IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනපති කතාවෙන් රටට දුන් පණිවිඩය

“රටේ තත්ත්වය හොඳයි ද?” මේ බොහෝ තැන්වල බොහෝ බරසාරව කෙරෙන සාකච්ඡා මාතෘකාවකි. එහිදී තම තමන්ගේ මනසේ දිග පළලට හා දරන දේශපාලන මතිමතාන්තර අනුව කෙරෙන විග්‍රහ මිස ආර්ථික අර්බුදයේ ගැඹුර මෙන්ම එයින් ගොඩ එන මාවත ගැන නොකියැවේ. මෙම තත්ත්වය මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ඇති බාධකයකි. 

සත්‍ය තත්ත්වය නම් පැවැති අඳුරු හා වේදනාබර තත්ත්වය සමනය වී ඇති බවක් පෙනීමය. එහෙත් එමගින් රටේ ආර්ථිකය ස්ථාවර වී ඇතැයි නොකියැවේ. මේ තිබෙන ආකාරයෙන්ම ඉදිරියට යන්නේ නම් මෙයට වසරකට පෙර තිබූ තැනට රට ඇදවැටීම වැළැක්විය නොහැකිය. එසේ නම් කළ යුතුව තිබෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් හා ස්ථාවර තත්ත්වයට පත්වීමට අවශ්‍ය කළමනා කටයුතු නොවළහා ක්‍රියාත්මක කිරීමය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් දා කළ ප්‍රකාශයක් අප පුවත්පත වාර්තා කර තිබුණේ “සීමාවක් නැතිව වියදම් කිරීමත් රටේ ආර්ථික අර්බුදයට හේතුවක්” යන සිරස්තලය යටතේය. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍ය බවත් රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත්ය. 
රටේ ප්‍රධාන පුරවැසියා රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත්ය.

මන්දයත් රාජ්‍ය වියදම් යැයි කී සැණින් ජනතාවට හැඟී යන්නේ ඕවා නාස්තිකාර වියදම් ලෙසය. මන්දයත් ජනතාවගේ මුදල් වග විභාගයකින් තොරව සිදු කළ ඵලදායි නොවන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙන්ම රාජ්‍ය උත්සවවලට මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කිරීම සම්බන්ධයෙන් තොග ගණනින් අත්දැකීම් මෙරට ජනයා අත්විඳ ඇති හෙයිනි. 

මැති ඇමැති නඩත්තුව සම්බන්ධයෙන් මෙරට ජනයා සතුව ඇත්තේ තිත්ත අත්දැකීම්ය. මැති ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ නඩත්තුව මෙන්ම බිරිඳ, දුව පුතා ඇතුළු නෑදෑසනුහරෙන් පිරීගත් පෞද්ගලික කාර්ය මණ්ඩල නඩත්තුවට මහජනයාගේ මුදල් හිරිකිතයකින් තොරව වියදම් කිරීම සම්බන්ධයෙන් ජනයා සතුව තිබෙන්නේ සාධාරණ විවේචනයකි. ප්‍රාදේශීය සභා මෙන්ම පළාත් සභා ද වරිග සභාවකින් වෙනස් නොවන්නකි. ඒවා මැති ඇමැතිවරුන්ගේ දූ පුතුටන් දේශපාලන සම්ප්‍රාප්තිය සඳහා පෙරහුරු ලබාදෙන ආයතන බවට පත්ව ඇත. 

ඉහත පරිසරය තුළ මෙරට ජනයා සිතන්නේ රට බංකොලොත් වූයේ ඒ මහා මුදල් නාස්තිය නිසා බවය. එකම හේතුව එය නොවුණත් රටේ බංකොලොත්භාවයට එයත් ප්‍රධාන හේතුවකි. සංවර්ධන ව්‍යාපෘති ජනගත කිරීමේ අවස්ථාවලදී එය තම දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීමේ ව්‍යාපෘතියක් බවට පත් කර ගැනීම විලි ලජ්ජාවකින් තොරව සිදුවන්නකි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ රජය වැය කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගත යුතු නමුත් බොහෝ විට එය රාජ්‍ය වියදම් ක්‍රියාවලියේ සිදු නොවන බවය. එමෙන්ම රාජ්‍ය වියදම් අමතක කිරීම පමණක් නොව කිසිදා ප්‍රතිලාභයක් නොමැති කටයුතු සඳහා රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වැය කිරීමද මෙරට ආර්ථික අර්බුදයට හේතු වූ බවය. 

ජනාධිපතිවරයා මෙහිදී ඉතා වැදගත් කාරණාවක් ද මතු කරයි. එනම් පසුගිය වසර දෙක තුන තුළ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ සංවාදයක් සිදු නොවීම වර්තමානයේ මතුව ඇති මූල්‍ය ගැටලුවලට ප්‍රධාන හේතුවක් බවය. එමෙන්ම ආදායම් බදු මෙන්ම රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව සොය බැලීමට මේ වනවිට පාර්ලිමේන්තුව තුළ කමිටු ගණනාවක් පත් කර ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. 

රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයන්ට පැහැර හැරිය නොහැකි වගකීමක් තිබේ. අවශ්‍ය වන්නේ රට ගොඩනැගීමට අවංක කැපවීම පමණකි.

(***)



අදහස් (1)

ජනපති කතාවෙන් රටට දුන් පණිවිඩය

chandima Monday, 24 July 2023 06:32 PM

කතාව නම් දෝලාවෙන් තමයි... ඒත්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site