IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


දූෂණ විරෝධී සටනේදි වෙඩි කා මිය ගිය බ්‍රසීලයේ ජයිරෝ සූසා

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 20

 

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ 2018 වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු මේ වන විටත් ඝාතනයට ලක්ව ඇති බැවිනි. සාහසිකයකුගේ වෙඩි පහරකට ලක්ව මියගිය බ්‍රසීලයේ ජයිරෝ සූසාද එවැනි මාධ්‍යවේදියෙකි.


බ්‍රසීලයේ බ්‍රැගාන්සාහි තමන්ගේම ගුවන්විදුලි නාලිකාවක් වන :ඍ්ාසද ඡැරදක්* හි සේවය කළ සූසා, :ීයදඅ ා් ඡැරදක්* වැඩසටහන හරහා අතිශයින් ජනප්‍රිය වූවෙකි. විශේෂයෙන් බ්‍රසීල රජය විසින් සුරකින මිනීමරුවන්, දූෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ අනාවරණය කළ මාධ්‍යවේදියෙකු ලෙස සැලැකෙන මොහු, බ්‍රසීල රජය විසින් සිදුකළ මහා පරිමාණ වංචාවක් හෙළිදරව් කිරීමට පෙරමුණ ගත් ක්‍රියාකාරිකයෙකු වූ අතර සූසා මියයාමට මත්තෙන් සිදුකළ අවසන් ආන්දෝලනාත්මක අනාවරණය වූයේද එයයි.


මේ අනුව 2018 වසරේ නොවැම්බර් මස 16 වැනිදා මෙම ඝාතනය සම්බන්ධයෙන් සිව්දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර ඒ පනස් දෙනෙකුකට අධික පොලිස් නිලධාරීන් පිරිසක් සිදුකළ දැවැන්ත විමර්ශනයෙන් අනතුරුවය. ඊට මෙම වෙඩි තැබීම සිදුකළ ඩියොන් සූසා අල්මේදාද ඇතුළත්ව සිටීම කැපී පෙනේ. මෙම ඝාතනය සැලැසුම් කළ නගර සභා මන්ත්‍රී සීසර් මොන්ටෙයිරෝ අත්අඩංගුවට පත්වන්නේ ඉන් පසුවයි. එනම් නොවැම්බර් 20 වැනිදායි. ඔහු සැලැකෙන්නේ බ්‍රසීල ගවේෂණාත්මක මාධ්‍ය සංසදය විසින් දිගින් දිගටම චෝදනා කළ සැකකරුවෙකු ලෙසයි. කලාර් නම් අන්වර්ථ නාමයෙන් හදුන්වන ජෝස් රොබර්ටෝ කොස්තා ඩි සූසා සමග මෙම ඝාතනය සැලැසුම් කිරීම මොන්ටෙයිරෝට එල්ල වූ ප්‍රධාන චෝදනාවද විය.

 

සැකකරුවන් අත්අඩංගුවට ගෙන රැගෙන යන අයුරු

 


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එඩුයිර්ඩෝ රෝලෝ නම් විමර්ශන නිලධාරිවරයාගේ නොවැම්බර් 18 වැනිදා පොලිස් වාර්තාවේ සඳහන් වන්නේ ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කිරීම සහ ජනතාව කුපිත කරවීම සූසාගේ ඝාතනයට හේතුවූ බවයි. එහෙත් සූසාගේ පාසල් මිත්‍රයෙකු පැවසුවේ සූසා නිරන්තරයෙන්ම සිය මාධ්‍ය කටයුතු හේතුවෙන් මරණ තර්ජනවලට සහ පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදියෙකු බවයි. ඒ බව සූසාගේ බිරිඳද තහවුරු කළේ මියයාමට පෙර දිනවලදීද ඔහු පසුපස මරණ තර්ජන හඹා ආ බැවිනි. 2014 වසරේදී ආපන ශාලාවක වාර්තාකරණයේ යෙදීමට උත්සාහ කළ සූසාට එක්තරා පුද්ගලයෙකු විසින් සිදුකළ පහරදීම මීට කදිම උදාහරණයකි. මේ හේතුවෙන් ඔහුට පසුගිය වසර දොළහ තුළදී වෙඩි නොවදින මෝටර් රථයක් පවා භාවිතා කිරීමට සිදුවිය. එහෙත් ඔහුගේ ඝාතනය වළක්වා ගැනීමට එම ආරක්ෂාව ප්‍රමාණවත් නොවීය.


ගුවන්විදුලි මාධ්‍යවේදී ජෙෆර්සන් පුරේසා ලෝපේස්ද 2018 වසරේදී මෙලෙසින්ම ගෝලාස්හිදී මියගිය අතර සූසා සැලැකෙන්නේ එසේ මියගිය දෙවැන්නා ලෙසයි. එනම් ලෝපේස් සම්බන්ධයෙන්ද සැකකරුවන් අත්අඩංගුවට ගත්තා මිසක ඔහුට ඉෂ්ට වූ යුක්තියක් නොමැත. මේ අනුව බ්‍රසීලය මේ වන විට සැලැකෙන්නේ ජනමාධ්‍යකරණයේ යෙදීමට අසීරුතම රටවල් අතින් 10 වැනි ස්ථානය දිනාගත් රට ලෙසයි.

 


මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

දූෂණ විරෝධී සටනේදි වෙඩි කා මිය ගිය බ්‍රසීලයේ ජයිරෝ සූසා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28426 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18193 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10930 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 201 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site