සති ලග්න පලාපල ජූලි :20 වන සඳුදා සිට ජූලි : 26 වන ඉරිදා අතර  

වැය පක්ෂය ඉහළ යයි

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, වාසි සැලසෙන ගමන් ද මේ අතරට යෙදේ. විටෙක ගනුදෙනුවක් පියවා ගැනීමට නීතිපිහිට පැතීමට සිදුවේ. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කිරීමටත් සිදුවේ. මව්පස ඥාතියෙකුට අපල සහගත බවක් පෙනේ. හදිසි දේපොළ මිලදී ගැනීමකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරන අතරම විවාහ අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු කල් දැමීමට සිදුවන බාහිර ප්‍රශ්නයක් ද මතුකරයි. ආදායම් තත්ත්වය හොඳ වුවත් වියදමේ පාලනයක් නොමැති බැවින් ලැබෙන මුදල් අනවශ්‍ය ලෙස වියදම් වී යයි.

 

පදිංචි තැන ගැටලුවක්

ධනයක් දේපොළක් සම්බන්ධ මත ගැටුමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. ඒ හේතුවෙන් සිත්තැවුල් කරදර කම්මැලි උදාසීන ගති පවා මතුකරයි. නැතහොත් පවුලේ කටයුතුවලින් ඈත්වීමට සිදුවන අන්දමේ කරුණු කීපයක් ඇතිවෙයි. පැරණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී වාසි ඇතිවන ගමන් කීපයක් ද යෙදේ. සතිය ආරම්භයේ දී වෙහෙස ඇති ගමනකට කටයුතු සැලසෙනු ඇත. එසේම මෙහිදී තමා පදිංචි ස්ථානය, ව්‍යාපාරික ස්ථානය සම්බන්ධව ප්‍රශ්නයක් මතුවීම හේතුවෙන් ඒ සම්බන්ධ අවධානය යොමු කිරීමට සිදුවන දෙයක් ඇතිවේ.

 

චිත්ත ප්‍රීතියට හේතු

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ රැකියාවේ තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සති අන්තයේ දී වරින් වර හට ගන්නා ආහාර අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. අවසන් දින 2ආර්ථිකයේ වර්ධනයක්, නව ආදායම් මාර්ග ගොඩනැගීමක් සිදුවේ. ඉගෙනීම් කටයුතුවල උනන්දුවක් උද්යෝගයක් ඇතිවේ. එමෙන්ම ඔබගේ යටි සිතේ බලපැවැත් වූ වැදගත් අදහස් කීපයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසීම නිසා සිතේ ප්‍රීතිය ගෙනදේ.

 

වාහන වාසියක්

ඔබ මේ සතියේ මුල් දින තුන තුළ ඔබේ අපේක්ෂාවන් හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකරගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීම නිසා, ඔබට මේ දිනවල ප්‍රයෝජනවත් වැඩ කටයුතු රැසක් ක්‍රියාත්මක කළ හැකිවේ. සතියේ අවසන් දින හතර තුළ අත්වැරදීමක් හේතුවෙන් නොසිතූ පාඩු කීපයක් සිදුකරයි. එමෙන්ම වංචා ප්‍රයෝගයකට ද හසුවීමට ඉඩ ඇති හෙයින් ගනුදෙනු වලදී කල්පනාකාරී වන්න. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවකින් නොසිතූ වාසියක් සැලසේ.එසේම තමාගේ තත්ත්වයෙන් උසස් වීමක් හා ආදායම් මාර්ගයේ දියුණුවක් ද පෙන්නුම් කරයි.

 

සුවපහසු පරිසරයක්

යෝජනා ස්ථිරවීමක් කල්දැමීමට සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකලත්, මෙය ලැබීම් අතින් යහපත් සතියක් වන්නේය. අලුත් දේපොළ මිලදී ගැනීමක් සම්බන්ධ කටයුතු කීපයක් ඉටුකර ගැනීමට මග සැලසේ. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයකි. උගුරේ ආබාධායක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇතිකරයි. එසේම ඔබ තම ඥාති හිතවතුන්ගේ දියුණුව වෙනුවෙන් ද කැපවී ක්‍රියා කරන සතියක්ද වේ. එවැනි කරුණු නිසා තම පෞද්ගලික කටයුතු බොහොමයක් අතපසුවී යයි. එනමුදු මෙය රැකියා කටයුතු කරන ස්ථානයේ සුවපහසු පරිසරයක් නිර්මාණය වන සතියක් ද වේ.

 

සතුරන් මිතුරන් වේ

අලුත් ලැබීම්වලට ඉඩ ඇති සතියක් බැවින්, මෙය අලුත් සැලසුම් කීපයකට අතගැසීමට උචිත සතියකි. එමෙන්ම ශාරීරික වෙහෙස ගෙන දෙන දින කීපයක් ද බැවින් එදිනෙදා කටයුතුවලට සම්බන්ධවීමේ දී දුරදිග සිතා බලන්න. මේ සතියේ මුල් දින පහ ඔබට ශුභඵලදායී අයුරින් ගතවේ. පසුගිය දිනවල අතපසුවී ගිය ගෙදර දොර කටයුතු මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාර හා අධ්‍යාපන වැනි කටයුතු නිසි පිළිවෙළකට අවසන් කරගත හැක. ආයතනය තුළදී නැතහොත් සමිති සමාගම්වලදී මෙතෙක් කල් අමනාපව සිටි විරුද්ධවාදීන් වුව තමා සමග මිතුරු වීමත් දකින්නට ලැබේ.

 

වැයපස වැඩි වේ

මේ සතිය ඔබට වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙළ වේ. ගෙදර දොර පවුලට සම්බන්ධ මෙන්ම තම දෛනික කාර්යයන්ට සම්බන්ධ කටයුතු අවහිරයන් මගින් වුව ඉටුකර ගැනීමටත් හැකිවන්නේය. එනමුදු ඔබට තම මූල්‍ය සැලසුම් හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. දැඩි ආත්ම ශක්තියක් ධෛර්යයත් සිත් තුළ ජනිත වීම නිසා භාරගන්නා ඕනෑම කටයුත්තක් සාර්ථකව නිමකිරීමටත් ඔබට මේ සතියේ දී හැකිවන්නේය. විශ්වාසය බිඳවැටීමක් ගේ දොර කටයුතු පිළිබඳ වෙහෙසීම් වැඩි වීමක් හා අත මිට මුදල් ගැවසුනත් වැයපස අධිකවන සැටියක් ද මේ අතරම සිදුවෙයි.

 

උපකාරයක් ලැබේ

ශාරීරික වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ වන අතර, විදෙස්ගත ඥාතියෙකුගෙන් හෝ හිතවතෙකුගෙන් ඉල්ලූ උපකාරයක් ලැබේ. අතරමග නවතා තිබූ කටයුතු කීපයක් නැවත ඇරඹීමට මග සැලසේ. ඒ අතරම ළඟින් ඇසුරු කරන අයෙකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවිය හැකි සතියක් ද බැවින් කරන කියන කටයුතු කෙරෙහි කල්පනාකාරී වන්න. හදිසි දේපොළ ලැබීමකට හිමිකම් ඇති කරයි. උරහිසේ හටගන්නා ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. කෙසේ නමුත් සති මැද දින තුන ශුභඵල හීනය.මෙහිදී ඔබ මිල මුදල් රැගෙන ගමන් බිමන් යෑමේදී සොර සතුරු උපද්‍රවවලට ලක්වන නිසා ඒවායින් ද ඔබ ආරක්ෂාවන්න.

 

සුවිශේෂ සතියක්

මෙය ඔබට අවිවේකී සතියක් වුවත්, යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කරගැනීමට හැකිවේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවන අතර, රැකියා ස්ථිරවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ද ඉටුවෙයි. නවීන ක්‍රමයකට අනුව ගේදොර මෙන්ම ව්‍යාපාරික ස්ථානයද අලුත්වැඩියා කිරීමටත්, අලංකාර කිරීමටත් සිත් දෙයි. අධ්‍යාපන හා රැකියා කටයුතුවල යම් යම් වෙනස්කම් සිදුවෙයි. එමෙන්ම මෙතෙක් කල් හැදෑරූ විෂයයන් හෝ රාජකාරි ක්ෂේත්‍ර හදිසියේ වෙනස්කොට නව විෂයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. විදෙස්ගතව අධ්‍යාපනය ලැබීමට හෝ රැකියාවේ නියුතු වීමට අපේක්ෂා කළ අයගේ අපේක්ෂා සාර්ථක වනු ඇත.

 

මහන්සිවී වැඩ කරන්න

වෙනදාට වඩා ගත සිත වැඩි වශයෙන් වෙහෙසීමට සිදුවන සතියක් වන අතර, ගෙදර දොර පවුලේ සුහදතාවයට කටයුතු සැලසෙයි. විශේෂ කෙනකුගේ හමුවීමත් සිදුවීමට ඉඩ ඇත.මෙතෙක් ප්‍රමාදතා ඇති කළ කටයුතු කීපයක සාර්ථක නිමාවක් දැකිය හැකියි. ගේදොර කටයුතු හා ව්‍යාපාරික කටයුතු තමාගේ සාර්ථක සැලසුම් නිසා සාර්ථක අයුරින් කරගෙන යා හැකිවෙයි. ඔබගේ අධ්‍යාපන, එමෙන්ම මෙය රැකියා මෙන්ම ඉපැයීම් ක්ෂේත්‍රයට බලපෑ සතුරු උපද්‍රව බොහෝමයක් යටපත්වී යන සතියකි. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අය තරමක් මහන්සිවී තම ව්‍යාපාරවල නිරත වන්නේ නම් ඉතා සාර්ථක ප්‍රතිඵල නෙලා ගත හැකිය.

 

ආයෝජන ප්‍රාග්ධනය හිමිවේ

ඔබට මෙම සතිය තුළ සිතේ සන්සුන් බව හීන කරයි. විසකුරු සතුන්ගෙන් හෝ වෙනත් හේතු යටතේ හදිසි තුවාල අනතුරු ඇතිකළ හැකි බැවින් පරෙස්සම් වන්න. ස්වකීයන් අතර මතභේද ආරවුල්ද ඇතිවන දෑ සිදුවේ. සෙම් රෝගයන්ට ද ලක්වේ. අවසන් දින 3, ශුභදායී අයුරින් ගතවේ. ජීවනෝපාය මාර්ග, අධ්‍යාපන, අංශවල දියුණුවක් ඉදිරියක් දක්නට ලැබේ. වැදගත් හිතමිතුරු සබඳතාවන් ගොඩනැගේ. එසේම එහිදී කරන කියන බොහෝ කටයුතු සාර්ථක වන ආයෝජන වලට මුදල් ලැබෙන මාර්ග පෑදේ.

 

 අවිවේකයට හේතු යෙදේ

ඉගෙනීම් කටයුතුවල නිරතවූවන්ට රැකියා අපේක්ෂාවෙන් සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින්නන්ට, අලුත් ආයෝජන ඇරඹීමට බලාපොරොත්තු වන්නන්ට එමගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට මෙම සතියේදී පරිස්සමෙන් ඉවසීමෙන් කටයුතු කිරීමට සිදුවේ. රැකියාවේ කටයුතු පිළිබඳ සොයා බැලීමේ දී දුරදිග සිතා බලන්න. එමෙන්ම වංචා ප්‍රයෝගයකට හසුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී සැලකිලිමත් වන්න. අවිවේකයට හේතු සැලසෙන සතියකි.