IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


බිහිසුණු සිදුවීම් ඇතිකරමින් යුරෙනස් මේෂයට

යුරෙනස් වක්‍ර ගමනින්ම අඟහරුට අයත් මේෂ රාශියට 2024 දෙසැම්බර් මස 13 වැනිදා කිවි දින දවල් 11.20ට පිවිස 2025 මාර්තු මස 19 වැනිදා බුධ දින අලුයම 5 පසුවී විනාඩි 50 දක්වාම යුරේනස් මේෂ රාශියේ ගමන් කරනු ඇත.

යුරේනස් මේෂ රාශියෙහි ගමන් කිරීම නිසා අප රටට ඇති විය හැකි බලපෑම පිළිබඳව විමසා බැලීමේ දී දුම්රිය ගමනා ගමනය ආශ්‍රිතව අසුබ පුවත් වාර්තා වනු ඇත. දුම්රිය එකිනෙක ගැටීම් ද පිළිගැනීම් ද වාර්තා වනු ඇත. මගීන් සමග ගමන් ගන්නා මෝටර් රථ දුම්රියෙහි ගැටීම් නිසා සිදුවන්නා වූ බිහිසුණු අනතුරු වාර්තා වනු ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අනවශ්‍ය ලෙස ගබඩා කර රැස්කර තබා ගන්නා ලද කූට වෙළෙඳුන්ට නීතිමය ක්‍රියාමාර්ග ද මෙම වකවානුවේ දී රජය විසින් ගනු ඇත. ලේඛන කටයුතු මාධ්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව නව නීති පැන නගිනු ඇත. නව නීති පනත් ඇති වන අතර වෙළෙඳ ව්‍යාපාරවලටද නව නීති ඇතිවනු ඇත. නැව් යාත්‍ර ආශ්‍රිතව අනතුරක් ද වාර්තා වනු ඇත. දුරකථන ඇමතුම් ආශ්‍රිතව සමාගම් විසින් සේවා ගාස්තු වැඩිකිරීම් ද වාර්තා වන කාලයක් වන අතර යම් යම් ක්‍රියාවලට එරෙහිව මහජන විරෝධතා ඇතිවන වකවානුවක්ද වන අතර යම් යම් කඩා කප්පල්කාරී ක්‍රියාද වාර්තා වනු ඇත.

විදේශීය වශයෙන් සිදුවන බලපෑම් විමසා බැලීමේ දී බලවත් රාජ්‍යයන් ද යම් යම් උපක්‍රම යොදමින් අනෙකුත් රාජ්‍යයගේ පාලනයන්ට බලපෑම් ඇති කරන වකවානුවකි. මහජන සෞඛ්‍යය පිරිහීමට ලක් කරමින් යම් වයිරස් රෝගයක් ජනයා පීඩාවට පත් කරමින් පැතිර යාම ද සිදුවනු ඇත. මහජන නියෝජීතයන්ට මෙන්ම රාජ්‍ය පාලකයන්ට ද ඉතා අශුභ කාලයක්වන අතර මාරක හා සමාන අපල ද ඇතිවනු ඇත.

 

මීළඟට ඔබට

මේෂ ලග්නය - ඔබගේ ශරීර ශක්තියට බාධා වීම් ද ඇතිවන අතර පවුල් දිවියේ සමගියට ද බාධා මතුවනු ඇත. හවුල් කටයුතුවලදී ද මෙම වකවානුව තුළ අමාරුවේ වැටීම් සිදුවේ. හිස ආශ්‍රිත පීඩා ඇතිවනු ඇත.

වෘෂභ ලග්නයට - ඔබට එරෙහිව යම් යම් සතුරු උපද්‍රව ඇතිවන කාලයකි. ශරීර ශක්තියට ද බාධා ඇති වෙමින් ලෙඩවීම් ද ඇතිවනු ඇත. විදේශ ගතවීම් අපේක්‍ෂාවෙන් සිටි අයට යම් යම් බාධා ඇතිවනු ඇත.

මිථුන ලග්නයට - දරුවන් ලැබීමට සිටින මව්වරුන් ඉතා පරිස්සම් විය යුතු කාලයක් වන අතර සමාජ සේවා කටයුතුවල නිරත අයට යම් යම් කරදර ප්‍රශ්න ඇතිවනු ඇත.

කටක ලග්නයට- සේවා ස්ථානය ආශ්‍රිතව පැවැති ප්‍රශ්න මගහැර යන නමුත් එම ස්ථානය තමාට එපාවෙන තත්වයක් ද ඇතිවනු ඇත. නව ඉඩමක් මිලදී ගැනීමට ද යහපත් වන කාලයකි.

සිංහ ලග්නයට- ඔබට අයහපත් නොවනු ඇත. එහෙත් ඔබගේ සහෝදරයන් සමග යම් යම් ගැටලු ආරවුල්වලට මැදිවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරී විය යුතුයි.

කන්‍යා ලග්නයට- රථවාහන හිමි අයකු නම් රිය පැදවීම් කිරීමේ දී ඉතා පරිස්සම් විය යුතුය. මිතුරන්ගෙන් ද යම් යම් කරදර ඔබට ඇතිවනු ඇත. ලේ ආශ්‍රිත පීඩාවක්ද මතුවනු ඇත.

තුලා ලග්නයට- පවුල් දිවියේ සමගියට බාධාවන් එල්ලවන්නා වූ වකවානුවක් වන අතර සැඟවුණු සතුරු කරදර ද ඇතිවනු ඇත. විදේශ ගමන් යාමට අපේක්‍ෂාවෙන් සිටි අයගේ බලාපොරෝතු ඉෂ්ඨ කරගත හැකිවන කාලයකි.

වෘශ්චික ලග්නය- ඔබගේ ශරීර සෞඛ්‍යයට පීඩා ඇති වෙමින් හදිසි රෝගාබාධ ගෙන දෙන කාලයක් වේ. ඔබගේ යම් යම් කටයුතුවලට සතුරු පීඩාවන් ද බාධාවන්ද ඇති වන්නාවූත් කාලයක් වේ.

ධනු ලග්නයට- සමාජ සේවා කටයුතුවල නිතරව සිටින අයට පීඩා ඇතිවන කාලයකි. කුඩා දරුවන් මෙම වකවානුව තුළ අවදානම් කටයුතුවල නිරත වීමෙන් වැළකී සිටිය යුතුය.

මකර ලග්නයට- නිවසේ අලුත්වැඩියාවන් සඳහා අතිරේක වියදමක් යොදවන කාලයකි. හදිසි කේන්ති ඇති වීමෙන් හිතවතුන් තමා සමග සිත් අමනාපකම් ද ඇති කරගනු ඇත.

කුම්භ ලග්නයට- නීති අංශයේ ක්‍රියාකරන අයට යම් යම් ගැටලු පැන නගින අතර කුඩා දරුවන්ට ද මෙම වකවානුව අයහපත් වනු ඇත. සහෝදර බැඳීම්වලට ද ක්‍ෂණික බාධා ඇති වේ.

මීන ලග්නයට- පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන අතර හදිසි ශරීර පීඩා ද ඇතිවන කාලයකි. යම් යම් හේතු මත තැන්පත් ධනය ද වියදම් වී යන කාලයක් වේ.

 

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී

රේණුක වික්‍රමසිංහ



අදහස් (0)

බිහිසුණු සිදුවීම් ඇතිකරමින් යුරෙනස් මේෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site