රාවණ රජතුමා ආත්මාරක්ෂක සටනෙහි දක්ෂයෙකි. තමාට එරෙහිව එන ඕනෑම සතුරකු අත් පා වලින් පහර දී දුර්වල කිරීමේ ශක්තිය එතුමාට තිබිණි. ඒ නිසා රාවණා සමග සටනට සතුරු සේනා පැමිණියේ කලාතුරකිනි. රාවණාට ආවේණික වූ සුවිශේෂ සටන් විලාසය සතුරන් පසුබස්සන්නක් විය. ඇතැම් විට මරණය පවා කැඳවන්නක් විය. ආයුධවලට වඩා රාවණ ප‍්‍රිය කළේ කාය ශක්තියෙන් කරන සටන්ය. අද ‘‘අංගම්පොර’’ නමින් ප‍්‍රකට සටන් කලාවෙහි ආරම්භකයා රාවණය. මේ පිළිබඳ පෙර ලිපියක සටහන් තැබුවා ඔබට මතක ඇති. අද එහිම දෙවැනි පියවරකි.
අංගම්පොර ලංකාවට ආවේණික වූ සුවිශේෂ සටන් ශාස්ත‍්‍රයකි. අවුරුදු 7,500කට එහා පුරාණ ශිල්ප ඔස්සේ පැවත එන්නකි. රාවණ රජුගෙන් ආරම්භ වී හෙළ රාජ පරම්පරා ආරක්ෂා කරගෙන පැමිණියකි. පසුකාලීන ලක්දිව බොහෝ රජවරු අංගම් ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ බවද පෙනේ. එසේම අංගම් ශිල්පීහු තම සටන් සේනාවල රඳවා ගත් බව ද පෙනේ. ඉතිහාසගත සටන්වලට අංගම් සටන් කරුවන්ගෙන් ලැබුණේ සුවිශේෂ දායකත්වයකි. තුවක්කු, බයිනෙත්තු සමග පැමිණි සතුරු සේනාවලට පවා දැවැන්ත පරාජ ගෙන දීමට ලංකාවේ පැරණි සටන් ශිල්පීන්ට හැකිවිය. අංගම් ශාස්ත‍්‍රය නිසි පරිදි ප‍්‍රගුණ කළෙකුට දරුණු හමුදාවකට පවා අභීතව මුහුණදීමෙහි ශක්තිය ලැබේ. එහෙත් රාවණ යුගයේ තිබුණු අංගම් ශාස්ත‍්‍රයේ බොහෝ වටිනා තැන් වත්මන් අංගම් ශාස්ත‍්‍රයෙන් ගිලිහී ගොස් තිබේ. කෙසේ වෙතත් පැරණි සටන් ශිල්පයක් හැටියට එය තරමක් හෝ ආරක්ෂා වීම ගැන අප සතුටු විය යුතුය.
රාවණ යුගයේ ‘‘අංගම්පුඩි’’ ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ යක්ෂ ගෝත‍්‍රිකයෝ විශාල පිරිසක් විසූහ. ඔවුන් පසු කලෙක ඉන්දියාවට ගොස් ‘‘අගම්පූඩියර්’’ ලෙස ප‍්‍රචලිත විණ. පළමුවැනි විජයබාහු රජ සමයේ හමුදා සේනාංකයක් ලෙස මේ ‘‘අගම්පූඩියර්’’ මිනිස්සු යළිත් ලංකාවට ගෙන්වා ගත්හ.
ඔවුන් බළපිටියේ පදිංචි වූ අතර පසුව ‘‘අගම්පුඩි’’ ලෙස වාසගම් වෙනසට පත්විය. අදත් ‘‘අගම්පුඩි’’ ජනතාව බළපිටිය කේන්ද්‍රකොට ලංකාවේ සිවුදෙස වෙසේ. මොවුහු පාරම්පරික සටන්කලාව රැුගෙන එන්නෝය. එබැවින් ඔවුන්ට උපතින්ම පාරම්පරික දේහ විලාසයක්, කාය ශක්තියක් හිමිව ඇතැයි ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර අදහස් දක්වති.
ලෝකයේ විවිධ රටවල විවිධ නම් වලින් හැඳින්වෙන අංගම් ශාස්ත‍්‍රයේ මූල ධර්මය ලෙස සැලකෙන ‘මුශඨි ප‍්‍රහාරි තන්ත‍්‍ර‘ නම් සංස්කෘත ග‍්‍රන්ථයේ කතුවරයා රාවණ රජතුමා යැයි පිළිගනී. එය එම ග‍්‍රන්ථයේ පෙරවදනේද සඳහන් වේ. මෙම පොතේ අංගම් ශාස්ත‍්‍රය ගැන විශේෂයෙන් ලියැවී තිබේ.
අවි ආයුධ රහිතව සටන් කිරීම අංගම් ශාස්ත‍්‍රයේ මූලික අභිප‍්‍රායයි. නමුත් අංගම් ශාස්ත‍්‍රය රජවරුන්ගේ අංගාරක්ෂකයන් අතට පත්වීමත් සමග කඩු සටනින් පොලූ සටන් ආදිය පසු කලෙක එක්වන්නට ඇතැයි මුශඨි ප‍්‍රහාර තන්ත‍්‍ර ග‍්‍රන්ථය අධ්‍යයනය කරන විට පෙනී යයි.
රාවණ රජතුමා සඳහන් කරන පරිදි අංගම් පොර ශිල්පියා අත කිසිඳු ලී කැබැල්ලක්, කඩු පිහි හෝ ලෝහ උපකරණ නොවිය යුතුය. රාවණා රජතුමා මුශඨි ග‍්‍රන්ථයේදී මිනිස් සිරුරේ මාරක නිල හතක් දක්වයි ඒවා හිස, දෙනෙත්. නාසය දකුණු කන, පුරුෂ ලිංගය, උදර ඇටය, යටිබඩ යන ප‍්‍රදේශ ආශ‍්‍රිතව පිහිටා තිබේ.
අංගම් ප‍්‍රහාරකයා තමන්ගේ මුළු ශරීර බර එක මොහොතක අතට හෝ පාදයට ලබාගෙන ප‍්‍රහාරය යොමු කරයි. එවිට සතුරාට වදින පහර බරින් වැඩිය.
පුරාණ රාක්ෂ හා යක්ෂ ගෝත‍්‍රික ජනතාව තමන්ගේ වර්ගයා සමග සටන් නොකිරීම එක් ප‍්‍රතිපත්තියකි. සිය ඥාතියකු සමග නිරාකරණය කළ නොහැකි වෛරයක් වේ නම් දෙදෙනා ඉතා රහසිගත ස්ථානයක් තෝරා ගෙන අමාවක දිනයක සිය විරුද්ධවාදියා සමග සටන් කළ යුතුය. එය රාවණ යුගයෙහි සිරිතයි. මෙම සටනේදී දරුණු මාරක ප‍්‍රහාර එල්ල වේ. සියල්ල අංගම් ශාස්ත‍්‍රානුකූලවය. එවිට එකෙකු මිය යයි. සමහර අවස්ථාවල ප‍්‍රහාරයෙහි දරුණුකම මත දෙදෙනාම මියැදෙති.
රාවණ යුගයේ දී අංගම් ශිල්පියා මන්ත‍්‍ර පවා සටනට යොදා ගෙන ඇත. සමහර මන්ත‍්‍ර තමන්ගේ ආරක්ෂාව පිණිසය. නවත්වා සතුරා පහසුවෙන් බිමට හෙළා ගැනීම සඳහාය.
රාවණ රජු ලිවූ මුශඪි ප‍්‍රහාර පුස්කොළ පොතේ අංගම් ශාස්ත‍්‍රයේ ප‍්‍රබල අවස්ථා කීපයක් දක්වා ඇත.
සතුරාට වැළමිටෙන් පහරදීම සතුරාගේ පා පහර වළක්වා පාදය අල්ලා සොළවා බිම දැමීම ඒ අතරෙහි වේ.
සතුරාගේ පාද දෙකින් අල්ලා ඉදිරියට ඇඳීමෙන් බිම දමන ක‍්‍රමයක්ද එහි වේ. දෙපා ඇඳීමෙන් බිම වැටෙන සතුරාගේ උගුරු ඇටයට තද ප‍්‍රහාරයක් දීමෙන් සතුරා සම්පූර්ණයෙන් අඩපණ කිරීම ඉපැරණි අංගම් ශාස්ත‍්‍රයේ ප‍්‍රධාන අංගයකි.
හිසේ පිටුපසට වේගවත් ටොකු පහරක් දීම මගින් සතුරා දැඩි සේ කම්පනයට පත් කරවා සදාකාලික රෝගියකු කරනු ලැබේ. එය තීරණය වන්නේ මුෂ්ඨි ප‍්‍රහාරයේ බර ප‍්‍රමාණය අනුවය. බර අඩුකර හෝ වැඩිකර අවශ්‍ය පමණට ප‍්‍රහාරය පවත්වා ගැනීම අංගම් ශිල්පියාගේ කැමැත්ත මත තීරණය වේ. අංගම් ශාස්ත‍්‍රයේදී එක ප‍්‍රහාරයකින් මිනිසකු ඝාතනය කළ හැක්කේ වුවද නියම අංගම් ශිල්පියා කිසිවිටෙකත් එවැන්නකට යොමු නොවේ. මනුෂ්‍ය ඝාතනය අංගම් ශාස්ත‍්‍රයට සපුරා තහනම්ය.
රාවණ යුගයෙන් පසුව බොහෝ කළක් අංගම් ශාස්ත‍්‍රය වනගත යෝගීවරුන් ප‍්‍රගුණ කළහ. ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ පවා යෝගිවරු උසස් අන්දමින් මේ ශිල්පය රැුකගෙන ආහ. වනයේදී මුණ ගැසෙන සොර සතුරන්ගෙන් හා වගවලසුන්ගෙන් ආරක්ෂාවීමට පුරාණ අංගම් ඔවුහු උපයෝගී කොට ගත්හ.
අවි ආයුධ දරන කෙනෙක් කඩු ප‍්‍රහාරයක් එල්ල කළහොත් අත රැුඳි ලේන්සුවකින් හෝ වස්ත‍්‍රයකින් එම කඩුව අල්වා සතුරාගේ බඩට පා පහරක් එල්ල කොට සතුරා මර්දනය කරනු ලැබේ. පොලූ සටන් වලදී ද ඊට සමාන ක‍්‍රමයකට සතුරා මැඩ පවත්වනු ලැබේ. සෙලම්බරම් නම් පොලූ කරකැවීමේ ශාස්ත‍්‍රයට ද දක්ෂ අංගම් ශිල්පියාට මුහුණ දිය හැකිය.
රාවණ රජතුමා මුෂ්ඨි ග‍්‍රන්ථයේ සඳහන් කරන පරිදි අංගම් ක‍්‍රීඩාවේ යෙදීමට සුදුසුම වේලාව කුජ හෝරාවයි. සතුරා දුබල කිරීමට කුජ හෝරාවේදී විශේෂ ශක්තියක් ඇති නිසා එසේ විය යුතුය.
නැකැත් හෝරා බලමින් හදිසියේ සතුරා මර්දනය කළ නොහැකි බැවින් මනස ඉතා පැහැදිලිව හා ශරීර ශික්ෂණය මැනවින් පවත්වා ගැනීමෙන් පහසුවෙන් සතුරා දමනය කළ හැකිය.
රාවණ රජතුමා අධ්‍යත්මික ශක්තියෙන් සන්නද්ධ වූ යොගීවරයෙකි. එම ශක්තීන් අනුව මානසික හා ශාරීරික සංයමය තබා ගෙන අංගම් ශාස්ත‍්‍රය සිදු කරන්නට ඇත.
රාවණ යුගයෙන් පසු දේශීය අංගම් ශාස්ත‍්‍රය ඉන්දියාවට ගියේය. විශේෂයෙන් සිංහලේ නායක්කර් රජ සමය වන විට අංගම් ශාස්ත‍්‍රය දකුණු ඉන්දියාවේ ගුස්ති ක‍්‍රම හා මිශ‍්‍ර වීමෙන් අපවිත‍්‍ර විය.
අද ලංකාවේද ඉතිරිව ඇත්තේ මෙසේ විවිධ සටන් වූ ලක්ෂණ වලින් අපවිත‍්‍ර වූ අංගම් ශාස්ත‍්‍රයකි. සුපිරිසිදු අංගම් ශාස්ත‍්‍රය තිබුණානම් ආයුධ සටන් වලට වඩා පහසුවෙන් සතුරා මෙල්ල කිරීමේ හැකියාව තිබිණි.
කෙසේ වෙතත් රාවණ යුගය හා සැසඳීමේ දී දේශීයව අපට උරුම වූ බොහෝ දෑ අතර අංගම් සටන් කලාව එකකි. ලෝකයේ ඕනෑම රටක් සමග කරටකර යෑමේදී අපේ ආවේණික ලක්ෂණයක් ලෙස‘‘අංගම්පොර’’ බය නැතුව පෙරට ගෙන යා හැකිය.
එය අපේ දේශීය කලාවක විශිෂ්ටත්වය කියාපාන්නකි. ලාංකීය ඉතිහාසයේ මහරජු වන ‘‘රාවණ’’ අපට කියාදුන් ශිල්පයකි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපකල්පනයෙන් ඉතිහාසය හදන්න යන එක භයානක වැඩක්. යක්ෂයන් යනු මූග්ධ ජන කොට්ටශයක් බව දැනට පිළිගෙන ඇති ඉතිහාසය ඔප්පු කර ඉවරයි. 1. මේබව බුදුන්ගේ ලංකා ගමන් වලින් පැහැදිලි වෙනවා 2. විජය ලංකාව ආක්ක්‍රමණය කිරීම. යක්ෂ ගොත්‍රිකයින්ගේ ඔය දියුනු ඉතිහාසය පිළිගන්න අය , ඔව්න් පසු කාලීනව ඇති මූග්ධන් පිරිසක් වූයේ කෙසේද කියා බලන එක වටිනවා. (ර)
හොද ලිපියක් තව විස්තර හොයලා දාන්න (දිල්)
දාලා තියෙන කොමෙන්ට් දැක්කම තේරෙනවා පොඩි කාලේ කියා දුන්නු දේ මිස අලුත් අදහසක් පිළිගන්න ගොඩක් කට්ටිය අකමැති කියලා. (ර)
සම්පත් සම්පුර්ණ ඇත්ත .විජයගෙන් පැවැත්මක් නැ.විජය එක්ක අපු අයට ජාතක වෙච්ච උන් අපේ කරුමෙට තාම ඉන්නවා.මහා වංසේ නෙවේ අපේ ඉතිහාසේ ..(දිල්)
කුවේණි ඔක්කොම අල්ලලා ගල් ගුවහාවේ හිර කරේ අංගන පොර වලින් තමා.කියන සාදක අපට නම් හොදටම ඇති .(දිල්)
මේක නම් වෙනස් මුහුණුවරක් ගත් ලිපිපෙළක් (නි)
මේ ඡායාරූප ටික නියමයි!!! (නි)
ඉතා හොඳ ලිපියක් (නි)
මේ කතන්දර සනාථ කරන්න කිසිම ඉතිහාසගත හෝ පුරාවිද්‍යා සාධක හෝ නැත. (නදී)
අපිට ආඩම්බරයි.(හේ)
ලාංකීය ඉතිහාසයේ මහරජු දුටුගැමුනු මිසක් කතන්දරයකට සීමා වු රාවනා නෙමෙයි (නදී)
මේවා ඇහෙනකොට නියම සින්හලුන්ගෙ ලේ නටනවා, අපිට ආඩම්බරයි මේ වගේ ඉතිහාසයක් අපිට තිබුනා කියන එකට. (ර)
ඒක වෙන්න පුළුවන්.(හේ)
මමත් අහලා තියෙනවා (දී)
මට හරිම ආසයි මේ වගේ ලිපි කියවන්න (නි)
මට තිබෙන ප්‍රශ්නය වන්නේ විජය සහ පිරිස යක්ෂ ගෝත්‍රිකයින් විනාශ කරනකොට අංගම්පොර වලින් සටන්කළේ නැත්තේ ඇයි කියන එකයි (නි)
කාලෙකට පස්සේ කියවපු හොඳ ලිපියක්. සමහරු ඉතිහාසයේ මැදින් ඉගෙන ගත්ත අය වගේ? (ර)
එක අතකට මේ සිල්වා වගේ මෝඩ ගොබ්බයොත් ලංකාවෙ ඉන්න එකත් හොඳයි .
රාවණාගේ ඉතිහාසය නැති වුනා නෙමේ නැති කලා. විජය කියන පුද්ගලයාගෙන් ඉතිහාසය ආරම්භ වුණා කියන ජාතියක් අපිට ඉන්නේ.. පොඩ්ඩක් හිතන්න මෙච්චර දියුණු සටන් කලාවක් තිබුණු යක්ෂ ගෝත්‍රිකයෝ නිකම් 700කට පරාද වෙලා නැතිවෙයිද..? දැන් කියයි කුවේණි තමයි අංගම් ශිල්පින්ව පරාද කලේ කියලා. මතක තියා ගන්න කුවේනි පරාද කල ශිල්පින් වගේ දහස් ගුණයක් අපිට අංගම් ශිල්පින් හිටියා.. එ්ත් ඇත්තටම අතින් පයින් වලින්නම් ලංකාවේ සිටි අංගම් ශිල්පින් සියල්ල පැරදවුවා කිවුවොත්, එතරම් ගොන් කතාවක් තවත් නැ.. අපි නොදන්න රහසක් මේ ශිල්පින් අතුරුදහන් වීම පිටුපස තිබෙන බව අපි සියල්ලන්ටම තේරෙනවා..