නිමාවක් නොදැක පීඩා විඳින මෙරට ජනයාට සොබාදහමත් නොනැවතී ප්‍රහාර එල්ල කරමින් සිටී. අප පුවත්පත ඉකත්දා වාර්තා කළ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් තේ ඉඩම් අක්කර හය ලක්ෂ හැටහත් දහසකට පමණ දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසන බවය.
කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා තේ වගාව බරපතළ අර්බුදයකට ගොදුරු විය. එය ස්වාභාවික විපතක් නොවේ. උද්ධච්ඡකම නිසා ගත් අනුවණ තීරණයක් මත එම තත්ත්වය නිර්මාණය විය. ඊට පසුපසින් පැමිණි ඩොලර් අර්බුදයද තේ වගාවට මාරාන්තික බලපෑමක් එල්ල කළේය.
කුඩා තේ වතු හිමියන්ට පමණක් නොව මහ පරිමාණ තේ වතු හිමියන්ට සහ රටේ ආර්ථිකයට ද බරපතළ බලපෑම් ඇතිවිය. එමගින් හතර ගාතෙන් වැටුණු තේ කර්මාන්තයට දැන් නියඟය පහර දෙමින් සිටී.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රකාශකයකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් කුඩා තේ වතු හිමියන් ලක්ෂ පහකට අයත් තේ ඉඩම් අක්කර හාර ලක්ෂ හත්දහස් පන්සියයකට බලපෑම් එල්ල වී ඇති බවය. වියළි කාලගුණ තත්ත්වයෙන් තේ අස්වැන්න විශාල වශයෙන් අඩු වී ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
තේ දලු කිලෝවක මිල ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අවස්ථාවක අස්වැන්නත් අඩු වීමෙන් කර්මාන්තය පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇතැයි තේ වතු හිමියන් පවසන අතර ඒ හේතුවෙන් තමන් දැඩි ආර්ථික දුෂ්කර තත්ත්වයට පත්ව ඇති බව ද ඔවුහු පවසති. රුපියල් 300ත් 320ත් අතර පැවැති අමු තේ දලු කිලෝවක මිල මේ වනවිට රුපියල් 160ත් 170ත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බව ද කුඩා තේ වතු හිමියෝ පවසති.
මේ වූ කලී විශේෂ අවධානය යොමු කළ යුතු බරපතළ තත්ත්වයකි. ලක්ෂ ගණනක් ජනයා තේ කර්මාන්තයෙන් ජීවත් වෙති. එමෙන්ම අප රටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධානම කර්මාන්තයක් ලෙස ද තේ කර්මාන්තය හැඳින්විය හැකිය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය තුළට රැගෙන ගිය මේ කර්මාන්තය රැක ගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි.
නියඟය ස්වාභාවික විපතකි. එහෙයින් එයට මුහුණ දීම හැර වෙනත් විකල්පයක් ද නැත. එමෙන්ම මෙම තත්ත්වය කවදා තුරන් වී යනු ඇතැයි ද කිව නොහැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දැනට පවතින නියං තත්ත්වය තවත් මාස දෙකක් පමණ පවතිනු ඇති බවය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මහ වැසි ඇදවැටෙන්නේ ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකිකරණ) ශිරෝමනි ජයවර්ධන මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන මාසයක් බවත්, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් මෙවර වැසි හිඟ තත්ත්වය ප්‍රබල වූ බව ද එම මහත්මිය ප්‍රකාශ කර තිබිණි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයට අනුව රට තිබෙන්නේ ඉතා අවදානම් කලාපයකය. ස්ථිර වශයෙන්ම වැසි වැටෙන දිනයක්, කාල සීමාවක් නොමැති තත්ත්වය තුළ අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු රඳවාගත නොහැකි පරිසරයක් නිර්මාණය වී තිබේ.
නියං තත්ත්වය තේ වගාවට පමණක් නොව වී වගාව ඇතුළු සෑම වගාවකටම මාරාන්තික ලෙස බලපෑම් එල්ල කරමින් තිබේ. සතා සීපාවා පවා මෙම තත්ත්වය තුළ බලවත් දුෂ්කරතාවට පත්ව සිටිති.
නියඟය ස්වාභාවික යැයි කියා වසිනතුරු බලා සිටිය නොහැක. මෙබඳු තීරණාත්මක මොහොතකදී ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පර් යේෂණ සිදුකර විසඳුම් සොයාගත යුතුය. මෙතුවක් කලකට නොකළ එම පර් යේෂණ ආරම්භ කිරීමට දැන්වත් ක්‍රියා කළ යුතුය. නොඑසේනම් තම ජීවිතවලින් වන්දි ගෙවීමට පුරවැසියන්ට සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇත.
(***)
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දේශගුණික විපර්යාසවලින් තේ වගාව රැකීමට නව මං සොයමු
nimal Thursday, 24 August 2023 05:19 PM
නියං තත්ත්වය තේ වගාවට පමණක් නොව වී වගාව ඇතුළු සෑම වගාවකටම මාරාන්තික ලෙස බලපෑම් එල්ල කරමින් තිබේ. සතා සීපාවා පවා මෙම තත්ත්වය තුළ බලවත් දුෂ්කරතාවට පත්ව සිටිති. තේ වගාවට පමණක් නොව වී වගාව ඇතුළු සෑම වගාවක්ම සාර්ථක වූ අවස්ථවලදී සියලු කණ්ඩායම් නිහඬයි. නියං තත්ත්වය, ජලගැලීම් හමුවේ සිදුවන හානිය වළක්වා ගැනීම සඳහාත්, පිළියම් රජය ලබාදෙන තුරු නොසිටිය යුතුවේ. රටේ ස්වභාවිකව සිදුවන හානියට රජය වගකිව යුතුද?
බද්‍ර යව්වනිය Friday, 01 September 2023 10:14 AM
"තේ වල ගාන වහාම අඩු නොකොරොත් අපි වෙන රටකින් තේ ගේනවා! " කියලා, ලංකාවෙන් තේ ගන්න රටවල් කිව්වොත් මොකක් වෙයිද දන්නේ නැහැ නේද? අපේ යක්ඛ පුත්තු ටික රට රැකගන්න එන්න ඕනේ වෙලාව තමයි මේ...!