත් ලැබුණ සැලකිලි අඩුවේ. කරගෙන ආ කටයුතු වැඩපිළිවෙළ නැවතීමට හෝ වෙනස් වීමට ඉඩ තිබේ. එවැනි අවස්ථා මගහැර කටයුතු කිරීමට ඥානාන්විත වන්න.

ඇඳුම් පැලඳුම් තෑගි

තුලා ලග්නය හිමි ඔබට මෙය මිශ්‍රඵලදායී අයුරින් ගතවන මාසයකි. එබැවින්  ඔබට මෙම මාසය තුළ අභියෝග ජයගෙන අවහිර බාධක මැඩගෙන සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට පිළිවන්කම ලැබුනත් වෙහෙස ඇති දුර ගමන්ද යෙදේ. නීති විරෝධී වැඩ කිරීමට පවා සිත්දේ. නැතහොත් එවැනි වැඩ කරන අය හා මැදහත්වන්ට සිදුවේ. හදිසි අනතුරුවලට ඉඩ තිබේ. එමෙන්ම මෙය ඔබට අසතුටුදායක ආරංචි ලැබෙන මාසයක් ද බැවින් කරන කියන දේ දෙවරක් තෙවරක් සිතාබලා කරන්න.

විශේෂයෙන් අවසන් සති දෙක තුළ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යාමට අවශ්‍ය දෑ ලැබේ. ඉපැයීම් කටයුතු උනන්දුවෙන් හා කැපවීමෙන් කර ගැනීමට හැකි වන අතර ඒවායේ වැඩි දියුණුවක් ඇති වන්නේය. අනපේක්ෂිත හෝ බලාපොරොත්තු රහිත මාර්ගයකින් යහපත් දෙයක් ද මෙහිදී සිදුවේ. ඥාති මිත්‍රයන් සමගත් උසස් අය සමගත් ආශ්‍රය ඇතිවේ. වැදගත් අයගේ සැලකිලි ලැබීම් විශේෂයි. (රුකී රක්ෂා තනතුරැ ආදිය සඳහා කැඳවීම් ලැබෙන මාසයක්) මුදල් ලාභද ලැබෙනවා ඇත. ප්‍රසිද්ධවීමට කරැණු යෙදෙයි. එසේම ඔබට මෙම මාසයේදී තෑගි වශයෙන් ඇඳුම් පැලඳුම් හා වස්ත්‍ර ලැබේ. මේ අතරම බලාපොරොත්තු රහිත වියදම් ද වැඩිවන නිසා ගනුදෙනු හා මුදල් පරිහරණයේදී කල්පනාකාරී වන්න. විරැද්ධ ලිංගිකයන් ඇසුරැ ද පරිස්සමින්. කෙසේ වුවත් අභියෝග ජයගත හැක.

ගෙදරදොර අවුල්

මෙම මාසය එතරම් සුබදායි නොවන අතර තමාට හෝ අඹුදරැ ආදී පවුලේ කෙනෙකුට හෝ අසනීපයක් පීඩාවක් ඇතිවිය හැක. උසස් අයගෙන් ස්වාමියන්ගෙන් කරදර ඇතිවේ. ඒ අයගෙන් තමාට අවහිරකම් බලකිරීම් ආදියකින් පීඩා ගෙන දෙයි. අධික රැධිර ධාවනය, ලේ උෂ්ණවීම්, උණ ආදී ආබාධ සහ අර්ශස් ආබාධ පැන නගින්ට පුළුවන. ඒ අතරම ගෙදර දොර පවුලට සම්බන්ධ මෙන්ම තම දෛනික කාර්යයන්ට සම්බන්ධ කටයුතු බාධක මැද ඉටුකර ගැනීමටත් හැකිවේ. නොයෙක් ක්‍රමවලින් ගෙදර ගෙදර අවුල් වියවුල් තැවුල් මතුවන දෑ සිදුවන නිසා එවැනි තත්ත්ව මතුනොවීමට වගබලා ගන්න. ඒත් සමගම මෙම මස තමා ඇසුරැ කරන විරැද්ධ ලිංගිකයා සමග හෝ පවුලේ සමගිය හා අන්‍යොන්‍ය බැඳීම බිදීයන දෑ සිදුවන බැවින් එහි සමගිය සහජීවනය මැනැවින් පවත්වාගෙන යාමට ඥානාන්විත වන්න.

අවසන් සති දෙක අනුන්ගෙන් ගරැ නම්බු ලැබේ. තනතුරැවලට පත්වේ. වාසනාවන්ත භාවය මතුවන දෙයක් ද සිදුවෙයි. ආදායම වැඩිදියුණු වේ. හිත මිතුරන් හා ආශ්‍රය ඇති වේ. තමාගේ කාර්යයන්ට ආණ්ඩුවෙන් හෝ රජයේ උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබේ. අසනීපවලින් සුවය ලැබේ. ගෙදර දොර වාසනාව ඇති වේ. මුදල් පිළිබඳව ලාභ ලැබේ. බලාපොරොත්තු ඉෂ්ට වේ. අලුත් දේ ඉගෙනීමට ලැබේ.

ගෞරව සැලකිලි

ධනු ලග්නය හිමි ඔබට මෙම මාසය ශුභාශුභ මිශ්‍ර අයුරින් ගතවන මාසයකි. නොසැලකිල්ල හා වගකීම් රහිතව ක්‍රියා කිරීමක් මත තනතුරැ නිලතල වරප්‍රසාද වැනි දෑ කප්පාදු වීමකට වුවත් ඉඩ කඩ ඇත. දෙස් විදෙස් රුකියා පොරොන්දුවලට අන්‍යයන්ට මුදල් දීමෙන් වළකින්න. පසුගිය දිනවල නොතේරැම් කමින් හෝ නොසොයා නොබලා කළ වැඩ කටයුතුවලින් හා ගනු දෙනු ආදියෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පාඩු කරදර මෙම මාසයේදී ඇති විය හැක. ඥානාන්විතව ක්‍රියා කරන්න. පොත පතට සිත යෙදුණත් අධ්‍යාපන කටයුතු මඟ හැරී යන්නේය. ඒ එසේ නමුදු මෙම මස මුල්  දින 15 පෙර පිනෙන් ලැබෙන වාසනා ගුණය හොඳින්ම ක්‍රිියාත්මක වන නිසා එහිදී තම දෛනික බොහෝ කටයුතු සාර්ථකව නිමාකර ගැනීමට අවස්ථාව උදාවේ. ගෞරව සැලකිලිද, නම්බුවද වැඩි වැඩියෙන් ලැබෙන කාලය මෙයයි. අළුත් උසස් තත්ත්වයකට පැමිණේ. වෙළඳ ව්‍යාපාර කටයුතු කෙරෙන් වැඩිදියුණුව ඇතිවේ. රජයේ රුකියාවල නියුක්ත අයට වැඩිපුර ගරැ සැලකිලිද නම්බුවද ලැබෙනවත් හැර තනතුරැවලින් උසස්වීම්ද නියමයි. ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයකි. ටික ටික ලැබෙන මුදල් එකවර ලැබෙන්ට ඉඩ තිබේ. තත්ත්වයට කාලයට අනුව නියම වටිනාකම ලැබෙන්ට හේතු තිබෙන බැවින් තම නිශ්පාදනයන් අලෙවි කිරීමට ඉදිරිපත් විය යුතු කාලය මෙයයි.

ආර්ථික ප්‍රගතිය

ඔබට මෙම මාසයේ දී තමා කරන කියන දේ සාර්ථක වී ආර්ථික රැකියා වැනි අංශතූළ ප්‍රගතියක් ගොඩනැගේ. පසුගිය දිනවල අතපසු වූ වැඩ මෙම මාසයෙහි අවසන් කරගැනීමට හැකි වේ. ඉගෙනීමේ කටයුතුවලින් ජයග්‍රහණ මෙන්ම පවුලේ සමගිය සමාදානය ගොඩනැගෙන මාසයක් ද වේ. හදිසි වාසනා හිමිවන මාසයක්ද බැවින් ලොතරුයි වැනි දෑ මිලදී ගැනීම වඩාත් යෙහෙකි. උත්සාහයේ ඵල ලැබේ. තරග විභාග සම්මුඛ පරීක්ෂණාදියෙන් ජයග්‍රහණ අත්වේ. උනන්දු වුවහොත් විරුකියාවට කිසියම් පිළියමක්ද ඔබට මෙම මාසයේදී ලබා ගත හැකි වන්නේය. ආර්ථික රුකියා ආදියේ තෘප්තියක් ඇති වන විදිහකට කටයුතු සිදුවේ. තම අපේක්ෂා හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටු කර ගත යුතුය යන දැඩි අධිෂ්ඨානයකින්ද ඔබ ක්‍රියා කරයි. එසේම මෙහිදී ඔබ පොත පත කියවීමටත් දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාවෙන් කටයුතු කරයි.

මෙවැනි සුබපල මධ්‍යයේම අවසන් දින 10 තුළ දෝෂාරෝපණයකට අසුවේ. ශරීර සනීපය දුර්වලවේ. අලුත් අසනීපයක්ද මතුවිය හැකි කාලයකි. බඩේ අසනීප, කෑම බීම නරක් වීමෙන් සෑදෙන රෝග හදිසි අනතුරැවලින් සාදන තුවාල ආදියට හේතුයි. නිෂ්ඵල දෙයට වියදම් වේ. විරැද්ධකරැවන්ගෙන් තරගකරැවන්ගෙන් හිරිහැර කරදර අවුල් ඇති වේ. දරැ ශිෂ්‍යාදීන් නිසා සිත් දුක් හා කරදරද ඇතැම් විට ඔවුන්ගේ හානියද ඇතිකළ හැකිය. ඒත් සමගම යෙදෙන  හදිසි කරදරයකින් බේරෙන්ටද අවස්ථාව ලැබේ.

වෙනස්කම් රුසක්

ඔබට මේ මාසය වැඩි වශයෙන් ශුභදායි වෙනස්කම් රුසක් සිදුවන මාසයක් බවට පත්වන්නේය. එමෙන්ම මෙය ඔබේ අත මිට සරැ වන මාසයකි. කෙසේ නමුත් දූ දරැවන්ගේ අර්ථවත් දෙයකට අමතර වියදමක් දැරීමට සිදු වේ. රුකියා හෝ ව්‍යාපාරික කටයුතුවල දියුණුවක් පෙන්වයි. ඥාතීන් මෙන්ම හිතවතුන් අතරත් සබඳතා වර්ධනය වේ. අධ්‍යාපන රුකියා කටයුතුවල යෙදෙන ඔබගේ දෛනික සැලසුම් ඉටුවීමෙන් හිතේ සැනසීම ඇති වේ. එසේම ඔබට මෙම කාලයේදී කලකින් නොදුටු හිතවතෙකු හදිසියේ මෙන් හමුවෙයි. පොදුවේ මෙය සිතට නිදහස තෘප්තිය අවශ්‍ය පරිදි ලැබෙන මාසයක් ද වේ. අමතර ආදායම් මාර්ග කෙරේ ද ඔබේ අවධානය යොමු වී ඊට අදාළ කාර්යයක ද ඔබ නියැලේ. නව රුකියා අවස්ථා හෝ ස්ථාන වෙනස්කම් කෙරේ බලපෑ අවහිර බාධා ද පහව යයි. කෙසේ වෙතත් පොදුවේ මෙම මස තුළ ප්‍රේම දිවිය හා යුග දිවිය සිතේ සතූටින් සැනසිල්ලෙන් පවත්වාගෙන යාමටත් අසීරැවේ.

 ඇසට, හිසට ඇතිවන අනතුරැ ආබාධ කෙරෙන් මෙන්ම ප්‍රීතිමත් ගමන් යෙදුණත් යම් යම් අවස්ථාවල ගරැ සැලකිලි ලැබුණත් විනෝදයට සිත නොයොදන්න. ඔබ මෙම කාලයේදී තරග වාද විවාද ප්‍රිය කරයි. එනමුදු තමා කරන කියන කටයුතුවලින් සිත් සතුට ගෙන නොදෙයි. බලාපොරොත්තු අතපසු වන මනසට වද දෙන දෑ සිදුවේ. අනවශ්‍ය ගමන් බිමන් නිසා කරදර ඇතිවෙයි. එසේම ඇසුරැ කරන අය නිසා බලාපොරොත්තු රහිත ගැටලු මතු වෙයි. වියදම් ගෙන දෙන නමුත් මුදල් යොදවා කරනු ලබන කටයුතුවලින් ප්‍රතිඵල නොලැබෙයි. අඹු සැමි මත ගැටුම් ඇති වීමේ අවදානමක්ද පවතින නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.

වියදම් අධිකයි

මීන ලග්නය හිමි ඔබට මෙම මස අවසන් සති දෙකට වඩා මුල් සති දෙක තූළ තම අනාගත දියුණුව උදෙසා සාර්ථක, ප්‍රයෝජනවත් තීරණයක් ගැනීමට මෙන්ම සැලසුමක් ක්‍රියාවට නැංවීමට හැකිවනු ඇත. ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයකින් නිසි ඵල ලැබේ. රුකියා අපේක්ෂා ඉටුවන ව්‍යාපාරික ස්ථාන මාරැවකට කටයුතු පිළියෙළ වන, හවුලට අලුත් සාමාජිකයෙක් එක්වෙන මාසයක්ද වේ. දේපළ ආරවුලක් නිරවුල් කර ගැනීමටත් හැකි වේ. උනන්දුවේ උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්වන සුබදායී සිතට සතුට දනවන යම් යම් දෑ සිදුවන අලුතින් සැලසුම් හා බලාපොරොත්තු සිතට එන සතිදෙකකි. ඒවා ක්‍රියාවට නැන්වීමටත් අවස්ථාව සැකසේ.

අවසන් සති දෙක ඔබගේ අධ්‍යාපන, ආර්ථික රුකියා සේම ධනෝපායන මාර්ගයන්ට මෙන්ම දෛනික තම ක්‍රියාවන්ට හා පොදුවේ තම රුකියා ව්‍යාපාරාදියත් සිතේ සතූටින් සහනයෙන් උද්යෝගයෙන් කරගෙන යාමටත්, තරමක් අසීරැවන අතර මේවායේ කටයුතූ දැඩි කැපවීමෙන් කළ යුතූ බව සිතට ගන්න. ශරීර අසනීප හා දුර්වලකම් ඇතිවේ. ඒවා වැඩිපුර ඇති වන්නේ ප්‍රමාණය ඉක්මවා කම්සැප සෙවීම ආදියෙන් ඉන්ද්‍රියයන් පිනවීමට යාම නිසාය. අගෞරව ලැබේ. කේලාම්වලට අසු වේ. ඕපදූප ඇති වේ. කනගාටුදායක කාලයකි. ණය ගනුදෙනුවලදීත් සිත් තැවුල් හා භය ඇති වේ. වියදම් අධික වේ. ආරවුල් සහිතය. භාර්යාවට අසනීපාදිය ඇති කරන කාලයකි.

බෙන්තොට- හේමන්ත වීරසිංහ (IJ)