IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


විශිෂ්ට සේවාවකට අවමන් වෙන ගුරුවරුන් සේවයේ තබාගනු එපා

මෙයට කලකට ඉහතදී ගුරුවරයා, විදුහල්පතිවරයා අතිශයින්ම ගෞරව සම්භාවනාවට පාත්‍රවූ විශිෂ්ට පුරවැසියෝ වූහ. එහෙත් කාලය වේගයෙන් ගලාගොස් තිබෙන්නේ ගුරුවරයාට විදුහල්පතිවරයාට උරුම එම ශුද්ධ වූ තත්ත්වය දයා විරහිත ලෙස උදුරා දමමිනි. සමාජ තත්ත්වයන්හි ඇතිවූ චලනයෙන් දෙදරා යෑම් ඊට හේතු වුවද ප්‍රධානම හේතුව ඇතැම් ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ක්‍රියාකාරකම් බව වසන් කළ නොහැකි සත්‍යයකි.

ඔවුන්ට අදාළව එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවන සිද්ධි එයට උදාහරණ වේ. අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ විදුහල්පතිවරයකුගේ නිර්ලජ්ජිත ක්‍රියාකාරකමක් සම්බන්ධවය. මෙම විදුහල්පතිවරයා කොළඹ සුපිරි පාසලක විදුහල්පතිවරයකුවීමද විශේෂත්වයකි.

පාසලට සිසුන් ඇතුළත් කිරීමේදී රුපියල් ලක්ෂ 76 ක පමණ මූල්‍ය වංචාවක් මෙම කොළඹ සුපිරි පාසලේ විදුහල්පතිවරයා සිදුකර ඇතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය. මේ වූකලී බොහොමයක් විදුහල්පතිවරුන්ට සුලභව නැගෙන චෝදනාවකි.

විදුහල්පතිවරුන්ගේ පගා ගැනීම සුලභවී ඇති හෙයින්ම එය සාමාන්‍යකරණය ද වී ඇති සෙයකි. භයක් හා ලජ්ජාවක් නොමැතිව මෙම අශිෂ්ට ක්‍රියාවට විදුහල්පතිවරුන් පෙළඹී සිටින්නේද එහෙයිනි.

දරුවා පාසලට ඇතුළත් කර ගැනීමට නම් තමා සමග යහන්ගත විය යුතු යැයි පවසා එම දරුවාගේ මව ළැගුම්හලකට රැගෙන ගිය කොළඹ දිස්ත්‍රික්කයේම පාසලක විදුහල්පතිවරයකු අතේ මාට්ටු වූයේ මෙයට දෙතුන් වසකට ඉහතදීය. ඒ අනුව පගා යනු මුදල් පමණක් නොවන බවත් ඉස්තරම් තෑගිබෝග හා ශාරීරික අල්ලස්ද ඇතුළත් බව ඉඳුරාම පැහැදිලිය.

දරුවකු පාසලට ඇතුළත් කරගැනීම තරම් වෙහෙසකර, කටුක ක්‍රියාන්විතයක් තවත් නැත. සෑම අම්මා කෙනකුගේම තාත්තා කෙනකුගේම ඒකාන්ත අධිෂ්ඨානය, උත්සාහය හොඳ පාසලකට තම දරුවා ඇතුළත් කිරීමය. එම ක්‍රියාන්විතය ඇතැම්විට ඇරැඹෙන්නෙ විවාහ ගිවිස ගැනීමටත් පෙර සිටය. ව්‍යාජ ලිපින, ව්‍යාජ ඔප්පු සෑදීම ආරම්භ කරනු ලබන්නේ ඒතරම් දුරාතීතයේ සිටය. ඇතැම් විදුහල්පතිවරුන්, ගුරුවරුන් අතරමැදි මාෆියා කල්ලි විසින් ගසාකනු ලබන්නේ එම අහිංසක දෙමාපියන්ගේ අවංක වුවමනාවය.

‘‘ළඟම පාසල හොඳම පාසල’’ යනු කලකට ඉහතදී හඳුන්වා දුන් සාර සංකල්පයකි. විය යුතු දේත් එයමය. එහෙත් එවැනි සාර සංකල්ප අවශ්‍ය බරින් ක්‍රියාත්මක නොවීම මුළුමහත් ජාතියේම අවාසනාවකි. මෙම පරිසරය තුළ පහසුකම් ඇති පාසලකට හෝ සුපිරි පාසලකට තම දරුවා ඇතුළත් කර උගන්වා උස්මහත් කිරීමට මවුපියෝ පෙළඹෙති. එය ජාවාරම්කරුවන්ට හොඳ ඉල්ලමකි.

වේදනාවට කාරණය වන්නේ මෙම ජාවාරම්කරුවන්ගේ නාම ලේඛනයේ මුලින්ම ඇතැම් විදුහල්පතිවරුන් ගුරුවරුන් සිටීමය. තම ආත්මගරුත්වය සම්බන්ධයෙන් බිඳකුදු නොවෙහෙසී, නොතකා මෙම විදුහල්පතිවරු සහ ගුරුවරු නිර්ලජ්ජිත සූදුවේ යෙදෙති. අප ප්‍රවෘත්තියට පාදක වූ කොළඹ සුපිරි පාසලේ විදුහල්පතිවරයා ද එවැන්නෙකි.

යම් චෝදනාවක් එල්ලවූ පසු පළමුව කළයුතු වන්නේ අදාළ පුද්ගලයා එතෙක් දැරූ වගකීම්වලින් මුදාහැරීමය, අනතුරුව සාධාරණ වූත් අපක්ෂපාතී වූත් විධිමත් වූත් විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් කිරීමය. ඉන්පසුව විනිශ්චයකට එළැඹිය හැකිය. දඬුවම් කළ යුතුද නැද්ද ඉන් ඉදිරියට අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළැඹිය හැකිවන්නේ ඉන්පසුවය.

කරුණු කාරණා එපරිදි වුවද චෝදනාලාභී විදුහල්පතිවරයා පළමුව අධ්‍යාපන අමාත්‍යාංශයට මාරුකර පසුව කොළඹ අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇත. අදාළ විදුහල්පතිවරයා සේවය කළ පාසල පිහිටා ඇති කොළඹ අධ්‍යාපන කලාපයේ වගකීම් දරණවිට සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ හැකිද යන්න අමුතුවෙන් විමසිය යුතු නැත. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ මෙන්ම හොරාගේ අම්මාගෙන් පේන ඇසීම වැනි පිරුළු ජනවහරට එක්ව තිබෙන්නේ මෙබඳු ක්‍රියා නිසාය.

අධ්‍යාපනයේ ගරුත්වය කෙළෙසමින් ක්‍රියා කරන දුර්ජනයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුය. නැතහොත් හෙට දවසේ රටේ ඉරණම කෙසේ ලියැවේදැයි යන්න අනුමාන හැකියාවෙන් එපිට පිහිටියකි.

(***)



අදහස් (3)

විශිෂ්ට සේවාවකට අවමන් වෙන ගුරුවරුන් සේවයේ තබාගනු එපා

මහජනයා Tuesday, 16 May 2023 11:51 AM

ඉතිහාසයේ මෙවන් වැරැදි කළ රජයේ සේවකයින් වැරදිකරුවන් කර ඇත්තේ ඉතාම අතළොස්සක් පමණි. අනෙක් සියලුම අය සඟවා තබාගැනීම සඳහා අමාත්‍යාංශයට හෝ අධ්‍යාපන කාර්යාලයකට අනුයුක්ත කරනවා. අලුතින් වගකීම් ගන්න අයත් මේනිසා බය නැතිව හැකිතරම් හම්බ කරගෙන බලනවා...

:       0       2

chandima Thursday, 18 May 2023 12:15 AM

කතාව ඇත්ත... මන්ත්‍රීලා, ඇමැතිලා, ඔක්කොම තියාගෙන ගුරුවරු පන්නමු...

:       0       1

P.d goonawardena Sunday, 21 May 2023 01:14 PM

ඉස්සෙල්ලාම ස්ටාලියවයි, මහින්ද ජයසිංහයවයි එලවලා වැඩේට අත ගහමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 88 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site