නා නා විනා නාගස් නවයක් තිබුණා
නා නා විනා ඒ ගස්වල අතු බෙදුණා
නා නා විනා ඒ ගස්වල මල් පිපුණා
නා නා විනා ඒ මල් මුනිඳුට පිදුණා
පල්ලාවෙලගමේ පැරැණි ගැමියකු වූ විජේරත්න වීර බද්දන මාදිරිස් පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවරාරාම විහාරස්ථානයේ රමණීයත්වය පිළිබඳව කවියට නගා තිබුණේ එසේය. විහාරස්ථාන භූමිය හා සංඝයා වහන්සේලා වැඩ වාසය කරන භූමිය යා කරමින් තිබෙන සුන්දර වෙල්යාය පල්ලාවෙල විහාරස්ථානයට එක්කර තිබෙන සුන්දරත්වය අති මහත්ය. ගොයම් පැළ නිල්ල නිලට පීදෙන කාලයේ වෙල් මැදින් යන සුදුවතින් සැරැසුණු උවසු උවැසියෝ විහාරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කිරීමට දායක වෙති. පල්ලාවෙල ග‍්‍රාමය වටවී තිබෙන කඳු වළල්ල ද විහාරස්ථානයේ තිබෙන සුන්දරත්වයේ කොටස්කරුවෝය. පල්ලාවෙල ග‍්‍රාමය එසේ හඳුන්වන්නේ ඇයි දැයි ජනප‍්‍රවාදයේ කතා සොයාගෙන යන විට අපට පෙනෙන්නේ ලාස්පහේ කුඹුර පස්සා වෙල වී පසුව පල්ලාවෙල බවට පත්වූ බවයි. පල්ලාවෙල දකුණේ රාජමහා විහාරස්ථාන අතර ඉහළින්ම වැජඹෙන විහාරස්ථානයක් යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.
පල්ලාවෙල විහාරස්ථාන ඉතිහාසය 1712 යුගය හෙවත් කීර්ති ශ්‍රී රාජසිංහ යුගය දක්වාම දිවෙන බව විහාරස්ථානය ගැන දන්නා සැවොම දනිති. ඒ සඳහා විහාරස්ථානයේ තිබෙන එක් ප‍්‍රධාන සාක්ෂියක් වන්නේ බෝධීන් වහන්සේය. එම බෝධීන් වහන්සේගේ සෙවණේ රන්සෑගොඩ ධම්මදස්සී නම් සිල්වතුන් වහන්සේ භාවනාකර තිබීමෙන් හෙළි වන්නේ එම බෝධි ශාඛාව හොඳින් වර්ධනය වූ ශාඛාවක් බවයි.
පල්ලාවෙල තිබූ පැරැණි විහාරාරාම විදේශිකයන් කඩා බිඳ දැමූ බවට මතයක් පැරැන්නන් අතර තිබේ. බෝධීන් වහන්සේ මුල්කර ගනිමින් පල්ලාවෙල විහාරස්ථානය ගොඩනැගුණු බවට සාධක ගණනාවක්ම ඇත. වෙහෙර ගිර කන්දේ උළු කැට කැබිලි පරීක්ෂා කරන විට අතීතයේ එහි චෛත්‍යයක් තිබූ බවට ලක්ෂණ ඇත. එමගින් පැහැදිලි වන්නේ ආරාමයක් ද එහි තිබූ බවයි. ධම්මදස්සී සිල්වතුන් වහන්සේ මෙහි විහාරස්ථානයක් නිර්මාණය කර තිබෙන අතර ටැම්පිට විහාරයක් ද ගොඩනඟා ඇත. ධම්මදස්සී හිමියෝ ඉතා දුෂ්කරතා මැද්දේ පල්ලාවෙල විහාරස්ථානය ගොඩනැගූහ. එහෙත් ටික දවසක් යනවිට උන්වහන්සේට කල්පනා වන්නේ විහාරස්ථානය සම්පූර්ණ වන්නේ උප සම්පදා භික්ෂූන් වැඩ සිටියහොත් පමණක් බවයි. උන්වහන්සේ පහත රටින් වැඩම කළ භික්ෂූන් ද සමගින් නුවර යන්නේ ඒ අරමුණ පෙරදැරි කරගෙනය.
ධම්මදස්සී හිමියන් උපසම්පදාව ලබා දළදා තේවාවට ද වසර 20ක් පුරා සහභාගිවී ඇත. උන්වහන්සේ පුස්කොළපොත් ලිවීමට සේම කවි ලිවීමට ද හපනෙක් බව උන්වහන්සේගේ චරිතාප්‍රදානය පිරික්සන විට පැහැදිලිය. විහාරස්ථානයේ තිබෙන පින් පත‍්‍රය මගින් ඒ කාරණය තවදුරටත් පැහැදිලි කර ඇත. එමගින් හෙළිවන්නේ උන්වහන්සේ ආරාම හැදීමට සේම පාරවල්, ඒ දඬු, අම්බලම් නිර්මාණය කිරීමට ද උන්වහන්සේගේ ශාසන ජීවිතය කැපකර තිබෙන බවයි.
නුවර ගොස් සිදුකළ දළදා තේවාවට නිසි ඇගයුමක් උන්වහන්සේට ලැබී තිබේ. උන්වහන්සේ පින් පත‍්‍රයක් මගින් රජුට කවියෙන් පින් අනුමෝදම් කළ පසු සතුටට පත්වන රජු විවිධ බඩු භාණ්ඩ සහිතව දෝලාවකින් පල්ලැක්කියෙන් උන්වහන්සේව විහාරස්ථානයට වැඩමවා ඇත. ඒ සමඟම පෙරහැර අංගයේම, රත්තරන් පිළිමයක්ද, කඩා පහන් ද පල්ලාවෙලට ලැබී තිබේ. වර්තමානයේදී ඒවායින් සමහරක් දැක බලා ගැනීමට පින් නැතත් දෝලාව හැරෙන්නට අනිකුත් භාණ්ඩ සුරක්ෂිතව තිබෙන්නේ අපගේ වාසනාවටය. පල්ලැක්කියේ විනාශ වූ කොටස් මෙන්ම මිණි කබල්, දෝලාවට දැමූ රතු පලස, තෑගි බෝග, පුස්කොළ පොත්, ඇත්දළ, ඇත්දළවලින් කැටයම් කළ ජාතක පොත්, සිංහල පිරිත් පොත් අදටත් ඔබගේ ශ‍්‍රද්ධාවන්ත පින්බිමේ සුරක්ෂිතව ඇත. රන්සෑගොඩ ධම්මදස්සී පරම්පරාව මේ අනුව බිහිවන්නේ පල්ලාවෙල විහාරස්ථානය මුල් කරගෙන බව ඒ ඉතිහාස කතාව අපට කියාදෙයි. කන්දබඩ පත්තුවේ ඇරැඹුණු බොහෝ විහාරස්ථාන පල්ලාවෙලින් විකාශය වූ විහාරාරාමය දේවාලේගම අත්තථදස්සාරාමය, කළුගල පුරාණ විහාරය, ගල් ඇටුඹ පුරාණ විහාරය, කන්දේ බැද්ද පුරාණ විහාරය, දෙනගම අරඹේගොඩ පුරාණ විහාරය පල්ලාවෙල බෝ සෙවණ යට පැළවුණු අංකුර විහාරයෝය.
ධම්මදස්සී හිමියන් යටතේ උඩරට ශිෂ්‍යයන් අට නමක් වැඩ වාසය කළ බවට සාක්ෂි ඇතත් ඒ නම් ගම් අදටත් සොයා ගන්නට නැත. පහතරට ශිෂ්‍යයන්ගේ නාම ලේඛනය අදටත් විහාරස්ථානයේ තිබේ. කීර්ති ශ්‍රී තේජෝවරාරාමය නම ලැබීම පිළිබඳව ද බොහෝ දෙනාගේ උනන්දුවක් තිබේ. ධම්මධස්සී හිමියන්ට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ”රෝහණ විජජක කීර්ති ශ්‍රී තේජෝවර” ගෞරව නාමය ලබා දෙන්නේ නුවරින් ලබාදෙන ගරු නාමයක් ලෙසටය. ඒ අනුව පල්ලාවෙල විහාරස්ථානයට එම නම ලැබුණු සැටි පැහැදිලිය.
පල්ලාවෙල යස පරපුර තේජවන්ත සංඝ පරපුරකි. ධම්මදස්සී තෙරණුවන්ගෙන් පසු සපුගොඩ සිද්ධාර්ථ කන්දේබැද්දේ ඉන්දසාර, දෙනගම ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන, අපරැක්කේ සරණපාල කැටියපේ සංඝානන්ද, රන්සෑගොඩ සරණ තිස්ස, පල්ලාවෙලසිරි නිවාස වැනි කීර්තිමත් හිමිවරු විහාරස්ථානයේ අතීත උරුමක්කාරයෝය.
සිරි නිවාස හිමියන්ගෙන් පසු වැලිහේනේ සාරානන්ද හිමියෝ විහාර භාරකාරත්වය දරමින් අමිල මෙහෙවරක නිරතව සිටිති. විහාරස්ථානයට අලූතින් වැලි කැටයක් හෝ එකතුවී තිබේ නම් එහි සියලූ ගෞරවය හිමි විය යුත්තේ සාරානන්ද හිමියන්ටය.
සිරි නිවාස හිමියන් 1995 මාර්තු 25 අපවත් වීමෙන් පසු එතැන් සිට මේ දක්වා පල්ලාවෙල විහාරස්ථානය ගමන් කළ දියුණුව අතිශය පැසසුම් සහගතය. අද තිබෙන විහාරාංග වලින් වැඩි ප‍්‍රමාණයක් ඉදිවන්නේ සාරානන්ද හිමියන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේය. දාන ශාලා, ගිනිහල් ගෙවල් මෙන්ම අවුරුදු 300කට පැරැණි ශාලාව කඩා අඩි 77ක් දිග ශාලාවක් අලූතෙන් ඉදිකර තිබේ. ධාතු මන්දිරය ද අලූතින් සකස් කළ විහාරාංගයකි.
විහාරස්ථානයට ඇතුළුවන පැරැණි පඩි පෙළ මුල් කර ගනිමින් එය සකස් කර තිබේ. අද වනවිට පල්ලාවෙල රජමහා විහාරය රටේම ගෞරවයට පාත‍්‍රවන පූජා භූමියකි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ද අනුග‍්‍රහය ඇතිව පල්ලාවෙල විහාරස්ථානය දියුණුවේ දොරටුව කරා ඇදෙමින් තිබෙනු අපට පෙනේ. පැරැණි බෝධීන් වහන්සේ වටා අලූතින් ඉදිකළ අටවිසි බුද්ධ මන්දිරය විහාරස්ථානයේ අලංකාරය වැඩි කරන තවත් එක් සාධකයකි. අඩුපාඩු එකින් එක සකස්ව යන ගමනේ තවත් සපුරාගත යුතු ප‍්‍රධානතම අඩු පාඩුවක් තිබේ. එනම් වසර 270ක් පමණ පැරැණි ධර්ම ශාලාව ප‍්‍රතිසංස්කරණය කිරීමය. ඒ බලාපොරොත්තුවත් සුභ සිහිනයක් ලෙස ඉක්මනින්ම ඉටු වේවායි අප සැමගේම ප‍්‍රාර්ථනාවය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
සියවස් තුනක යටගියාව පල්ලාවෙල පුදබිමේ
නිම්මි Friday, 20 May 2016 03:18 PM
මේ අපේ ජාතියේ සම්පත්. මේවා විනාශ නොකර බලාගන්න ස්වාමින් වහන්සේලාට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි (නි)