ජුනි: 29වන සඳුදා සිට ජූලි : 5 වන ඉරිදා අතර 
බලාපොරොත්තු ඉටු වේ
මේෂ ලග්නය හිමි ඔබට අධ්‍යාපන රැකියා ව්‍යාපාර මෙන්ම පවුලේ කටයුතු යනාදිය යථා පරිදි කරගෙන යාමට පසුබිම සැලසෙයි.දෙස් විදෙස් රැකියා අපේකෂිතයනට මෙන්ම අවිවාහකයනටත් සිය අරමුණු සඵල කර ගැනීමට මග විවරවන අතර, අධ්‍යාපන ජීවිතයේ ප්‍රීතිය ගෙනදෙන දෑ ගොඩනැගෙනු ඇත. දරුවන්ගේ කටයුතුවල හා ව්‍යාපාරිකයින්ගේ අරමුණු සාර්ථකත්වයක් දැකිය හැකි නිසා ඔවුන්ගේ බලපොරොත්තු සඵල වේ.

පැසසුම් ලැබේ
වෘෂභ ලග්නය හිමි ඔබට මෙම සතියේ මුල්දින තුන ශුභදායි අයුරින් ගත නොවුවත්,සෙසු දින හතර ඔබගේ රැකියා කටයුතුවලදී ඔබ සාර්ථකත්වයට පත්වන අතර කාර්යාලයේ, ආයතනයේ, වැඩබිමේ කාගේත් පැසසුමට ලක් වේ. සංචාරක ව්‍යාපාරකයින්ට ජංගම රැකියාවල නියුතුවූවන්ට, ව්‍යාපාරික කටයුතුවල යෙදෙන්නන්ටත් මෙහිදී වාසි දායක දේ ගෙනදෙයි. වියදම් ගෙන දෙන නමුත් මුදල් යොදවා කරනු ලබන කටයුතුවලින් ප්‍රතිඵල ලැබෙනු ඇත.

විනෝදය සීමා කරන්න
මෙම සතියේ මැද දින2ට වඩා අනෙක් දින5 තම දෛනික කාර්යය කටයුතු සැලසුම් කල පරිදි සාර්ථක වෙයි. පොදුවේ ඔබට මෙහිදී ප්‍රීතිමත් ගමන් යෙදුනත්, යම් යම් අවස්ථාවල ගරු සැලකිලි ලැබුණත් විනෝදයට සිත නොයොදන්න. ඔබ මෙම සතියේදී තරග වාද විවාද ප්‍රිය කරයි. එසේම සහෝදරයින්ගේ සහයෙන් කටයුතු කිරීමටත් පිනට දහමට සිත යෙදවීමටත් නැඹුරුවන අතරම, තමන්ගේ සන්නිවේදනයෙන් ඉතා හොඳ සේවයක් සැපයීමටත් ඔබ මෙම සතිය පුරාම කටයුතු කරනු ඇත.

සමීපතමයින් ගෙන් අපවාද
ඔබට මේ සතිය තරමක් ශුභඵල හීන බැවින්, ඔබ සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න. විශේෂයෙන් ඔබ මේ දිනවල මිල මුදල්වලට මුල් තැනක් නොදී කටයුතු කරන නිසා තමාට ලැබෙන ආදායම අඩුවී යයි. මෙය ඔබ යුතුකම් ඉටුකිරීමට හා වෙනත් වැඩවලට සම්බන්ධ වීමටත් යොමුවන සතියක් නිසා, ගෙදර දොර පවුලේ අයගෙන් හා තමා ඇසුරු කරන ප්‍රේමවන්තයා / ප්‍රේමවන්තියගේ චෝදනා අපවාදයන්ට ලක්වන අවස්ථා ඇත. එනිසා තමාගේ රැකියාව ව්‍යාපාර මෙන්ම තමාගේ වැඩවල නියුතුවන්ට උත්සහ ගන්න.

ගමන් බිමන් පරිස්සමින්
මෙම සතිය සුබාසුබ මිශ්‍ර ඵල ගෙනදෙන සතියක් බව කිවහැක. විශේෂයෙන් ඔබගේ යටිසිත තුළ පැවති අදහස් ආදියක් ඉටුවෙයි. අමනාපව සිටි පිරිසක් මිත්‍රවන තැනට කරුණු යෙදේ. මිල මුදල් ලාභ ආදායම සරුවීම වැනි දේ සිදුවේ. සතිය අවසන් දින තුනේදී පැන නගින විවෘත හා රහස් සතුරු කරදර විරුද්ධවාදීකම් කෙරේ අවධානයෙන් පසුවන්න. තමා සතු වටිනා දෑ නැතිවීමටත් ඉඩ තිබෙන බැවින් ගමන් බිමන් වලදී වඩාත් පරෙස්සම් වන්න.

ගනුදෙනු පරිස්සමින්
ඔබට මෙම සතිය තුළ දී තමා කරන කියන අතගසන වැඩ සාර්ථක වුවත්, ලැබීමට ඉපැයීමට වාසනාව උදාවුවත් ගනුදෙනු ප්‍රශ්න, අනපේක්ෂිත වියදම් ද යෙදෙන නිසා අවබෝධයෙන් අවධානයෙන් කටයුතු කරන්න. කෙසේ වෙතත් කුමන අවහිර බාධා පැමිණියත් උත්සාහයන්හි ප්‍රතිඵල අත්කර ගැනීමට පිළිවන්කම ලැබේ. ඇසට හිසට වන තුවාල හදිසි පීඩා කෙරෙහි ආරක්ෂාවන්න. ඔබ මෙහිදී අලූතින් ධනය සොයන මාර්ග කෙරෙහි අවධානය යොමු කරයි.

ණය ලැබෙයි
ඔබට මේ සතිය තුළ තම හැකියා කුසලතාවයන් යථාර්ථයෙන්ම ඔප්පු කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. හදිසි ධනලාභ හෝ පැරණි ණය ලැබෙන සතියකි. අධ්‍යාපන කටයුතුවල මෙන්ම රැකියා අපේක්ෂා ඉටුකර ගැනීමට වෙහෙසෙන්නන්ගේ අභිප්‍රායන් සාර්ථකවනු ඇත. එසේම මෙය ඔබගේ ජීවන වටපිටාව පරිසරය සම්බන්ධ වඩා හොඳ තත්ත්වයකට තුඩුදෙන වෙනසක් ඇතිවන සතියකි. යම් යම් මුදල් ලාභ, උරුම හිමිකම් වැනි දෑ හිමිවෙයි.

සුභළුලදායී සතියක්
ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තුළ ගමන් කරන විලාසය මත සසඳා බලන විට ඔබට මෙම සතිය වැඩි වශයෙන් ශුභඵලදායි වේ. ඔබගේ දෛනික කාර්යය කටයුතුවලට මෙන්ම අධ්‍යාපන, රැකියා ව්‍යාපාර මෙන්ම යුගදිවියේ කාර්යය කටයුතුවලටද පසුගිය දිනවල බලපෑ බාධක හිරිහැර බොහෝදුරට ලිහිල්වන අඩුවන බවක් පෙන්නුම් කෙරේ. අධ්‍යාපනික මෙන්ම රාජකාරි දැනුම දියුණුකර ගැනීම ගැන උනන්දුවක් ද දක්වයි. සමාජයේ උසස් පුද්ගලයන්ගේ ඇසුරට පත්වීම නිසා අනාගත අභිවෘර්ද්ධියට හේතුවන විශේෂිත කාර්යයකට අතගැසීමටත් අවස්ථාව සැලසේ.

නව ධනෝපායන ක්‍රම
ධනු ලග්නය හිමි ඔබට මෙය ශුභඵලදායී අයුරින් ගතවන සතියකි. තමාතුළ මතුවන නොපසුබස්නා ගතිය නිසා ඔබ මොන ක්‍රමයකින් හෝ ධනය උපයාගෙන දෛනික මූල්‍ය අවශ්‍යතාවන් සපුරා ගනී. එසේම ඥානය දියුණුවන ක්‍රියාවලත් නිරතවේ. ඉගෙනීම් කටයුතුවල නිරතවන්නන් සතියේ අවසන් දින හතරේදී අධ්‍යාපන වරප්‍රසාදයක් ද ලබා ගනී. ජීවනෝපාය මාර්ගවල ප්‍රගතියක් දක්නට ලැබෙයි. රැකී රක්ෂා ව්‍යාපාර කෙරෙහි උනන්දුව වැඩිවෙයි.

හවුල් ව්‍යාපාරිකයින්ට සෙත
ඔබට මෙම සතිය එතරම් සුබදායි බවක් පෙන්නුම් නොකරයි. තිබුණ ගෞරව සැලකිලි පිරිහී යයි. දුක් සහිතව ගතවේ. සිත් තැවුල් නිතර ඇති වේ. කරගෙන යන ඇතැම් කටයුතු පිරිහීමද පහළ වැටීමද සිදුවෙයි. එහෙත් සති මැද දින 3 තුළ ඔබගේ යටි සිතේ බළපැවැත්වූ වැදගත් ක්‍රියා පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසෙනු ඇත. එහිදී හවුල් ව්‍යාපාරවල නිරත අයට නොසිතූ වාසි ඇති වේ. එසේම පසුගිය දිනවල සිතට වදයක්ව පැවැති ප්‍රශ්නයක් ද විසඳෙයි.

සෙනෙහස වැඩිවේ
කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ශුභදායි වෙනස්කම් රැසකට හේතු යෙදේ. තමාගේ අධ්‍යාපන, රැකියා, ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව කිරීමට හැකිවේ. ප්‍රේමදිවිය හා යුගදිවි ගෙවන්නන්ගේ සෙනෙහස වැඩිවන දෑ සිදුවේ. ඔබ ඉදිරිපත්වන බොහෝ කටයුතුවලින් ජයග්‍රහණ ලැබීමටත් පිළිවන්කම ලැබේ. ඉගෙනීමේ කටයුතුවලට මෙන්ම තමාට අයත් රාජකාරි කටයුතුවලට ද පෙරට වඩා හෙවත් ගතවූ දිනවලට වඩා උනන්දුවක් දක්වමින් ක්‍රියාකරයි.

උසස්වීම් ලැබේ
ඔබට මේ සතියේ මුල්දින 5 තුළ ගෞරව සැලකිලි, වැඩි වැඩියෙන් ලැබෙන බවක් පෙන්නුම් කරයි. තමාගේ ජීවන තත්ත්වය අළුත් උසස් තත්ත්වයකට පැමිණේ. තනතුරුවලින් උසස්වීම් ද හිමිවෙයි. ලාභ ප්‍රයෝජන ලැබෙන සතියකි. ටික ටික ලැබෙන මුදල් එකවර ලැබෙන්ට ඉඩ තිබේ. තත්ත්වයට කාලයට අනුව නියම වටිනාකම ලැබෙන්නට හේතු තිබෙන බැවින් තම නිෂ්පාදනයන් අලෙවි කිරීමට ඉදිරිපත් විය යුතු සතිය මෙයයි. තම වුවමනාවන් පිරිමසා ගැනීමට ප්‍රමාණවත් මුදල් ලැබෙනවා ඇත.
(IJ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd