වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියඹලාණ්ඩුව කොටියාගල වත්තේගම කැබලිත්ත රක්ෂිත වනාන්තරයෙන් කැලෑ ඉඩම් හෙක්ටයාර 9960 ක් පමණ මේ වන විට විවිධ පිරිස් බලහත්කාරයෙන් අල්ලාගෙන හේන් වගා කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ යැයි සඳහන් පුවතක් අප පුවත් පත ඉකුත් දා වාර්තා කළේය.
මෙම ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින පිරිස්වලට එක් ස්තූතියක් පුද කළ යුතුය. ඒ එම ඉඩම් අල්ලා කැබලි කර පිටස්තරයන්ට නොවිකිණීම සම්බන්ධයෙනි. බොහෝ තැන්වල සිදු වන්නේ එයයි. අප ප්‍රවෘත්තියෙහි වැදගත් කරුණක් අනාවරණය කර ඇත. එනම් මෙම වන අපරාධයට මූලිකත්වය ගෙන තිබෙන්නේ හේන් ගොවීන් නොව ගොවි ව්‍යාපාරිකයෝය. ඇතැමෙකු අක්කර සියය දෙසීය පමණ බලහත්කාරයෙන් අල්ලාගෙන බඩ ඉරිඟු ඇතුළු භෝග වගා කරන බව ප්‍රවෘත්තියෙහි සඳහන්ය. ඒ අනුව පැහැදිලි වන්නේ ගොවි මුදලාලිලා මහා පරිමාණයෙන් වන සංරක්ෂිතයෙහි ඉඩම් අල්ලා ගන්නා විට ගොවීන් ද පුළු පුළුවන් මට්ටමින් ඉඩම් අල්ලා ගන්නා බවය. එහෙත් මොවුන් අමතක කර ඇති වැදගත්ම හා ප්‍රධානම කාරණාව වන්නේ තමන් මේ බලහත්කාරකම් කරන්නේ රක්ෂිතයකට බවය.
කැබිලිත්ත රක්ෂිතය ඉතා සුවිශේෂී වූවකි. යාල ජාතික වනෝද්‍යානයට හා කුමන ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටා ඇති කැබිලිත්ත රක්ෂිතය හෙක්ටයාර 28926 කින් සමන්විතය. කළුවර, බුරුත, වීර, පලු වැනි වටිනා වියළි කලාපීය ශාකයන්ගෙන් පිරිගත් මෙම රක්ෂිතයෙහි අලියා, වළහා, දිවියා ඇතුළු වන සතුන් විශාල පිරිසකට වාසස්ථානය ද වේ. මෙම වනාන්තරයේ ඇති ජෛව විද්‍යාත්මක හා පරිසරික සුවිශේෂත්වය නිසාම 2012 වසරේ නොවැම්බර් 12 වැනිදා අංක 1784 / 9 දරන අති විශේෂ ගැසට් පත්‍රයකින් රක්ෂීත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මෙබඳු රක්ෂිතයක් පරිභෝජනය කිරීම තබා නිසි අවසරයකින් තොරව ඇතුළු වීම ද තහනම්ය. එහෙත් ගොවි මුදලාලිලාට හා ගොවීන්ට එම අවසරය අදාළවී නොමැති සෙයකි. මෙම ඓතිහාසික භූමියෙන් හෙක්ටයාර් 9960 ක් බලහත්කාරයෙන් අල්ලා ගෙන වගාවන්හි නියැළෙන්නේ එහෙයිනි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දෙන්නේ වත්තේගම කැබිලිත්ත රක්ෂිතයේ හා ඉන් පිටත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබු කැලෑ ඉඩම් අක්කර පනස් දාහක් පමණ අනවසර හේන් ගොවීන් විනාශ කර ඇති බවය. වත්තේගම කැබිලිත්ත රක්ෂිතය තුළ හේන් වගාවේ නියැළෙන ගොවීන්ගේ ගණන හාර සියයයක් පමණ වන බවත් අනු පවුල් 1270 ක් පමණ සිටින බවත් එම නිලධාරීහු පෙන්වා දෙති.
සමස්ත භූමියෙන් හතරෙන් එකක් මහ පාරවල්වලට වෙන්වේ. හතරෙන් දෙකක් ඇළ දොළ ගංගා වලට හා වනාන්තරවලට වෙන් වේ. මිනිසාට ජීවත් වීමට ගොවිතැන් කිරීමට කර්මාන්තශාලා පිහිටුවීමට ආදී වශයෙන් සියලු දෙයට ඉතිරිව තිබෙන්නේ භූමියෙන් හතරෙන් එකක ප්‍රමාණයකි. ජනගහනය අර්බුදයක් ලෙස හඳුනා ගැනෙන්නේ ද මෙම පරිසරය තුළය. මෙම බෙදීම ප්‍රශ්නයක් කර ගත යුතු නැත. අවශ්‍ය වන්නේ මෙම තිබෙන ඉඩ කඩ නිසි පරිදි කළමනාකරණය කිරීමය. මෙසේ නොකර වැටපැන රක්ෂිත අල්ලා ගැනීම නොවේ.
වනාන්තර අල්ලා ගන්නා ක්‍රමවේද ද පවතී. පළමුව තණ කෑමට ගවයන් යවති. ගවයන් රැක බලා ගැනීමට යැයි පිරිසක් දෙවනුව යති. හෙමි හෙමිහිට පැලක් තනා ගනි. වනාන්තරය ශුද්ධ කර වගා පටන් ගනිති. නොබෝ දිනකින්ම පැල නිවෙසක් බවට පත් වේ. මහ වන මැද ජනාවාස ඉදිවන්නේ ඒ අනුවය. අලි මිනිස් ගැටුම ඇතුළු දහසක් පාරිසරික ප්‍රශ්න නිර්මාණය වන්නේ ඒ අනුවය. ගමට පාරක් මෙන්ම විදුලිය ඉල්ලා දිග හැරෙන සටන් පසුවය. වන ගහණය වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ඉහළින්ම තිබුණ ද මුළු මහත් මානව සමාජයම බරපතළ අනතුරකට හෙළමින් වන සංහාරය සිදු වන්නේ මෙසේය. තවත් ටික කලක් යන විට ඉතිරිව ඇති වන තීරු ද ශුද්ධ කර කුට්ටි කර විකිණීමේ ශාපලත් ජාවාරම ඇරැඹේ.
මෙම හේන් ගොවීන් සතුවද ඡන්ද බලය ඇති හෙයින් දේශපාලනඥයෝද නිහඬව සිටිති. නැතහොත් අණ පනත් වෙනස් කරමින් හෝ මෙම අනීතික ක්‍රියා දාමයට සහයෝගය දෙති. ඒ ඊළඟ මැතිවරණ ඉලක්ක කරගෙනය. රටපුරාම නිමාවක් නොමැතිව මහා පරිසර සංහාරයක් වන සංහාරයක් සිදු වන්නේ ඒ ආකාරයෙනි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මොනරාගල දිසාවන නිලධාරී භාණු දිසානායක මහතා අප පුවත් පතට ප්‍රකාශ කර තිබුණේ සියඹලාණ්ඩුව, කොටියාගල ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් දැනට කැලෑ නොවන අක්කර 25000 ක් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයාට පවරා දෙන බවය. ඒ රක්ෂිතයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින ගොවීන් අතර බෙදා දීමටය. භාණු දිසානායක මහතා තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ රටේ ඉඩම් නීතිය අනුව එක් ගොවියකුට උපරිමයෙන් දිය හැක්කේ ඉඩම් අක්කර දෙකක් වුවද මෙම ගොවීන්ට අක්කර පහ බැගින් ලබාදෙන බවය. මෙබඳු විසඳුම් නිර්දේශ වීම මගින් පෙනෙන්නේ රක්ෂිත බේරා ගැනීම කෙරෙහි නිලධාරීන්ගේ ඇති උවමනාවය. සිදුවිය යුත්තේත් එයමය.
මෙම නිලධාරීන්ට බැණ තර්ජනය කර දුර්මුඛ කළහොත් ඉතිරිව ඇති වනාන්තර මෙන්ම රක්ෂිත පද්ධතිය ද කොල්ලකරුවන්ගේ සැහැසි ග්‍රහණයට ගොදුරු වීම වැළැක්විය නොහැකිය.
(***)
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කැලෑ මෙහෙම වැනසුවොත් රටට කුමක් ඉතිරිවේද?