IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


මැයි මාසයේ අවසන් සතිය ඔබට කොහොමද

 

හේමන්ත වීරසිංහ

(සතිලග්න පලාපල මැයි 22 වන සඳුදා සිට මැයි 28 වන ඉරිදා අතර)

මේෂ ලග්නය

ඔබගේ එදිනෙදා කටයුතු වල නව මුහුණුවරක් ගෙනදෙන අතරතම කාර්යය කටයුතුවලට ඥාතීන්ගේද හිතවතුන්ගේද ආධාර උපකාර ලැබේ. යම් යම් භාණ්ඩ වර්ග හෝ මිල මුදල් පිළිබඳ ලාභ ලැබේ. වාසනාවන්ත සතුටුදායක සතියකි. එනමුදු පවුලේ සමගිය හා සහජීවනයද ගෙදර දොර සැනසීමද පහවයන දේත් සිදුවෙයි.පසුගිය දිනවල ඔබගේ අධ්‍යාපනය හෝ රාජකාරියට සම්බන්ධ බලපෑ අඩු පාඩුවක් සපුරා ගැනීමට මෙහිදී හැකිවන්නේය. ඇතැම් දිනවලදී අනපේක්ෂිත වියදම් ගෙන දෙන තත්ත්වයක් ගොඩනැගේ. කෙසේ නමුත් ඔබට මෙම සතියේදී මිල මුදල් හා දේපල ලාබ ප්‍රයෝජනයන්ට බලය සැකසේ.

ජය අංකය :-03 සුබ වර්ණය :-කොළපාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න ( මේෂ , මිථුන)

 

වෘෂභ ලග්නය

ඔබගේ ලග්නය පරිදි මේ සතියේ අවසන් දින දෙකට වඩා මුල් දින 5 ශුභඵලදායි අයුරින් ගත වෙයි. අපේක්ෂිත හා සැලසුම් කරන දෑ ඒ අයුරින්ම සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ඔබට සතිය ගතවන්නට පෙර අධ්‍යාපනික ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට පිළිවණ. ගණුදෙනු වලින් නොසිතූ වාසි ප්‍රයෝජන අත්පත් වේ. ආර්ථික හා දේපල වලට අදාළව යටපත්ව පැවති හිමිකම හා අයිතිවාසිකම් ලැබෙන මාර්ග විවරවේ. එහෙත් ඔබ මෙහිදී විනෝදයට බරව කටයුතු කරන්නට යෑමෙන් නිෂ්ප්‍රයෝජන හා අධික වියදම් ද යෙදේ.

ජය අංකය:-02 සුබ වර්ණය:-නිල්පාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න ( වෘෂභ, කටක)

 

මිථුන ලග්නය

ඔබට මේ සතිය ශුභදායි අයුරින් ගත වෙයි. තම පවුලේ සමීපතම ඥාතියකුගේ හෝ අසල්වැසියකුගේ හෝ වැදගත් කටයුත්තක් වෙනුවෙන් ධනය ශ්‍රමය වැය කිරීමට සිදුවෙයි. ඔබ මෙහිදී ආදායම් වියදම් සමබරව පවත්වා ගැනීමටත් යුහුසුළු වන්න.කෙසේ වෙතත් ඔබට මේ සතියේදී තරගකාරී කටයුතු වලින්ද වාද විවාද ආදියෙන් ද ජයග්‍රහණ ලැබේ. සමස්තයක් වශයෙන් බලන කළ ඔබ සිත කය දෙකම එක සේ වෙහෙසා ක්‍රියා කරන සතියකි. උණ ආබාධයකට හෝ පිත් කෝප රෝගයකටද ඉඩ තිබේ. නැතහොත් ඇසක ආබාධයක් හෝ දත්වල දෝෂයක් දැනෙයි. ලැබීමට ඉපැයීමට සුබදායීය.

ජය අංකය :-03 සුබ වර්ණය :- මදටිය පාට රතු

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න ( මිථුන,සිංහ)

 

කටක ලග්නය

කටක-ලග්නය හිමි ඔබට මේ සතිය සුබාසුබ මිශ්‍ර පල ගෙනදේ. මෙම සතියේ මුල් දින 2ට වඩා අවසන් දින 5 ශුභඵලදායි අයුරින් ගතවේ. එහිදී අධ්‍යාපන, රැකියා ව්‍යාපාර මෙන්ම ඉපැයීම් මාර්ගයන්ට අදාලව පසුගිය දිනවල බලපෑ දුෂ්කර තත්ත්වයන් කිහිපයක් සාර්ථක කරගැනීමට පහසුකම් සැලසේ. යටපත්ව පැවති දක්ෂතාවයන් ඉස්මතුවේ. සිත සන්සුන්ව තබා ගැනීමටත්, කරන කියන දෙයින් ලාභ ප්‍රයෝජන සලසා ගැනීමටත් හැකිවන තත්ත්වයට කරුණු සැලසෙයි. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙයට මුදල් ලැබේ.මෙම සතියේ මුල් දින දෙකේදි විශේෂයෙන් තමාට අයත් වැඩ කොටස නිරවුල්ව ක්‍රමවත්ව කිරීමට උත්සහ ගන්න.

ජය අංකය :-08 සුබ වර්ණය :-නිල්පාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න ( කටක කුම්භ )

 

සිංහ ලග්නය

ඔබට මේ සතිය ශුභා ශුභ මිශ්‍රඵලදායී අයුරින් ගතවේ. සති මැද දින තුන හැර සෙසු දින වලදී ඔබ කරන කටයුතුවලින් සතුටුදායක ප්‍රතිඵල අත්වීම නිසා සිතේ සතුට ප්‍රීතිය ඇති කරයි. මෙතෙක් යටපත්ව පැවති දිවියට අදාළ ප්‍රමුඛ ප්‍රශ්නයක් විසදෙන ලක්ෂණ පහළවේ. ප්‍රයෝජනවත් හිතවත් ඥාති මිතුරු සබඳකම් ඇතිවේ. විනෝද හෝ සංචාරක ගමන්, ප්‍රීති උත්සව අවස්ථා යනාදියට සහභාගිවීමටත් ඉඩ ලැබේ. හවුල් කටයුතු ක්‍රියාදාමයන්හි ප්‍රගතියක් ඇතිවේ. රැකියා හා ඉපැයීම් කේෂේත්‍රවල අනාගතයට වැඩදායි සැලැස්මක් සකස්කර ගැනීමට හැකියාව ද ලැබේ. ඇසේ හිසේ ආසාධණ සෙම් දූෂ්‍ය රෝග වලින් ආරක්ෂා වියයුතු සතියකි.

ජය අංකය :-11සුබ වර්ණය :-කොළපාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න ( සිංහ මෙන්ම, මිථුන)

 

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබ මෙම සතියතූල පහසුවෙන් මිල මුදල් උපයන්නට උත්සාහ කරන උනන්දුවන සැටියක් පෙන්නුම් කරයි. අවසන් දින තුනේදී යම් යම් ආයෝජනයන්හිදී වඩාත් කල්පනාකාරී වන්න. හදිසියට කලබලයට හිතට ආ පරිදි කටයුතු නොකරන්න.බොහෝ විට මේ සතියේ මුල් දින හතර තුළ ඔබගේ පාසල් හා වෘත්තිය අධ්‍යාපන කටයුතු සැලසුම් කළ පරිදි කරගෙන යාමට හැකිවනු ඇත. එසේම ඔබ තමා නියුතු රැකියා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා සිත වැඩි වශයෙන් යොමු කරයි. එසේම මෙය ඔබ තමාගේ පුද්ගලික දියුණුව පළමුවෙන් සිතා කටයුතු කරන සතියක් බවටත් මේ සතිය පත්වේ.

ජය අංකය:- 11සුබ වර්ණය:- දීප්තිමත් සුදුපාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න (කන්‍යා,කටක)

 

තුලා ලග්නය

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තූල ගමන් කරන ස්වභාවය මත සසදා බලන විට ඔබට මේ සතියේ අවසන් දින 4 තුලදී අනාගත යහපත උදෙසා යම්යම් ශුභඵලදායී වැඩපිළිවෙලක් ගොඩනැගේ. බලාපොරොත්තු රහිත අනපේක්ෂිත මාර්ගයකින් මුදලක් අතට ලැබෙන අතර පොදුවේ ඔබට විවිධ ආදායම් මාර්ග එළිපෙහෙළි වන ස්වභාවයක්ද පෙන්නුම් කරයි. විශේෂයෙන් ඔබට මෙම සතියේදී හවුල් වෙළද වයාපාරික හා ආයෝජනාදියට සම්බන්ධ අරමුණු සැලසුම් පහසුවෙන් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට හැකිවන්නේය.

ජය අංකය:-11  සුබ වර්ණය :- රන්වන්පාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න ( තුලා,සිංහ)

 

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන්ඔබට මෙම සතියේ ආරම්භක දින හතර කරදර සහිත දවස් වෙති. කණගාටුවට හේතුවන දේත් සිදුවේ. අනුන්ගේ වැඩ තමාගේ සැක බියට හේතු වේ. නිෂ්ඵල ගමන් අධික වියදම් ඇති කරන්ටත් පුළුවන.ඇතැම් දිනවල දණ හිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක්ද, ශරීර දුර්වල තත්ත්වයක්ද සාමාන්‍යයෙන් ශරීරාබාධ ගතියක්ද සාදනු ඇත. මෙතෙක් බාධා ගෙන දුන් ඉඩම් ගනුදෙනුවක් හෝ අලෙවි කටයුත්තක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

ජය අංකය:-04 සුබ වර්ණය:-නිල් පාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න  (වෘශ්චික, කුම්භ)

 

ධනු ලග්නය

ඔබට මෙම සතියේ මැද දින තුන තුළ සතුරන් නිසා සිතට භය හා සැක සහිතව කාලය ගෙවේ. නිෂ්ඵල වූද වියදම් අධික වූද ගමන් බිමන් යාමට සිදුවේ. ස්ථාන හෝ කටයුතුද වෙනස් විය හැකියි. සාමාන්‍යයෙන් කරදර සහිත දිනකිහිපයකි. දුර බැහැර පළාත්වල යාමට සිදුවේ. සෙසු දිනයන් වලදී නොයෙක් ආකාර සුළු සුළු ද්‍රව්‍ය ලාභ ලැබෙන අතරඔබට මෙම දින කිහිපයතුල ප්‍රධානීන් හා වැඩිහිටියන් සමග කුළුපග වීමෙන් යම් යම් ලාභප්‍රයෝජන අත්පත්වෙයි. හොද මිතුරන් ඥාතීන්  වැඩි වශයෙන් මෙම කාලයේදී මුණගැසේ. ඒ නිසාම එහි දී සිත් සතුටට කරුණු සැලසේ.

ජය අංකය:-07  සුබ වර්ණය:-කොළපාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න ( ධනු, මිථුන)

 

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන්  ඔබට මෙය ශුභාශුභ මිශ්‍ර අයුරින් ගතවන සතියකි. ඔබ තම සැලසුම් හා ක්‍රියාදාමයන් අනුන් අතට පත් නොවීමට වගබලා ගන්න. වාද විවාද වලට තුඩු දෙන අදහස් හුවමාරු හා සාකච්ඡා වැනි දෙයට සම්බන්ධ නොවන්න. කෙසේ වෙතත් ඔබට මෙම සතියේ මැද දින තුනේදී තමා නිරත රැකියා හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල නව ප්‍රගතියක් ප්‍රතිසංස්කරණයක් අත්වන ලෙසට කටයුතු සිදුවෙයි. හිතවතෙකු මාර්ගයෙන් රැකියා ලාභයක් ද ලැබේ. ලැබෙන මුදල් විනෝදාස්වාදය, නිශ්ප්‍රයෝජන ගමන් බිමන් උදෙසා වැය නොකරන්න. අනපේක්ෂිත අයුරින් යම් යම් වියදම් ගෙන දේ.

ජය අංකය :-07 සුබ වර්ණය :-රිදීපාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න (මකර, කටක)

 

කුම්භ ලග්නය

ඔබටමෙම සතියේ මුල් දින දෙකට වඩා අවසන් දින පහශුභදායී අයුරින් ගතවනු ඇත. බලාපොරොත්තු ඉටුවන දියුණුවට කටයුතු පිළියෙළ වන ප්‍රතිඵල දායක යමක් සිද්දවෙන දින පහකි. විටෙක දිනපතා කරගෙන ආ කටයුතුවල වෙනස්කම් ද ඇතිවෙයි. ඒවා මතු යහපත උදෙසා වේ. ආදායම් තත්ත්වයෙහි ද ප්‍රගතියක් දක්නට ලැබේ. ව්‍යාපාරවල නිරතවන්නන්ට අලුත් අදහස් ක්‍රියාවට නැගීමෙන් නව නිපැයුම් ඉදිරිපත් කිරීමට හැකිවේ. සෙසු දිනයන්හි හදිසි කැපුම් කෙටුම් වැටීම් ආදියෙන් සුළු තුවාල අනතුරු ඇතිවිය හැකියි. අලාහානියක් හෝ නැතිවීමක්ද පෙන්නුම් කරයි.

ජය අංකය:-07 සුබ වර්ණය:- රතු පාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න ( කුම්භ ,සිංහ)

 

මීන-ලග්නය

ඔබ මේ සතියේදී ඉතා විවෘතව අවංකව අන්‍යයන්ට ඇප උපකාර කරමින් පරිත්‍යාගශීලීව කටයුතු කරන ස්වභාවක් සමාජයට පෙනේ. එසේම මෙය සංචාරයට සංවාදයට හා අන්‍යයන් සමග සබඳතා අදහස් හුවමාරු ආදියට හොඳ සතියකි. එවැනි කරුණු නිසා තම පෞද්ගලික කටයුතු බොහොමයක් අතපසුවී යයි. රැකියා කටයුතු කරන ස්ථානයේ සුවපහසු පරිසරයක් නිර්මාණය වන සතියක් ද වේ. පසුගිය දිනවල විනෝදයට එතරම් විශ්වාසයක් නොමැතිව ඇතිකරගත් ප්‍රේම සබඳතා ස්ථිරවීම හෝ විවාහය දක්වා එය තහවුරුවීමක් සිදුවේ. පොදුවේ මෙය ඔබ සමාජයේ කැපී පෙනෙන අන්දමට කටයුතු කරන සතියක්ද වන්නේය.

ජය අංකය:-04 සුබ වර්ණය-කොළපාට

ලොතරුයි ජය උදෙසා සුබ ලග්න( මීන, කන්‍යා)

 

 

 

 

 

 

 



අදහස් (0)

මැයි මාසයේ අවසන් සතිය ඔබට කොහොමද

ඔබේ අදහස් එවන්න

Iranama

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 5026 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1717 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මකර බලවත්වී ලග්න පහකට සුබයි
2024 පෙබරවාරි මස 19 9724 1

කාලයකට පසුව මකර රාශිය බලවත් වී තිබේ.ඊට හේතුව වන්නේ අඟහරු සිකුරු බුධ සහ ප්ලුටෝ යන ග්‍රහයන් සිව් දෙනා එහි එක පොදියට ගමන් කරමින් සිටීම යි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 12525 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


ශනි මංගල දෝෂය නිසා ඔබත් පීඩාවෙන්ද?
2023 දෙසැම්බර් මස 04 3176 1

විවාහ දෝෂ අතුරින් ප්‍රධාන වශයෙන් පවතින ශනි මංගල දෝෂය පිළිබඳවයි අද අපේ අවධානය.


ශෝකාන්තයෙන් කෙළවර වෙන දේශපාලන බල පෙරළියක්
2023 නොවැම්බර් මස 06 2789 0

දේශපාලන කරළියේ පවතින දේශපාලන පක්ෂ සහ සංධාන කැඩී බිඳී සීසීකඩ යයි. රටේ ඉදිරි මාස කිහිපයේ ආර්ථිකය සම්බන්ධයෙන් පෙන්නුම් කරන චිත්‍රය ඉතාම අඳුරැයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site