සති ලග්න පලාපල ජූලි : 27 වන සඳුදා සිට අගෝ : 02 වන ඉරිදා අතර  

ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාර මෙන්ම පවුලේ කටයුතු යනාදිය යථා පරිදි කරගෙන යාමට අවශ්‍ය උත්සාහය හා ධෛර්යය නොඅඩුව ලැබේ. මෙම කාලයේ දී තමා නිරත වන වෘත්තීය අංශයේ හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අනාගත සුබ සිද්ධිය උදෙසා විශේෂ වෙනසක් ඇති කෙරේ. පසුගිය දිනවල පැවති ආර්ථික ප්‍රශ්න හා සමාජීය ප්‍රශ්න බොහෝ දුරට අඩුවී යන බවට හේතු පෙනේ. සැලසුම් කරන වැඩ කටයුතු මෙන්ම බලාපොරොත්තු පහසුවෙන් සඵල වේ.

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතියේ ආරම්භක දින තුනට වඩා අවසන් දින හතරේදී එදිනෙදා නිරත කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කරයි. තම වැඩ කටයුතුවලට අවශ්‍ය අයගේ උසස් අයගේ ආධාර උපකාර ද ලැබේ. තමා නිරත රැකියා ව්‍යාපාරාදියේ අනාගත ශුභ සිද්ධිය සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සැකසීමටත් ඔබ ක්‍රියාකරයි. ආදායම් තත්ත්වය සතුටුදායක බවට පරිවර්තනය වේ. විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු තරමක් කල් දැමීමට සිදුවේ. මූල්‍ය ක්ෂේත්‍රයේ අපේක්ෂා සඵල වන සතියකි. මුල් දින තුන ගැටලු පීඩා ඇතිචේ.

සඳු ග්‍රහයාගේ ගමන මත ඔබට මේ සතිය ශුභ ඵල හීන බැවින් කරන කියන දේ කෙරෙහි සැලකිල්ලෙන් විමසිල්ලෙන් ක්‍රියාකරන්න. ඔබ සැකයෙන් සන්කාවෙන් යම් යම් දේට සම්බන්ධ නොවන්න. තම දෛනික ආදායම් මාර්ගයටද යම් යම් ගැටලු ඇතිවන අතර රාජකාරිය ද සිතේ සහනයෙන් සතුටින් කරගෙන යාමටත් අසීරුවන බාහිර කරදර මතුවේ. හදිසියට දුරදිග නොබලා යම්කිසි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට යෑම නිසා විවිධ පාඩු සිදුවෙයි. කරන්නට තිබෙන වැඩ අතපසුවී යයි. මුල් දින දෙක උනන්දුව උද්යෝගය ගොඩනැගීමක්ද තමා කෙරෙන් පෙන්නුම් කරන නිසා අඩපන වූ වැඩ මෙහිදී නැවත අරබන්න.

ඔබට මෙම සතියේ මුල්දින හතරතූල තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණ ලැබේ. තමාට උදව් උපකාර කළ අයට අවංක හැඟීමෙන් යුතුකම් ඉටුකර ප්‍රසාදයට පත්වේ. ආර්ථිකයේ වර්ධනයක්, නව ආදායම් මාර්ග ගොඩනැගීමක් සිදුවේ. ඉගෙනීම් කටයුතුවල උනන්දුවක් උද්යෝගයක් ඇතිවේ. ඔබගේ යටි සිතේ බලපැවැත් වූ වැදගත් අදහස් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසීම නිසා සිතේ ප්‍රීතිය ගෙනදේ. එසේම ඔබ මේ සතියේ අවසන් දින තුන තුලදී  ලැබෙන උපයන දේ අනවශ්‍ය දෙයට වියදම් කරයි.

ඔබට මෙම සතියේදී තම තත්ත්වය තිබුණාට වඩා උසස් වේ. තමා නිරත වෙළඳ ව්‍යාපාර ගෙන යන අයට විශේෂ දියුණුවක් ලැබේ.  සතුරු කරදරයක් හෝ නීති තර්ජනයක් හේතුවෙන් හිතේ හටගෙන තිබූ කලබලකාරී තත්ත්වයක් පහවී ගොස් සැනසිලිදායක බවක් ගොඩනැගේ. විශේෂයෙන් ඔබ දැඩි අධිෂ්ඨානයකින් හා කැපවීමෙන් යුතුව ගෘහ ජීවිතයේ මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාරයන්හි කටයුතු නව මුහුණුවරකින් කරගෙන යාමට පවත්වාගෙන යාමට මෙම දිනවල පිළිවන.

ඔබට මේ සතිය ශුභා ශුභ මිශ්‍ර අයුරින් ගතවේ. තමා පදිංචි ස්ථානය, ව්‍යාපාරිකස්ථානය සම්බන්ධව ප්‍රශ්නයක් මතුවීම හේතුවෙන් ඒ සම්බන්ධ අවධානය යොමු කිරීමට සිදුවන දෙයක් ඇතිවේ.රාජකාරී කටයුතු යථා පරිදි කරගෙන යාම දුෂ්කර විය හැක. ඔබට මෙම කාලයේ කිසියම් ආයෝජන අවස්ථාවක් සැකසුනත්, සමාජයේ උසස් අය ආශ්‍රය කිරීමට අවස්ථාව ද සැලසුනත් ඉන් එතරම් සාර්ථක ඵලයක් ඇති නොවේ.  හදිසියට කලබලයට හිතුවක්කාර ලෙසට ක්ෂණික තීරණ මත දෛනික කටයුතු නොකර සැලසුම් සහගතව අවධානයෙන් කරන්න.

ඔබට මෙම සතියේදී තම කාර්්‍යය කටයුතු විවිධ අවහිර බාධා මධ්‍යයේ කර ගැනීමට සිදුවන බැවින් අවබෝධයෙන් ක්‍රියා කරන්න. විශේෂයෙන් ඔබ කලබලයට තීන්දු තීරණ නොගෙන කටයුතු කරන්න. නිශ්චල චංචල දේපලවලට අදාළ ගනුදෙනු වලදී අලාභ පාඩු සිදුවිය හැකි බැවින් විකිණීම් මිළට ගැනීම් වැනි කටයුතු වලදීත් කල්පනාකාරී වන්න. සතියේ මුල්දින තුන රැකී රක්ෂා තනතුරුවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ට වන කාලයක් වේ.

ඔබට මේ සතියේ මුල්දින හතරතුල තූල සුබදායක කාර්යයන් කිහිපයක් සාර්ථක කරගැනීමට පිළිවන්කම ලැබේ. ඔබ වෙළඳ ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නේනම් ඒවායින් දියුණුව ඇති වේ. තම තත්ත්වය උසස් වේ. බලයට තනතූරු වලට පත් වේ. දූ දරුවන්ගෙන් ප්‍රීතිය ඇති වේ. නැවුම් බලාපොරොත්තු ඇතිකර ගැනීමට මෙය ඉතාම හොඳ සතියකි. වැඩ කටයුතු ඉහළ යයි. මිත්‍රයන්ගෙන් උපකාර ලැබේ. සහෝදරයන්ගෙන් සහ අසල්වාසී මිත්‍රයන්ගෙන් උපකාරද ලැබේ. අවුල් වියවුල්වලින් නිදහස ලැබේ. ප්‍රීතිය ඇති වේ.

ඔබට මේ සතිය ශුභදායී බවක් පෙන්නුම් කරන අතර හික්මුනු ගතියක් නිහතමානී ගතියක් ඔබ කෙරෙන් මැනවින් පිළිඹිබවෙයි. අළුත් ඇඳුම් පැළඳුම් ආභරණ වැනිදේත් මිළට ගැනීමට හෝ තෑගි භෝග වශයෙන් ලැබේ. පසුගිය දිනවල ඔබ කෙරෙහි පැවති කලබලකාරී ගතිය අප්‍රවේසම් සහිත ස්වභාවය පහවී ගොස් ක්‍රමවත් බවක් පිළිවෙළක් අනුව වැඩ කටයුතුවල නිරත වී ජයග්‍රහණ රැසක් අත්පත්කර ගනී. උපයන දෙයින් ඵල ප්‍රයෝජන ලැබේ. ආදායම් මාර්ගයන්හි වර්ධනයක් ඇතිවේ.

ඔබට මෙම සතියේ අවසන් දින හතරතුල තමා කරන කියන වැඩකටයුතූ වලින් ලාභප්‍රයෝජන අත්පත්වේ. වස්තු ලාභ ලැබේ. බලපෑ දුක් කරදර වලින් නිදහස් වීමට විවිධ පැතිකඩ මගින් ආධාර උපකාර ලැබේ. සිතේ සමාදානය සතුට ඇති වේ. තත්ත්වය උසස් වේ. වැඩ කටයුතු දියුණු වේ. ගරු සැලකිලි ලැබේ. ශරීර සනීපය ඇති වේ. මුල් දින දෙක ඇසුරට ලැබෙන අයගෙන් කරදර ඇති වීමට ඉඩ තිබෙන නිසා ඥාණාන්විතව ඒ කෙරේ අවධානයෙන් කටයුතු කරන්න.

ඔබ මේ සතියේ මුල් දින තුනේදී හා අවසන් දින දෙකේදි තම අපේක්ෂාවන් හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකර ගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම නිසා එහිදී ප්‍රයෝජනවත් වැඩ කටයුතු රැසක් ක්‍රියාත්මක කළ හැකිවේ. පසුගිය දිනවල තමාගේ අත්‍යාවශ්‍ය වැඩ කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් පැවති දුෂ්කරතා බොහෝදුරට මෙම කාලයේ අඩුවී යයි. සති මැද දින දෙක දෛනික කටයුතුවල සුළු සුළු අඩුපාඩු ඇති වන අතර ඒවා අර්බුදයකින් තොරව සමනය කර ගැනීමටත් ඥාණාන්විත වන්න.

සමාජයේ උසස් අය යටතේ වැඩවල නියුතු අයට තම ස්වාමි පක්ෂයේ ප්‍රසාදය ලබා ගන්නට පිළිවන්වන සතියකි. පොදු සමාජීය කටයුතු වලටත් වැඩි වශයෙන් සම්බන්ධවී කටයුතු කිරීම නිසා ප්‍රසාදය මෙන්ම විවිධ ලාභප්‍රයෝජනයන් ද ලැබේ. පවුලේ කටයුතු, අධ්‍යාපන හා තමා නිරත රැකියා ව්‍යාපාරාදියේ කාර්්‍යය කටයුතු කරදර බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් කරගැනීමටත් පිළිවන්කම ලැබේ. හිතවතෙකුගේ ආධාර ඇතිව නව ආදායම් මාර්ගයක් ආරම්භ කිරීම සඳහා කටයුතු පිළියෙළ වේ.